" Yes.. Yes.. මම දිනුවා.. මම දිනුවා.. "තම දෑත් ඉහලට ඔසවමින් Yibo කෑ ගසන්නට වූයේ බයිසිකලය පාක් එක කෙළවර ලොකු ගසක් යට නතර කරමිනි. ඔහු මේ වනවිට කිහිප වතාවක්ම ජයග්‍රහණය කර තිබුණද ඔහු ප්‍රීතියෙන් කුල්මත් වී සිටියේය.
පිටුපස හැරී තම ප්‍රතිවාදියා දෙස බැලූ Yibo දුටුවේ ඔහු බිම වැතිරී හති දමන බවයි. පව් අහිංසකයා.. හුස්ම ගන්නෙ පණ අදිනවා වගේ..
Zhan සමග park පාක් එකට ඒමෙන් පසුව Yibo ට ඕනෑ වුණේ රේස් තියන්නයි. ඔහුගේ සෑම බලාපොරොත්තුවක්ම ඉෂ්ට කරන්නට ඕනෑ වුණු Zhan මීට එකඟ වුණේ එය එතරම් නරක විය නොහැක යැයි සිතමිනි.. නමුත් ඔහු පසු වටහා ගත්තේ එය ඉතා නරක තත්ත්වයට හැරුණු බවයි.
ඔවුන් කොතරම් රේස් තිබූවද Yibo ට නම් මහන්සියක් දැනුනේ ම නැත. නමුත් Zhan පළමු වටයේදීම හති දමන්නට විය. ලොකුම ප්‍රශ්නය නම් මෙය නොවේ. ලොකුම ප්‍රශ්නය Yibo ට දිනන්න ඉඩ දෙනවා යැයි සිතමින් මෙය පටන් ගත් Zhan අඛණ්ඩව පරාද වීමයි.
අවසානයේදී Zhan ට ඔහුට හැකි තරම් උපරිමයෙන් උත්සාහ කරන්නට සිදු වූයේ ඔහුගේ නම්බුව බේර ගැනීමටයි. නමුත් අවාසනාවන්ත ලෙස එය ප්‍රමාණවත් නොවීය.
පොළොවෙන් නැගිට ගත් Zhan බාගෙට ඇවිදිමින් ද බාගෙට බඩගාමින් ද ලී බංකුව වෙතට ඇදී ය. තව එක වටයක් වත් රේස් තැබුවොත් ඔහු මැරී වැටෙන බව ඔහුට නිසැකයි.
Zhan ට ඔහුගේ පෙර ජවය නැවත ලබා ගැනීමට බොහෝ කාලයක් ගත විය. එතකං ඔහු ලගින් වාඩි වී සිටි Yibo ඔහුගේ මනසට එන සෑම මාතෘකාවක් ගැනම කියන්න පුළුවන් සියල්ලම කියවන්නට විය.
හති දමමින් සිටි Zhan ඒ සියල්ලටම ඇහුම්කන් දෙමින් හිස වන්නට විය.
Yibo දැන් කියන්නේ ඔහු කන්න කැමැති කෑම ගැනයි. මෙය කියන්න අවශ්‍ය නැත. Zhan දැනටමත් මෙය හොදින් දන්නේය. ඇත්තෙන්ම ඔහුගේ කැමති අකමැතිතාවන් මතක තබා ගැනීම අමාරු නැත. එය ඉතා සරලයි. පැණි රස ඕන දේකට " හා ".. නීරෝගිමත් ඕන දේකට " එපා. "
Yibo චොකලට් අයිස් ක්‍රීම් වලට වඩා strawberry ice cream වලට කැමති බව කිය කියා සිටින විට ඔහු මෙවන් දෙයක් ද ද කීවේය.
YOU ARE READING
මගේ business marriage එක
Fanfictionවිසි අටයි... විසි දෙකයි.. එතකොට තමා ඒගොල්ලො හමු වුනේ. විවාහය නිසා බලෙන් එකට එකතු කලා. නමුත් ආදරය නිසා දෙන්නා එක් කෙනෙක් වුණා. ලෝකයේ හැමදාම අන්දකාරයෙ තිබෙනවා. ඉතින් ඒ දෙන්නා වටාත් අන්ධකාරය තිබෙනවා. ඔවුන් ගිල ගැනීමට සූදානම් වූ ඒ අන්ධකාරය.. ඔවුන් එය සම...