ඊළඟ දිනයේ දී Yibo අවදිවෙන විට උදෑසන 11 ද පසු වී තිබුණි. ඔහුගේ සිරුර දුර්වල බව බව දැනුනද හදවත සැහැල්ලු විය. ඔහු ඊයේ රාත්‍රියේ සිදුවූ දේවල් නැවත මතක් කරන විට Zhan කාමරයට ඇවිද ආවේය." ඔයා ඇහැරුනද?. Good Morning Yibo "
Zhan පැවසුවේ ලොකු ලොකු හසරැල්ලක් මුහුණේ ඇඳගෙනයි. එය Yiboගෙ හදවත උණුසුම් කර ආරක්ෂිත බව දැනුම් දුන්නේය.
" Good Morning Zhange " Yibo මද සිනහවක් සහිතව පිළිතුරු දුන්නේ ය.
" ඉතින් ඔයාට කොහොමද අද? " ඇඳ මත Yibo අසල ඉඳගත් Zhan ඇසුවේය.
" හොඳයි "
Zhan ඔහුගේ නළලත තම අල්ල තබා ටික වේලාවක් සිටියේය.
" හොඳයි ..උණ දැන් හොඳටම අඩුයි. ගිහින් මූණ හෝදන් එන්න. මම Madam Yuට කියන්නම් ඔයාගේ කෑම එක ගේන්න කියලා. "
Zhan ඔහුට washroom එකට යාමට උපකාර කර ඔහු වෙනුවෙන් ඇදුම් ද තේරුවේය.
විනාඩි විස්සකට පසුව Yibo නැවතත් ඇඳ ඇන්දට හේත්තු වී හිඳගෙන සිටියේ ය. ඔහුගේ ඉන දක්වා බ්ලැන්කට් එකකින් ආවරණය කර තිබුණේය. ඔහුගේ ඔඩොක්කුවෙ ආහාර බන්දේසියක් විය. එය මත තිබුණේ කැඳ කෝප්පයකි. Yibo ඒ දෙස බලා සිටියේ මූන දෙල් කරගෙනයි.
Zhan එතනම ඉදගෙහන ඔහු දෙස මද වේලාවක් බලාගෙන සිටියේය. ඉන්පසුව ඔහු හැන්ද අතට ගෙන Yiboගෙ අත මත තැබුවේය. කැද බදුන දෙසට අත දික්කරමින් කන ලෙස ඇඟවූයේ ය.
නමුත් Yibo අකීකරු ලෙස හිස දෙපසට වැනුවේ බෑ බව දැඩි ලෙස හඟවමිනි.
Zhan දිග සුසුමක් හෙලුවේය.ඉන්පසුව ඔහු තමා පිටුපස සඟවා තිබූ අනෙක් බඳුන ඉදිරියට ගත්තේය. ඔහු ඒ Yiboගෙ ප්‍රියතම රසකැවිලි පිරුණු බඳුන කැද කෝප්පය අසලින්ම තැබුවේය.
ඒ වර්ණවත් රසකැවිලි දුටුවිට Yiboගෙ දෑස් දිලිසෙන්නට විය. ඔහු සූදානම් වුණේ බඳුන තුළට පැනීමටයි. නමුත් ඊට පෙ Zhan ඒ බඳුන තම අතින් ආවරණය කර ගත්තේය.
" අහ්.අහ්. ආහ්.. ඉස්සෙල්ලා කැද එක කන්න ඕනේ.. "
" ඉස්සෙල්ලා මේක කන්නම්.. "
" නෑ... කැද ඉස්සල්ලා "
" මොකක්ද වෙනස? දෙකම මගේ බඩටනේ යන්නේ. "
BINABASA MO ANG
මගේ business marriage එක
Fanfictionවිසි අටයි... විසි දෙකයි.. එතකොට තමා ඒගොල්ලො හමු වුනේ. විවාහය නිසා බලෙන් එකට එකතු කලා. නමුත් ආදරය නිසා දෙන්නා එක් කෙනෙක් වුණා. ලෝකයේ හැමදාම අන්දකාරයෙ තිබෙනවා. ඉතින් ඒ දෙන්නා වටාත් අන්ධකාරය තිබෙනවා. ඔවුන් ගිල ගැනීමට සූදානම් වූ ඒ අන්ධකාරය.. ඔවුන් එය සම...