Zhan උදෑසනම වැඩට යාමට සූදානමින් සිටින විට දොරට තට්ටු කරන්න හඬ ඇසුණේ ය. Madam Yu දැකීමේ බලාපොරොත්තුවෙන් දොර ඇරියද එහි සිටියේ ඇය නම් නොවෙයි." Yibo , ඔයා මොකද මෙතන ?. "
" Good morning Zhange. ආ .....මෙන්න.. "
Yibo ඔහු දෙසට අත දික් කරන විට අතේ තිබුණේ ඔහුගේ මොබයිල් ෆෝන් එකයි.
" ආහ් ? "
" ඕකෙන් ඔයාගේ එකට කෝල් එකක් ගන්න. එතකොට මට පුළුවන් ඔයාගේ නම්බර් එක සේව් කර ගන්න ඔයාට පුළුවන් මගෙ එක සේව් කරගන්න. "
" ආහ් ?. "
" ඔයා ආයෙ පරක්කු වෙනකොට මට කෙලින්ම කෝල් කරන්න පුළුවන් නේ එතකොට."
" ආ... ඔව් ඔව්.. ඒක හරි. ඒක හරි.. "
Zhan ඉතා සන්සුන්ව මෙසේ පැවසුවද ඔහු හිත ඇතුලෙන් කෑගැසුවේ දෙයියනේ... මගේ නම්බර් එක ඕනලු දෙයියනේ ....යැයි පවසමිනි
Yibo ඔහු දෙස කෙළින් බලා සිටියේ නම්බර් එක ඔබන තුරුයි. නමුත් Zhan හිස වනමින් මෙසේ කිය කිය සිටියේය.
" ඔව් ... හරි හරි.. ඔව් ඒකටනෙ phones තියෙන්නේ... ඔව් . ඒක තමයි.. ඒක තමා.. "
" ඉතින්....... කෝල් කරන්න. "
" ආහ් ඔව් මං දැන් කෝල් කරන්ඩ ඕන නේ ... හරි.. හරි.. මං ඒකට... ඒකට..මුලින් නම් ගහන්ඩ ඕනේ... " Zhan ගොත ගසන්නට විය.
මේ ඉතා බලවත් Xiao Corporation හි නායකයා වූ බුද්ධිමත් දක්ෂ Xiao Zhan ට හදිසියේම ඔහුගේම දුරකථන අංකය අමතක වී තිබුණි. ඔහුගේ මනස සුදු කඩදාසියක් මෙන් හිස් ව ඇත.
"... ආ.. මගේ number එක.. හරි හරි මගේ number එක.... ආ... ඉන්නකෝ.. මන් මගේ ෆෝන් එක දෙන්නම්.. ඔයා ඒකෙන් ඔයාගේ එකට කෝල් කරන්න.. මොකද...... මොකද... මගේ එකට මොකද්ද වෙලා..... ඒකට calls එන්නෙ නෑ.. ඔව් ඒක තමයි.. ඒකට calls එන්නෙ නෑ... "
" හරි එහෙනම් මට දෙන්නකෝ.. "
Yibo නැවතත් අත දික් කලේ ය.
" දෙන්න? මොකක් දෙන්න ද? "
" ෆෝන් එක "
" ආ හරි .හරි ... මගේ ෆෝන් එක...... මගේ ෆෝන් එක ..... කොහෙද මගේ ෆෝන් එක.... "
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
Yubin තම ඔෆිස් කාමරයට වි හිස කසමින් කල්පනා කර කර සිටියේ අරයට දැන් මොකක් වෙලාද කිය සිතමිනි. එයාගෙ බොස් එන්න එන්නම අමුතු වෙනවා.
YOU ARE READING
මගේ business marriage එක
Fanfictionවිසි අටයි... විසි දෙකයි.. එතකොට තමා ඒගොල්ලො හමු වුනේ. විවාහය නිසා බලෙන් එකට එකතු කලා. නමුත් ආදරය නිසා දෙන්නා එක් කෙනෙක් වුණා. ලෝකයේ හැමදාම අන්දකාරයෙ තිබෙනවා. ඉතින් ඒ දෙන්නා වටාත් අන්ධකාරය තිබෙනවා. ඔවුන් ගිල ගැනීමට සූදානම් වූ ඒ අන්ධකාරය.. ඔවුන් එය සම...