ඔවුන්ගේ විවාහ උත්සවයට පසු දිනම Yibo ට Zhan ගෙන් credit card එකක් ලැබී තිබුණි. නමුත් මුල් කාලයේ දී ඒ පොඩි කාඩ් එකෙන් කලහැකි දේ ගැන වැඩි අවබෝධයක් Yibo ට තිබුණේ නැත. ඔහු නිවසින් පිටතට යෑම අවම වූ අතර මිලදී ගන්නට කියා දෙයක් අවශ්‍ය නොවීය.නමුත් ඔහු dancing academy එකට සහභාගි වී මිතුරන් සමඟ නගරයේ ඇවිදින්න යාමට තරම් ඔවුන්ට සමීප වූ පසුව ඔහු ක්‍රෙඩිට් කාඩ් එකේ තිබුන මැජික් බලය හඳුනාගත්තේය.
ඉන් ඕනෑම දෙයක් මිලදී ගැනීමට හැකි වූ අතර කිසිදිනක මුදල් අවසන් වීමක් සිදු නොවීය. Yibo ට දැනුනේ එය මුදල් නිෂ්පාදනය කරන බවයි. ඉතින් එය Yiboගෙ අධිමාත්‍ර වියදම් කිරීමේ ආරම්භය විය.
කිසිම වටිනාකමක් නොතිබුණ හරි වචනයෙන් කිව්වොත් කුණු ගොඩවල්
ඔහු විශාල මුදලකට මිලදී ගත්තේය. ක්‍රෙඩිට් කාඩ් එක මුදල් උනන ළිදක් මෙන් වූ නිසා ඔහු මිල ගැන වද වුනේ නැත.Zhan යනු කවදත් මුදල් අපතේ නොයවන පුද්ගලයෙකි. නමුත් මෙහිදී ගැටලුවක් වුනේ තම ස්වාමියා අදාල වන සෑම අවස්ථාවකදීම Zhanගෙ බුද්ධිය දොරෙන් පැන දුවන්නේ ආදරයෙන් මෝඩ වූ ආදරවන්තයෙක් ඉතිරි කරමින් වීමයි.
අලුතෙන් මිලදීගත් සියල්ල පපුවට තදකරගෙන Yibo නිවස තුලට දුවගෙන එන්නේ ,
" Zhangeeeee, මේ බලන්නකො මම අද ගත්ත එක... "
ඒ සෑම වතාවකම Zhanගෙ පිළිතුර එකම විය.
" ආ.. ශෝක් නේ " කියා ඔහු හා සිනාසෙන Zhan නැවතත් පෙර කරමින් සිටි කාරයට අවධානය යොමු කරන්නේ ය.
Yibo,
" Zhangeeeee, මේ.... මම ටජ්මහල් අරගෙන ආවා.. " කියාගෙන දුවගෙන ආවත් Zhanගෙ පිළිතුරේ නම් වෙනසක් නැත.
ඉතින් Yiboගෙ වියදම් කිරීමේ කිසිම වරදක් Zhan නොදකින බව පැවසීම අනවශ්‍යය.
ඉතින් යම් දිනක Yibo rice cooker එකක කැඩුණු පියනක් කාර් එකක් ගත හැකි මුදලකට අරගෙන ගෙදරට එන විට මීට අත දැමීමට Madam Yu තීරණය කළාය.
ඊළඟ දිනයේ උදෑසන Madam Yu ඔහුගේ ක්‍රෙඩිට් කාඩ් එක රාජසන්තක කළ අතර මුදල් භාවිතා කිරීමට ඉගෙන ගත් පසු ආපසු දෙන බව පැවසුවාය.
YOU ARE READING
මගේ business marriage එක
Fanfictionවිසි අටයි... විසි දෙකයි.. එතකොට තමා ඒගොල්ලො හමු වුනේ. විවාහය නිසා බලෙන් එකට එකතු කලා. නමුත් ආදරය නිසා දෙන්නා එක් කෙනෙක් වුණා. ලෝකයේ හැමදාම අන්දකාරයෙ තිබෙනවා. ඉතින් ඒ දෙන්නා වටාත් අන්ධකාරය තිබෙනවා. ඔවුන් ගිල ගැනීමට සූදානම් වූ ඒ අන්ධකාරය.. ඔවුන් එය සම...