Chapter 46 - මැජික් බලයක් 1 කොටස

501 119 15
                                    


Zhan දෑස් විවෘත කළේ ඔහුගේ දෑත් හිස් වී ඇති බව දැනුන නිසයි. අත්වල මදි පාඩුව ඔහුට ඈතින් නිදා සිටිනවා ඔහු දුටුවේය.

Yibo ආයෙත් රෝල් වෙන්නයි යන්නේ..

ඔහු දැනටමත් සිටියේ ඇදේ කෙලවරේ ය. තව පාරක් රෝල් වුණොත් බිමට වැටෙන බව නම් නිසැකයි. ඒ නිසා තමයි Zhanගෙ දිග අත ඔහු හිතන්නත් කලින් ප්‍රතිචාර දැක්වූයේ..

Zhan ඔහුගේ කමිසය පිටිපස්සෙන් අල්ලා ගත්තේය. ඊළඟට නිදා සිටි මිනිසාව තමා දෙසට ඇද ගත්තේ තම පපුවේ මේ මිනිසාගේ කොන්ද වැඳෙන විදිහටයි.

Zhan ඇඳ මත හිඳ ගත්තේය. හැබැයි ඊට කලින් Yibo වටේ කකුල දමාගන්නට අමතක කරේ නැත. ෂුවර් නෑ නේ.. ආයෙ රෝල් වෙලා ගියොත් එහෙම..

ටික වෙලාවක් හොයලා බලද්දි Zhan දැක්කෙ ඇඳ කෙළවරේ තියල තිබූ කොට්ටය මේ වන වනකොට බිමට පයින් ගහලා ඇති බවයි.

මෙය Yiboගෙ නිදාගැනීමේ විලාසයයි. එක තැනක නං ඉන්නට ම බැරි ය. වමට දකුණට...දකුනට වමට රෝල් වන්නේය..

Yibo හරියට නගර දෙකක් අතර ගමන් කරන බස් එකක් වගේයි. Zhan තමා මේ නගර දෙක අතර තියන ගිමන්හල. හැබැයි මේ ගිමන්හලෙන් කෑම බීම වෙනුවට ඔහුට ලැබෙන්නේ වැළඳ ගැනීම් හා සිප ගැනීම් ය.

Yibo මුළු රාත්‍රියම රෝල් වෙවී ගත කරත් සෑම විටම නින්දෙන්ම Zhan සොයා එන්නේ ය. හැබැයි කලාතුරකින් දවසක ඔහු රෝල් වෙලා ඇඳෙන් බිමට ද වැටෙන්නේ ය. ඒ නිසා තමයි සෑම රාත්‍රියකම නින්දට පෙර Zhan ලොකු කොට්ට දෙකක් ඇඳේ දෙකෙළවර තබන්නේ..

එහෙම තමයි Zhan ඔහුට මාර්ග බාධකයක් දමන්නේ.. එතකොට දැන් ගමන නතර කරලා ආයේ Zhan ළඟට යන්න වෙලාව ඇවිත් කියලා ඔහු දැන ගන්නවනේ...

ඇඳෙන් බැසලා අර කොට්ටය අහුලගන්න Zhan කම්මැලි විය. ඉතින් ඔහු අර ඔවුන් Amazement Park ගියපු වෙලේ මිලදී ගෙන තිබුණ විශාල පුලුන් පුරෝපු හාවා ව ද කෙලවරින් තැබුවේය .

ආයෙත් ඇඳ මත පැත්තෙන් වැතිරුණ Zhan Yiboගෙ හිස යටින් තම වම් අත තල්ලු කළේ Yibo වෙනුවෙන් කොට්ටයක් බවට එය පරිවර්තනය කරමිනි. ඔහු අනික් අත Yibo ගෙ බඳ වටා ඔතා ගත්තේ ඔහුව තවත් ළං කර ගනිමිනි.

මගේ business marriage එකNơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ