Chapter 71 - ඡායාරූප

410 82 46
                                    


" ඌ ඇහැරුනා Zhan. " දුරකතනය කනේ තබා ගත් Zhan ට Zuocheng පළමුවෙන්ම පැවසුවේ එයයි.

" එහෙමද?.. මම හිතුවේ නෑ එයා කවදාවත් ඇහැරෙයි කියලා. කතා කරන්න පුලුවන්ද? "

" පොර ඇහැරුනේ ඊයේ. තත්වේ ගැන පැහැදිලි අවබෝධයක් නැතිව මට ඔයාට කියන්න ඕනෑ වුණේ නෑ.
පොර ඇත්තටම බෙල්ලෙ ඉඳලා පහලට පැරලයිස් වෙලා ඉන්නේ . ඔලුව හොල්ලන්න පුළුවන්. එච්චරයි.
ඌට ඊයේ කතා කර ගන්නවත් බැරුව හිටියේ. මම හිතුවේ කතා කරන්නත් දවස් ගානක් යයි කියලා. ඒත් ඌට පුදුම හයියක් තියෙන්නේ. මේ වෙද්දිත් සම්පූර්ණ සිහියට ඇවිල්ලා ඉන්නේ. ඔක්කොම දේවල් මතකයි. කතා කරද්දි පොඩ්ඩක් අපහැදිළියි. ඒ උනාට කතා කරන්න පුළුවන්. "

Zhan සුසුමක් හෙලුවේ ය. මෙයට කෙසේ ප්‍රතිචාර දැක්වීමට ද කියා ඔහු නොදන්නේය. ඔහුගෙන් එක කොටසක් ප්‍රාර්ථනා කළේ මේ මිනිසා කවදාවත් අවදි නොවන බවයි. නමුත් තව කොටසකට අවශ්‍ය වූයේ ඔහු ඔහුට සුදුසු දඬුවම විඳීමයි.

නමුත් ඇත්තෙන්ම මේ වගේ අවස්ථාවලදී මරණය ද එහෙම නැත්තං ජීවිතේ ද සුදුසු දඬුවම කියලා තීරණය කරන්න ගොඩක් අමාරුයි.

" ඔයා කවද ද එයාව ප්‍රශ්න කරන්න ගන්නේ..? "

" අද ම ගන්නවා. මං හිතන්නේ නැහැ කතා කරවන්න ගොඩාක් අමාරු වෙයි කියලා. මේ වගේ මිනී මරුවෝ හරි කැමතියි තමන්ගේ මිනී මැරුම් ගැන ලොකුකම් කියන්න. ටිකක් අවුස්සලා ගත්තම ඇති.
අනිත් එක ඒ මිනිහට දැන් වෙන කරගන්න දෙයක් බෑනේ. කතා කරන්න විතරයි පුළුවන්. "

" හ්ම්ම්... A - Cheng "

" ඕ ? " Zuocheng ගෙ කටහඬ මෘදු විය. Zhan ඔහුට A-Cheng කියා පවසන සෑම විටකම එසේ පැවසුවේ වැදගත් දෙයක් කතා කරන්න යන විටයි.

Zhan ඔහුගේ නලලත අත ගාමින් ටික මොහොතක් නිශ්ශබ්දව සිටියේය.

" දැන් මාස ගානක් ගිහින්. ඇයි එයාව තාම අල්ලගෙන නැත්තෙ? "

Zuocheng දිගු සුසුමක් ඇදගත්තේ ඔහු මේ කියන දේ ගැන හොඳින් දැන ගෙනයි.

" Zhan මං දන්නවා අපි හිතුවට වඩා ලොකු කාලයක් මේකට ගියා කියලා. ඒත් අපි ඉක්මනට ඌව අල්ලනවා. මිනිහ හොඳට හැංගිලා ඉන්නේ. ඒත් ඌට ඉක්මනට එළියට එන්න සිද්දවෙයි. එතකොට අපි ඌව අල්ලනවා. "

මගේ business marriage එකWhere stories live. Discover now