Zhan අවදිවූයේ මහ හඬින් දොරට තඩි බාන ශබ්දය නිසයි. ඔහු ඔරලෝසුව දෙස බැලුවේය. තවම උදෑසන 6:00 වී තිබුණේවත් නැත.Zhan දොර දෙසට ඇවිද ගියේය. මේ කවුරු විය හැකි දැ යි සිතමින් දොර විවෘත කළ ඔහු වෙත යම් ජීවියෙක් කඩා පැන වැළඳගත්තේ පුංචි චීටා පැටියෙක් ලෙසිනි.
මේ චීටා පැටියා තමාගේ හිස Zhanගෙ පපුවේ ගසාගෙන බොඳ වූ හඬකින් කීවේය,
" Good Morning Zhange "
මේ වැළඳ ගැනීමේ ශක්තිය නිසා අඩියක් පිටිපස්සට විසික් වුන Zhan සිනහවක් පිටකර ඔහුව වැළඳ ගත්තේය.
" Good Morning Yibo "
Yibo එතනින් ඉවත් වුණේ ද නැත. බැඳගෙන තිබූ අත් බුරුල් කලේ ද නැත. හිස ඔසවා Zhan දෙස බැලීම පමණක් කළේය.
" මට වෙන දෙයක් කියන්න. "
" ආහ්? "
" Yibo නෙවෙයි. වෙන දෙයක්. "
Zhan නැවතත් සිනාසුනේය.
" ඔයාට නික් නේම් එකක් ඕනෙද? "
හිස වනා පිළිගත් Yibo මෙසේ කීවේය.
" ටීවී එකේ ඉන්න couples ඔක්කොම එහෙමයි.. "
එයට නැවතත් හඬින් සිනා සුනු Zhan ඔහුගේ ඇඟිලි Yibo ගෙ ඇවිස්සී තිබූ හිසකෙස් තුළින් යවමින් ඇසුවේය,
" හරි..මොකක්ද එහෙනම් ඔයාට ඕනේ.? Bobo ? "
Yibo හිස දෙපසට වැනුවේය.
" එහෙනම්..... Bodi? "
Yibo නැවතත් හිස දෙපසට වැනිය.
" ම්ම්ම්... Bo ? "
මෙවර මද හසරැල්ලක් Yibo ගෙ මුහුණට පැමිණියේය. හිස වනා ඔහු එකඟ විය.
ඔහුට ආපස්සට සිනහවක් තිළිණ කළ Zhan ඔහුගේ සිහින් ඇඟිලි තවදුරටත් අර හිසකේ තුළින් යවමින් ඇසුවේය,
" ඉතින් මොකද මගේ Bo මෙච්චර කලින් ඇහැරිලා? "
මගේ Bo කෑල්ල ඇහෙන කොට Yibo ට ඕනෑම උනේ නැටුමක් නටන්න.
" මම නිදා ගත්තෙ නෑ Zhange. නින්ද ගියේ නෑ නේ. මම මුළු රෑම අපේ date එක ප්ලෑන් කරා.. "
මෙයට නම් Zhan ට කොක් හඬ දී සිනහා නොවී සිටීමට නොහැකි විය. ඔහු මාස ගණනක් තිස්සේම Yibo ගෙ හැඟීම් ගැන වද විය. තමාගේ පාපොච්චාරණයට ඔහු කෙසේ ප්‍රතිචාර දක්වයි දැයි වද විය. නමුත් මේ තරුණයා ට කම්පනයට මුහුණ දී ආයෙත් මුල් තත්වයට එන්න අවශ්‍ය වුණේ පැය කීපයක් විතරයි. එයා දැනටමත් ඒගොල්ලන්ගේ date එක ප්ලෑන් කරන්නත් අරන්..
YOU ARE READING
මගේ business marriage එක
Fanfictionවිසි අටයි... විසි දෙකයි.. එතකොට තමා ඒගොල්ලො හමු වුනේ. විවාහය නිසා බලෙන් එකට එකතු කලා. නමුත් ආදරය නිසා දෙන්නා එක් කෙනෙක් වුණා. ලෝකයේ හැමදාම අන්දකාරයෙ තිබෙනවා. ඉතින් ඒ දෙන්නා වටාත් අන්ධකාරය තිබෙනවා. ඔවුන් ගිල ගැනීමට සූදානම් වූ ඒ අන්ධකාරය.. ඔවුන් එය සම...