Chapter 84 -සුදු රෝස මලක්

440 66 6
                                    


ආපනශාලාව තුළට ඇවිද ගිය Yibo මුඛ ආවරණය ඉහලට අදිමින් හිස පහත් කර තබා ගත්තේය. එසේ වුනත් ඔහුව හඳුනා ගත් Mianmian අත වනා සිනා සෙන ගමන් අනෙකා පැමිණ ඇති බව තොල් හොලවමින් දුර ඉඳන්ම ඉගි කරාය. ඊළඟට තම පාරිභෝගිකයින් වෙත නැවත හැරුණාය.

ගත වූ වසර හය තුළ Yiboගෙ dancing academy එකේ මිතුරන් වැඩිහිටියන් බවට පත් වී තමන්ගේම පාරවල් වල දිව ගියේය. සමහරු නර්තන ක්ෂේත්‍රයේ ම නතර වන විට සමහර ව්‍යාපාර ලෝකයට ගියේය.

ඔවුන් පෙර සේ එකිනෙකාව දකින්නේ නැති උනත් කාලෙන් කාලෙට ඔවුහු Mianmian ට හිමි උන මේ ආපන ශාලාවේ දී එකට හමු වන්නෝය.

" මෙච්චර වෙලා තමුසේ මොකක්ද කරේ? පයින් ද ආවෙ? "

පෞද්ගලික කාමරයකට ඇවිද ගිය Yibo ව එසේ ආදරණීයව පිළිගත්තේ ඔහුගේ හොඳම මිතුරා ය.

" අනේ කටපියන් හිටපන්. මට වෙන වැඩ නෑ කියලද හිතන්නේ. මමත් බීසී. බල්ලා.. "

Yibo ත් ඒ පිළිගැනීමට ආදරණීයව ප්‍රතිචාර දැක්වූයේ ය.

" ඔව් ඔව්.. අපිට පේනවා ඔහේට හරියට වැඩ කියලා.. " Yuchen එසේ කට ඇද කර කීවේ Yiboගෙ බෙල්ල දෙස බලාගෙනයි.

ඒ බැල්ම නිසා නළල රැඳි කරගත් Yibo අපහසුවෙන් හිස පහත් කරමින් තම බෙල්ල හා උරහිස දෙස බැලුවේ ය. ඊළඟට දෑස් පියාගෙන හිත ඇතුලෙන් " Zhange...! " කියා කෑගැසුවේය.

Love bites. Yibo තරුණ ගැහැනු ළමයි පිරිමි ළමයි ඉදිරියේ දිනපතා පෙනී හිටීම Zhan දරා ගත්තේ එසේය. Yibo ට ලං වන ඕනෑම අයෙකුට ඔහුට අයිතිකාරයකු සිටිනා බවට කියන පොඩි මතක සටහනක් විය.

ඇත්තෙන්ම එය පුංචි සැපුමක් වූයේ Yiboගෙ වාසනාවටය. XZ අකුරු ඔහුගේ බෙල්ලේ ගැසීම ට Zhanගෙ උත්සාහය නතර කිරීමට ඔහු සමත් වී තිබීම භාග්‍යයකි.

එය පහසු කාර්යයක් නොවීය. Brand කිරීමට තමා හරකෙක් නොවන බව කියමින් Yibo රණ්ඩු වූයේ අවසානයේ දී දික්කසාදය ද යොදාගෙන තර්ජනය කිරීමට සිදු වන විටයි. Zhan ව අතහැර දමා ඔහු අල්ලපු කාමරයට ද ගිය අතර ඔහු පසුපස පැමිණ Zhan ඔහුට ආදරයෙන් කතාකර, ඔහුව වර්ණනා කර, ඔහුව අගය කර නැවත එසේ නොකරන බවට පොරොන්දු විය.

මගේ business marriage එකNơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ