එය කාර්යබහුල දින කීපයක් විය. බලාපොරොත්තු නොවූ ලෙස සිදු වූ ගොඩනැගිලි කඩා වැටීම නිසා Xiao Zhanට ඉටු කිරීමට බොහෝ රාජකාරි තිබුණි. මේ වෙළෙඳ සංකීර්ණ ව්‍යාපෘතියේ ඉදිකිරීම් භාරව සිටියේ Xiao Corperation එකයි. ඉතින් කඩා වැටීමක් සිදු වූ විට ඉබේම සියලු දෙනාම ඇඟිල්ල දික් කළේ Xiao Corperation එකෙහි අධිපති වූ Mr. Xiao Zhan වෙතටයි.නමුත් ස්තුති වන්ත ලෙස Xiao Zhan ඉදි කිරීමේ ක්‍රියාවලියේ දී එක පොඩි නීති විරෝධී වැඩක් හෝ කර තිබුණේ නැත. එසේම සියලුම පූර්ව ආරක්ෂක අනුගමනය කර තිබුණි. ඉතින් මේ චෝදනාවලට වැඩි ආයු කාලයක් තිබුණේ නැත. එසේ නමුත් තම නිවැරදිතාව පෙන්වීමට අවශ්‍ය ලියකියවිලි සහ සාක්ෂි සූදානම් කර ගැනීමට ඔහුට සිදුවිය. දිනපතා ඔහුගේ නීතිමය උපදේශකවරුන් හමු වීමට සිදුවිය.
ඉදිකිරීම් භූමියට සිදු වී තිබූ හානිය අවම වුවද යම් හානියක් සිදු වී තිබුණි. ඉතින් නැවත ඉදිකිරීම් ගැන ද සිතීමට Xiao Zhan ට සිදුවිය.
එසේම ඔහු මේ කඩාවැටීම ස්වභාවිකව සිදු වූවක් ද මනුෂ්‍යය බලපෑමක් නිසා සිදු වූවක් ද යන්න සොයා බැලීම සඳහා විමර්ශනයක් ඉල්ලා සිටියේය.
ඇත්තටම මේ ගොඩනැගිල්ල කඩා වැටීමට තිබුණේ සියයට එකකටත් වඩා අඩු ප්‍රතිශතයක් වූ අතර මීට පෙර ඉදිකිරීම් භූමියේ පාලකයෙක් ලෙස ක්‍රියාකල අයෙක් මේ අනතුරට දින කිහිපයක සිට අතුරුදන් වී සිටි බැවින් මෙය ස්වභාවික අනතුරක් නොවන බව Xiao Zhan හොදාකාරයෙන් ම දැන සිටියේය.
Wang Yifeng ගැන කියනවා නම්, ඔහුට නරක කලදසාවක් ලබා තිබුණි. වෙනදාටත් වඩා කෝපයෙන් සිටි ඔහු නිතරම උත්සාහ කළේ Xiao Zhan සහ Mr. Nie හමුවී මේ විමර්ෂණය නතර කරන ලෙසට ඔවුන් ට බලපෑම් කිරීමටයි.
ඒ කිසි දෙයකින් පලක් නැති වූයේ Xiao Zhan මෙන්ම Mr. Nie ද ඔහුව මඟ හරිමින් ඔහු සමග කිසිම ආකාරයකින් හෝ සම්බන්ධකමක් පවත්වා ගැනීම වළක්වමින් සිටි බැවිනි.
Xiao Zhan උපදෙස් දී තිබූ ලෙසින්ම Mr. Nie ඔහුගේ ආරක්ෂාව තද කලේය. Song Jiang ගෙ මිතුරෙක් වූ ද විශ්‍රාමලත් දක්ෂ යුද භටයකු වූ ද Lee Bowen Mr. Nie ගෙ ප්‍රධාන ආරක්ෂකයා බවට පත් කර තිබුණි. ඉතින් තවදුරටත් කිසිම අයෙකුට Mr. Nie ගෙ අවසරයෙන් තොරව ඔහු වෙත ළඟාවිය නොහැකි විය.
ŞİMDİ OKUDUĞUN
මගේ business marriage එක
Hayran Kurguවිසි අටයි... විසි දෙකයි.. එතකොට තමා ඒගොල්ලො හමු වුනේ. විවාහය නිසා බලෙන් එකට එකතු කලා. නමුත් ආදරය නිසා දෙන්නා එක් කෙනෙක් වුණා. ලෝකයේ හැමදාම අන්දකාරයෙ තිබෙනවා. ඉතින් ඒ දෙන්නා වටාත් අන්ධකාරය තිබෙනවා. ඔවුන් ගිල ගැනීමට සූදානම් වූ ඒ අන්ධකාරය.. ඔවුන් එය සම...