Chapter 12 - නරක හීන

963 190 12
                                    


Zhan ඔහුව සෑම තැනම හෙව්වේ ය. ඔහු නිවස ඇතුලේ ද නැත. එළියේ ද නැත. Zhan ළමයින් සෙල්ලම් කරමින් සිටි ක්‍රීඩාපිටියේ ද බැලුවේය. නමුත් ඔහු එහි ද නැත. Zhan නැවත නැවත ඔහුට කෝල් කළේය. ඔහු ෆෝන් එක ඉස්සුවේ නැත.

ඔහුට අවධානය නොදීම පිළිබඳව Zhan තමාටම බැන ගත්තේය. Nie මන්දිරය ඉතා විශාල තැනකි. Zhan මේ නිවසට කොතෙක් තරම් පැමිණ තිබුණද ඔහුටත් සමහර වෙලාවට පාර සොයා ගැනීමට නොහැක. ඉතින් Yibo ලේසියෙන්ම අතරමං වන බව නිසැකය.

ඔහුව කොහෙවත් හොයා ගන්නට බැරි වන විට Zhan කලබල වන්නට පටන් ගත්තේය. වේගෙන් ගැහෙන හදවතත් සමග ඔහු ආපහු car park එකට ඇවිදින්නට විය. තව බැලීමට ඉතිරිව තිබුණේ එහි පමණි. Zhan නොදැනුවත්වම ඔහු දුවන්න පටන් අරන් තිබුණි.

ඔහුගෙ වේගවත් අඩි නතර වුණේ ඔවුන්ගේ කාර් එකට හේත්තුවී හිටන් හිටි තරුණයෙකු දුටු විටයි. මේ තරුණයා සීතලෙන් වෙවුලමින් සිටියේය. මොහු කවුද යන වග තේරුම් ගැනීමට Zhan ට ගතවූයේ තප්පර පමණි. අවසානයේ දී Zhan සැනසුම් සුසුමක් හෙළීය.

" Yibo... " Zhan ඔහුට කතා කළේ වඩා වේගයෙන් අඩි තබමිනි.

Yibo හිස ඔසවා ඔහු දෙස බැලීය. නමුත් තත්පරයකට පමණි. ඔහු නැවතත් බිම බලාගත්තේය.

" Yibo, මොකද ඔයා මෙතන කරන්නේ? ඇයි මට කියන්නේ නැතිව ආවෙ? මම බය උනා නේ.. "

Yibo පිළිතුරක් නොදුන්නේ ය. මෙය නැවතත් Zhan ව කනස්සල්ලට පත් කෙරුවේය

" Yibo, ඇයි මොකද වූණේ ඔයා හොඳින් ද? " Zhan ඇහුවේ ඔහුගේ දෑස් ඇගපුරා යවමින් සීරිල්ලක් වත් ඒ සිරුර මත නැති බව නිසැක කරගනිමිනි.

තප්පර කීපයක් යන තුරුත් Yibo පිළිතුරු දුන්නේම නැත. ඔහු අවසානයේදී පිළිතුරක් දෙන විටත් ඔහුගේ කටහඬ ඉතා පුන්චි විය අතර කොතරම් පුන්චි දැයි කිව්වොත් Zhanට ඔහුට ඇහුනේ ද ලාවටයි.

"මට ගෙදර යන්න ඕනේ.."

ඒ කටහඬ Zhanගෙ කනස්සල්ල වැඩිකරා පමණි.

" Yibo, මොකද උනේ?.. "

නැවතත් ඔහු පිළිතුරු නොදුන්නේ ය.

" Yibo.... "

Zhan ඔහුගේ නම පුළුවන් තරම් මෘදුව කතා කළේය. Zhan ඔහු වෙතට අඩියක් තැබුවේය. Yiboගෙ මුහුණ ඇල්ලීමට ඔහු උත්සාහ කළේය. නමුත් ඔහුව පුදුමයට පත් කරමින් Yibo අඩියක් පස්සට තැබුවේය.

මගේ business marriage එකWo Geschichten leben. Entdecke jetzt