Wang මන්දිරයේ ඛේදවාචකය සිදුවී මාසයක්ම ගෙවී ඇත. ග්‍රාමීය ප්‍රදේශයක හිස් වූ මාවතක කළු පැහැති කාර් රථයක් ධාවනය විය. එය උදෑසන වූ නමුත් මාවත දෙපස වූ උස ගස් නිසා මාර්ගය අඳුරු වී ඇත.
හෙවන යටින් ධාවනය වූ කාර් රථය අවසානයේ දී ගමනාන්තයට ළඟා විය.කාර් රථය මාවතේ පැත්තකින් නතර කළ Zhan හැරී පදික අසුනේ ඉඳ සිටි Yibo දෙස බැලුවේය. ඔහු ඔහුගේ ඔඩොක්කුව මත තබාගෙන තිබූ අත් දෙස බලාගෙනම සිටියේ ඔවුන් ගමනාන්තයට ළඟා වී ඇති බව නොදැනයි.
පහුගිය මාසේ පුරාම Yibo ගෙ හැසිරීම මෙලෙසමයි. වැඩිය ක්‍රියාශීලී නොවූ නතර හැමවෙලේම කල්පනා කළේය. එසේම Zhan ඔහුට එලෙසම සිටින්නට ඉඩ හැරියේය. ඔහුට හිතන්න දේවල් බොහෝ ඇති බව Zhan ට වැටහුනේය.
ආසන පටිය ගැල වූ Zhan රථයෙන් බැස ගත්තේය. රථය ඉදිරියෙන් ගමන් කර Yiboගෙ පැත්තේ දොර විවෘත කළේය. දොර විවෘත වී ඇති බවවත් Yiboට වැටහුනේ නැත. සිහියක් නැතිව අත් දෙක දෙස බලාගෙන සිටියේය.
Zhan ඔහු ඉදිරියේ බිමට පහත් වී බාගෙට ඉඳගෙන ඔහුගේ මුහුණ දෙස බැලුවේය. ඔහු එවිට වත් Zhan ව දුටුවේ නැත. ඉතින් Zhan ඔහුගේ කොපුල මතට හිමින් තට්ටුවක් දැමීම.
" Bo, අපි ආවා. " නිදා සිටින කෙනෙක් අවදි කරනවා සේ Zhan මෘදු ව කතා කළේය.
හිස හරවා බැලූ Yibo ට ඔහු සුන්දර හසරැල්ලක් තිළිණ කළේය.
Yibo ඔහු දෙස අලස මුහුණකින් බලා සිටියේය. නිශ්ශබ්දතාවයකින් අනතුරුව ඔහු මෙසේ ඇසුවේය,
" Zhange "
" ඔව්? "
" ඇයි මගේ අයියා මැරුණේ? "
නිශ්ශබ්දතාවයක් විය. ඔහු ආයෙත් ඇසුවේය,
" එයා හොදම කෙනෙක් නෙමෙයි තමා. ඒත් එයා වෙන කෙනෙක්ගෙ ජීවිතයක් උදුරගත්තේ නෑ. එහෙනම් ඇයි? ඇයි එයාගේ ජීවිතේ උදුරගත්තේ? "
Zhan පුදුම වූයේ නැත. මෙවන් ප්‍රශ්නයකට පිළිතුරු දීමට සිදුවෙන බව ඔහු දැන සිටියේය. ඔහු පිළිතුරු දීමට පැකිලුනේ නැත. තම අත දිගුකර ඔහු Yiboගෙ අත අල්ලා ගත්තේය. ඔහුගේ පිට අල්ල හෙමින් අත ගෑවේය.
YOU ARE READING
මගේ business marriage එක
Fanfictionවිසි අටයි... විසි දෙකයි.. එතකොට තමා ඒගොල්ලො හමු වුනේ. විවාහය නිසා බලෙන් එකට එකතු කලා. නමුත් ආදරය නිසා දෙන්නා එක් කෙනෙක් වුණා. ලෝකයේ හැමදාම අන්දකාරයෙ තිබෙනවා. ඉතින් ඒ දෙන්නා වටාත් අන්ධකාරය තිබෙනවා. ඔවුන් ගිල ගැනීමට සූදානම් වූ ඒ අන්ධකාරය.. ඔවුන් එය සම...