Chapter 79 - එයයි මොහොත

344 74 25
                                    


රෑ මැදියම සුඛෝපභෝගී කළු පැහැති මෝටර් රථයක් අධිවේගෙන් ධාවනය විය. එය අනික් වාහන හඹා යමින් ඒවා පසු කරමින් ධාවනය වූයේ රියදුරාගේ නොසැලකිල්ලවන්ත ධාවනය ගැන කෝප වී බැනවදින අනෙක් රියදුරන් නොසලකමිනි.

සාමාන්‍යයෙන් මොහු පාරේදී නොසැලකිලිවන්ත පුද්ගලයෙක් නොවන්නේය. නමුත් මේ රාත්‍රියේ දී එවන් පුද්ගලයෙකු බවට පත්වීමට ඔහුට සාධාරණ හේතු ඇත.

ඔහුගේ ඇඟිලි එලවන රෝදය වටා තදින් එති තිබුණේය . ඔහුගේ වම් අතේ ඔහු මුද්දක් පළඳා සිටියේය . පහුගිය වසර හය පුරාම පළඳාගෙන සිටි මුද්දකි.

ඒ මුද්ද දෙස එක බැල්මක් දී ඔහු දත්මිටි කන්න වූයේ අසභ්‍ය වචන කිහිපයක්ද පිට කරමිනි. ආචාරශීලී පුද්ගලයෙකු වූ ඔහු මෙවන් වචන භාවිතා කරන්නේ කලාතුරකිනි. කෙසේ නමුත් ඔහු තුළ අද දාම ඝාතක හැඟීම් ජනිත වී ඇත.

වසර හයක් පුරාම මීට එක හා සමාන මුද්දක් පැලදි අනෙක් තරුණයා මොහුගේ මානසික පීඩනයට හේතුව වන්නේය.

දිග කකුල් වලට උරුමකම් කියන මිනිසා තදින් accelerator එක පාගා තවත් මෝටර් රථයක් පසු කළේය.

.
.
.
.
.

Xiao Zhan මෝටර් රථයෙන් බැස දොර වැසුවේ විශාල ශබ්දයකිනි. නමුත් ඔහු සමාජ ශාලාව ඇතුළට ගියේ නැත. ඒ වෙනුවට පිටුපස හැරී බලා සිටියේ තවත් මෝටර් රථයක් පැමිණ ඔහු ළඟින්ම නවතන තුරුයි.

එයින් කාන්තාවක් බැස ආවාය. සුන්දර, ශෝභමාන, රමණීය වැනි වචන වලින් ඇයව විස්තර කළ හැකි වුණත් මේ අවස්ථාවේදී වඩාත්ම සුදුසු ගුණ වචන වන්නේ මරණීය, අනතුරුදායක, භයානක සහ පුපුරන්න ආසන්නයි යන වචනයි.

තම හොඳම මිතුරා දෙස වරක් බැලූ Xiao Zhan හිස වනා ඉඟි කළේය. Ziyi ත් එසේම කළ අතර ඔවුන් දෙදෙනා එකට සමාජ ශාලාව තුළට ඇතුළු වූයේ පලා ගිය හමුදා භටයන් දෙදෙනෙකු සොයන හමුදාවේ ඉහළ නිලධාරීන් දෙදෙනෙක් සේය.

ඇත්තෙන්ම ඔවුන් පළා ගියා නොවේ. හරියටම කිව්වොත් ඉන්න තැන ගැන බොරු කිව්වා පමණි.

සෙනඟ පිරී තිබුණ ඒ ස්ථානය සංගීතය මහ හඬින් වාදනය වුණ අතර එක එක වර්ණයේ ආලෝක වලින් දිදුලන්නට විය. ඒ මිනිසුන් අතර සිටගත් Zhan සහ Ziyi රොබෝ දෙදෙනෙක් සේ මුළු ස්ථානයම සුපරික්ෂා කළෝය.

මගේ business marriage එකWhere stories live. Discover now