සෝෆා එකේ ඉඳගෙන සිටි Yibo දුරකථන සංවාදයක නියැලී සිටියේය. මේ අතර Zhan මුළුතැන්ගෙයට වී ඔවුන්ගේ උදය ආහාරය පිසමින් සිටියේය.ඔහු Zhan ට උපකාර කිරීමට උත්සාහ කර තිබුණි. කෙසේ නමුත් පිඟන් කිහිපයක් බිඳ දමා තව පොඩ්ඩෙන් ඇඟිලි පහත් කපා ගැනීමෙන් පසුව Yibo මුළුතැන්ගෙයින් ඈත් වී සිටීම නුවණැති බව ඔවුන් දෙදෙනාම තීරණය කළෝය.
" ම්න්න් "
" හරි. "
" හොඳයි "
" නෑ මම කරේ නෑ.. "
" හරි මම කරන්නේ නෑ.. "
" එහෙම නෑ... "
" ඕ.. මම සෝෆා එකට වෙලා චිප්ස් කන්නේ නෑ.. "
" හරි එහෙම කරන්නම්. "
" එයා කුස්සියේ "
" ආ ඉන්න "
දුරකථනයෙන් එක අතකින් තබාගෙනම Yibo නැගිට්ටේය. අතේ තිබූ චිප්ස් බෑග් එක මේසේ මතින් තිබූ ඔහු ඇඳුමේ හැලී තිබූ චිප්ස් කුඩු බිමට ගසා දැමුවේය.
ඊළඟට මුළුතැන්ගේ දෙසට ඇවිද ගිය ඔහු Zhan ට දුරකථනය දුන්නේ ය.
" ඔව් Madam Yu? "
" ඔව් මම උයනවා "
" ඔව් "
" හරි මම කරන්නම් "
" හරි. ඒ ගැන වදවෙන්න එපා Madam Yu. මම ඒක බලාගන්නම්. මම මෙයාට ගේ ගිනි තියන්න දෙන්නේ නෑ.. "
" හරි. අපි පරිස්සමින් ඉන්නම් "
" good bye "
ඒ දුරකථන සංවාදයට පසුව ඔවුහු උදෑසන ආහාරය ලබා ගත්තෝය.
කෑම මේසේ තිබූ සෑම ව්යංජනයක් ම Zhan විසින්ම සාදා තිබුණි. ඉමහත් රසවත් වූ ඒ ආහාර වේල දෙවැනි වූයේ Madam Yu ගෙ ඉවීමට පමණි.
" Zhange ... ඔයාට බැරි දෙයක් මේ ලෝකෙ නෑනේ.. ඔක්කොම පුළුවන්නේ.. ඇත්තට බැරි දෙයක් නැද්ද Zhange ?? " Yibo ප්රසාදයෙන් ඇසුවේ කෑම පිඟන් නැවත මුළුතැන්ගෙට අරගෙන යන විටයි.
" ම්ම්ම්.. මිනිස්සු එක්ක කතා කරන එක, අලුතෙන් යාලුවෝ හදාගන්න එක, නටන එක , ස්පෝර්ට්ස්.." Zhan බරපතළ ලෙස පැවසුවේ Yibo ව හුරතල් ලෙස හිනා ගස්සමිනි.
YOU ARE READING
මගේ business marriage එක
Fanfictionවිසි අටයි... විසි දෙකයි.. එතකොට තමා ඒගොල්ලො හමු වුනේ. විවාහය නිසා බලෙන් එකට එකතු කලා. නමුත් ආදරය නිසා දෙන්නා එක් කෙනෙක් වුණා. ලෝකයේ හැමදාම අන්දකාරයෙ තිබෙනවා. ඉතින් ඒ දෙන්නා වටාත් අන්ධකාරය තිබෙනවා. ඔවුන් ගිල ගැනීමට සූදානම් වූ ඒ අන්ධකාරය.. ඔවුන් එය සම...