Chapter 55 - ආරංචිය

413 108 21
                                    


Wang Yifeng ගෙ අත්තඩංගුව ගැන සියලු වගතුග ව්‍යාපාරික ලෝකයේ ඉක්මනින්ම පැතිර ගියේය. බොහෝ දෙනා ඔහුට විරුද්ධව තිබූ චෝදනා වලින් පුදුමයට පත් වුණේ නැතත් ඔහුව අත්අඩංගුවට ගත් බවින් නම් පුදුමයට පත්විය. මන්ද මේ ගතවූ වසර ගණනාව පුරාම Yifeng හැසිරී තිබුණේ ඔහු නීතිය ඉදිරියේ අදුශ්‍යමාන ලෙසයි.

ඔහුගේ අත්අඩංගුව නිසා පමණක්ම Wang Corperation එකට ඔවුන්ගේ ව්‍යාපාරික සගයන් හා ව්‍යාපාරික ගනුදෙනු අර්ධයකටත් වඩා නැති විය. තවදුරටත් කිසිම අයකුට Wang Corperation එක සමඟ සම්බන්ධතා ගොඩනගා ගැනීමට ඕන වුනේ නැත.

එසේම පසුව හෙළිවූයේ Wang Corperation එක සමග එකට කටයුතු කළ බොහෝ ව්‍යාපාරිකයින් එසේ කර තිබුණේ Wang Corperation එකට විරුද්ධ පැත්තකින් සිට ගැනීමට තිබූ බිය නිසාම පමණක් බවයි.

මෙයත් සමගම Wang Corperation එකෙහි ප්‍රතිරූපය බිඳ වැටෙන්නට පටන් ගත්තේය. Wang Corperation එක මගින් නිෂ්පාදනය කරන ලද සහ විකුණන ලද සියලුම බඩු භාණ්ඩ ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන ලදී.

ඊළඟට Wang පවුලේ ප්‍රතිරූපය බිඳවැටීමට පටන් ගත්තේය. එහි ප්‍රතිඵලයක් වශයෙන් Wang පවුල මගින් සඟවා තිබූ පරණ සිදුවීම් සියල්ලම මාධ්‍ය හාරා අවුස්සන්නට යොමු විය.

එයින් හෙළි වූයේ Wang Corperation එක ආරම්භ වූ මුල් කාලයේ සිටම එහි වැඩ කළ කාන්තාවන්ට වෙනස්කම් කරමින් ( discrimination against women ) ක්‍රියා කළ වගයි. මේ ගැටලුව ඒ කාලයේ ප්‍රචලිත ගැටලුවක් වුණ අතර එය ගැන හොඳ අවබෝධයක් තිබුණ Wang පවුල ඒ ගැටලුව නොතකා හැරිය අතර ඒ පිළිබඳ කතාකිරීමට උත්සාහ කළ සියලු දෙනාවම නිශ්ශබ්ද කළේය.

එයත් සමගම හෙළි වූයේ Wang Haikkuan ගෙ වැඩිමහල් දරුවා වූ Wang Shiren ව්‍යාපාරික විවාහයකට බලෙන් තල්ලු කර තිබුණේ Wang Corperation එකෙහි සුභ සාධනය වෙනුවෙන් බවයි. " Wang පවුල තමන්ගේම දැරියක් මුදල් සඳහා විකුණන ලදී " ලෙසින් පත්තර වාර්තාකරුවන් ලොකු තද අකුරෙන් ලිවීමට අමතක නොකෙරූවෝය..

Wang පවුලට එරෙහිව කෝපය ඉහලට දළු ලන්නට විය. කරුණාවන්ත හා සාධාරණ Mr. Wang Haikkuan ට වත් ඒ කෝපයෙන් සමාවක් නොවිය. Wang Yibo සහ Wang Shiren යන දෙදෙනා හැර Wang පවුලට උපත ලද හෝ විවාහයෙන් පැමිණි සියලු දෙනාගේම නමේ කැලලක් ඇඳුනේ අසත්‍ය තොරතුරුත් ප්‍රචාරය වෙන්න පටන් ගත් විටයි.

මගේ business marriage එකDonde viven las historias. Descúbrelo ahora