Chapter 5 - හොඳම කෙනා

1.1K 214 36
                                    


Zhan සිටි කාර් රථය xxx හෝටලය වෙත ගමන් කරමින් තිබුණේ ය. මෙදින මීටින් එක මෙම හෝටලයේ පැවතෙන අතර මෙයට කීර්තිමත් corporation දෙකක CEO දෙදෙනෙක් ද සහභාගි වේ. සෑම මසකම එකම දිනයේ දී එකම ස්ථානයේ දී හමු වන මොවුන් තිදෙනා එකට දහවල් ආහාරය ගනිමින් සාකච්ඡා කරනුයේ ඔවුන්ගේ ත්‍රිත්ව නායකත්වය ඔස්සේ පවත්වාගෙන යන shopping mall ප්‍රොජෙක්ට් එක ගැනයි.

Zhan සෑම මසකම මෙම දිනයට බොහෝ අකමැතිය. ඔහු අනෙක් දෙදෙනා ඉදිරියේ යම් අත් වරදක් කරයිද යැයි ඔහු කණස්සල්ලට පත් විය. Xiao Corporation නියෝජනය කරන්නේ ඔහුයි. ඉතින් මොවුන් දෙදෙනා ඉදිරියේ දුර්වල ලෙස නොපෙනෙන සේ සිටීම ද තම බිස්නස් එක ගැන ඕනෑවට වඩා තොරතුරු නොදීමටද ඔහුට වග බලා ගන්නට සිදුවුණි.

ඉතින් ඔහුට හැමදාම මෙදින කලබල සහිත දිනයකි. නමුත් අද............. අද එසේ නොවෙයි...

අද ඔහුට කිසිදු අපහසුවක් නැත. ඔහු හඳටත් එහා ගොසින් සේ සතුටින් ය.

ඔහුට දැනුනේ අද නම් සියල්ල සර්ව සම්පූර්ණ භවය යි. දේශගුණයද ඉතා හොඳයි..... ඔව් ටිකක් වහිනවා තමා ...ඒත් මොකද .... ජලය කියන්නේ මිනිසුන්ගේ ප්‍රධාන අවශ්‍යතාවයක්... ඉතින් වහින එක කොච්චර හොඳද??

ඔහුගේ කන් දෙක පිරි ගියේ කිරිල්ලියන් ගේ කුරුල්ලන්ගේ මිහිරි නාදයෙන් නොව highway එකේ වූ වාහන වල නලා නාදයෙනි. අද ඒවා ඔහුගේ කනට සංගීතයකි.

Zhan හිස වනමින් මුමුණන්නට වූයේ ගීත වල තමාට මතක කොටස් වලින් එකතු කර තමා විසින්ම නිෂ්පාදනය කොට ගත් ඔහුගේ ම නිර්මානයකි..

ඔහු දිග හුස්මක් ගත්තේ පරිසරයේ නැවුම් වාතාශ්‍රය පෙනහලු තුළට උරා ගනිමිනි.. ඔව්.. එතරම් නැවුම් නැත. කාබන්මොනොක්සයිඩ්, gasolin ,පෙට්‍රල් එසේම දුමද ඔහුගේ පෙනහලු තුළට ගමන් කළ ද ඔහු හිතුවේ වාතාශ්‍රය ඉතා අනර්ඝ බවයි.

ඔහු හැරී තම රියදුරා වන Mr. Jiang දෙසට හැරී පැවසුවේය ,

" හරිම ලස්සන දවසක් නේද ?.. ගමනක් යන්න කියාපු දවස! නියම දේශගුණය නේද??.. "

Mr.Jiang අන්දුන් කුන්දුන් විය.

එය මොරසූරන වැස්සකි.. ඔවුන් සිටියේ highway එකේ මැද දැඩි වාහන තදබදයකට මුහුණ දෙමිනි.. වාහන වල රියදුරන් තම නාලා වාදනය කළේ හරියට ඔවුන් එය උඩ ඉඳ සිටින සේය. ඔවුන් එකිනෙකාට බැණ වදිමින් කෑගසමින් සිටියෝ ය. ඒ සියල්ලටත් වඩා ඔහුගේ boss වෙනදාට ඔහු ඉතා වගකීම් සහිත පුද්ගලයකු ලෙස පෙනී සිටීමට උත්සාහ කළ ඒ මීටින් එකට අද බොහෝ ප්‍රමාදය..

මගේ business marriage එකWhere stories live. Discover now