Chapter 62 - වරදකාරී හැඟීම 2 කොටස

475 104 43
                                    


සැපපහසු ආදිකාලී තැබෑරුමේ Zhan වාඩි වී සිටියේ වීදුරුවක් අතේ තබාගෙනයි. මීට හෝරාවකට පෙර වීදුරුවෙන් අර්ධයක් වෙනතුරු පුරවා තිබූ මත්පැන් ප්‍රමාණය තාමත් එලෙසම ඇත. මත්පැන් වීදුරුවේ කට මතින් Zhan ඇඟිලි ඇදගෙන ගියේ වීදුරුව අභ්‍යන්තරයේ වූ ද්‍රාවණය ගැන කිසිම ආශාවකින් තොරවයි.

මේ තැබෑරුමේ ආකෘතියේ කිසිම ආකර්ෂණීය ස්වභාවයක් තිබුණේ නැත. උදාසීන සාමකාමී ස්වභාවයක් ගත්තේය. තැබෑරුමේ පාලකයා වූවද තරුණ නොවූ අතර ඔහු ඇඳ සිටි ඇඳුම ද කිසිම වර්ණවත් බවක් තිබුණේ නැත.

එහි සිටියේ පාරිභෝගිකයින් කීප දෙනෙක් පමණි. එයින් සමහරක් හදවතින් කෙරුණ සංවාද වල යෙදී සිටිය අතර තවත් සමහර පිටතින් නිශ්ශබ්දව වුවත් සිත ඇතුලින් තමන්ගේම ලෝකයක හෙබි සිටියෝය. මෙහි තිබූ සියලු දෙය ද සියලු දෙනාම ද මන්දගාමී රිද්මයකට වූවෝය.

Zhan මේ තැබෑරුමට හුරුපුරුදු චරිතයක් වූයේ ගතවූ වසර 8 පුරාම Zhan මෙහි නිරන්තරවම පැමිණි නිසයි. හැබැයි ඔහු මෙහි පැමිණියේ මත්පැන් සොයාගෙන නම් නොවේ.

මේ පරණ තැබෑරුම Beijing නගරයේ මධ්‍යයේ පිහිටියේ ය. මෙය විශේෂ තැබෑරුමක් කියා පවසන්නත් හැකියි. එසේම මෙය තව අයෙක් අසාර්ථක ව්‍යාපාරයක් ලෙස සලකන්නත් හැකියි. කුමක්ද ඇත්ත කුමක්ද බොරුව කියා තීරණය වන්නේ ඔබ එය දෙස බලන ආකාරය අනුව පමණි.

මේ තැබෑරුම ආරම්භ කළ කාලයේ නම් එය සාර්ථක ව්‍යාපාරයක් බව සෑම දෙනාම පිළිගත්තෝය. එසේ නමුත් මේ ව්‍යාපාරය අයිතිකාර පවුලට වේගයෙන් වෙනස්වන ලෝකය සමග එකට දිව යන්න අපහසුවිය. කීප වතාවක්ම මේ තැබෑරුම වැසී යන්නට ඔන්න මෙන්න විය. නමුත් ඒ සෑම වතාවකම නිර්නාමික තැනැත්තෙක් ඔවුන්ට උපකාර කළ අතර මේ තැබෑරුම ඉදිරියටත් මේ ආකාරයෙන්ම තබා ගන්නා ලෙස ඉල්ලා සිටියේය.

ඒ නිර්නාමික තැනැත්තා වන්නේ අන් කවරෙකුත් නොව රටේ සාර්ථකම හා තරගකාරීම ව්‍යාපාරයක CEO ධුරය දැරී Xiao Zhan ය.

Zhanගෙ දෙමව්පියන්ගේ මරණයෙන් පසුව, Zhan Xiao ව්‍යාපාරයේ නායකත්වය ගන්න සූදානම් වන තුරු ඔහුගේ දෙමවුපියන්ගේ විශ්වාසනීය යටත් නිලධාරියෙක් Xiao ව්‍යාපාරය තාවකාලිකව පාලනය කළ අතර CEO තනතුර සඳහා Zhan ව පුහුණු කළේය.

මගේ business marriage එකWhere stories live. Discover now