සති කිහිපයකට පසුව Zhan ඔහුගේ කාර්යාලයේ වාඩිවී සිටියේ අවධානයෙන් ලිපිගොනුවක් කියවමිනි. මෙහි අන්තර්ගත වූයේ shopping mall ප්‍රොජෙක්ට් එක සහ එය Xiao, Wang හා Nie ව්‍යාපාර තුනටම බලපාන ආකාරය ගැන තොරතුරු යි.Zhan එය කියවන්න කියවන්න තව ව්‍යාකූල වූවා පමණි. මන්ද එහි කිසිම අසාමාන්‍ය දෙයක් නොවීය. එය ඇත්තටම හොඳ ලාබදායී ව්‍යාපෘතියක් විය.
මේ මාතෘකාව ඔස්සේ Yubin සිදුකළ පළමු සොයා බැලීම මෙය නොවීය. නමුත් ඒ සෑම විටෙක ම ඔහුට ලැබී තිබුණේ මේ පිළිතුර ම පමණි.
ඉතින් Zhan Haoxuan ට දුරකථන ඇමතුමක් ගත්තේ ඔහුවත් අලුත් දෙයක් සොයාගන ඇති දැයි බැලීමටයි. නමුත් ඔහුව කනස්සල්ලට පත් කරමින් Haoxuan ට ද අලුත් කිසිම දෙයක් සොයා ගැනීමට හැකි වී තිබුණේ නැත.
ඊළඟට Zhan දුරකථන ඇමතුමක් ගත්තේ Zuocheng ටයි. මීට මසකට පෙර Zuocheng ඔහුගේ රියදුරු වෘත්තියෙන් ඉවත් වී undercover වැඩ කිරීමද නතර කර දැමූවේ එසේ කිරීමෙන් තව සොයා ගැනීමට දෙයක් තිබුනේ නැති නිසයි.
ඉතින් ඒ වෙනුවට ඔහු Wang Corperation එක අයිති කරගෙන තිබූ අනෙක් ව්‍යාපාර හා සිදු වූවා යැයි උපකල්පනය කළ හැකි මිනීමැරුම් පිළිබඳ සොයා බැලුවේය.
Zhuocheng ට දුරකථනයට පිළිතුරු දීමට යම් කාලයක් ගත විය.
" හෙලෝ "
අනෙක් පසින් මහා හඬින් වාදනය වන සංගීතය ද මිනිස්සුන්ගේ ඔල්වරසන් නාදය ද Zhan ට ඇසුණේ ය.
" ඔයා කොහෙද ඉන්නේ? මොකක්ද ඔය සද්දෙ? " Zhan ඇසීය.
" මොකක්ද??.. මට ඇහුනෙ නෑ.. ආ.. පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න.. සද්දේ අඩු තැනකට යන්නම්. " Zuocheng කෑගසා පැවසුවේය.
පසුතලය ශබ්දය අඩු වෙන බව ඇසුන විට Zhan ආගිය තොරතුරු කතා කිරීමට කාලයක් වැය නොකර වහාම ඇසීය,
" Yifeng ගැන මොනවා හරි හොයා ගත්තද? "
එහා පැත්තේ සිට Zuocheng සුසුමක් හෙලන ආකාරය Zhan ට ඇසීය.
" දෙයක් හොයා ගත්තා. ඒත් ඒකෙන් අපිට උදව්වක් වෙන්නේ නෑ. "
" ඒ කිව්වේ?. "
" Shing වගේම එයාගේ ඥාති සහෝදරයාත් මැරෙන්න ටිකකට කලින් Yifeng එයාගෙ account එකෙන් ලොකු මුදලක් අරන් තියෙනවා. මේ මිනී මැරුම් කරන්න එක්කෝ එක මිනිහෙක් එහෙම නැත්නම් ටීම් එකක් ම Yifeng සල්ලි වලට ගත්ත කියන එක පැහැදිලියි. ඒත් අපිට ඒක ඔප්පු කරන්න විදිහක් නෑ. තමන්ගෙ account එකෙන් සල්ලි ගන්නවා කියන්නේ අපරාධයක් නෙමෙයි නේ. "
YOU ARE READING
මගේ business marriage එක
Fanfictionවිසි අටයි... විසි දෙකයි.. එතකොට තමා ඒගොල්ලො හමු වුනේ. විවාහය නිසා බලෙන් එකට එකතු කලා. නමුත් ආදරය නිසා දෙන්නා එක් කෙනෙක් වුණා. ලෝකයේ හැමදාම අන්දකාරයෙ තිබෙනවා. ඉතින් ඒ දෙන්නා වටාත් අන්ධකාරය තිබෙනවා. ඔවුන් ගිල ගැනීමට සූදානම් වූ ඒ අන්ධකාරය.. ඔවුන් එය සම...