එය අලුයම 3යි. එය නිශ්ශබ්ද නිස්කලංක කාලයක් විය යුතුවයි තිබුණේ. නමුත් ඇඟ සීතල කර වන විලාපයක් මන්දිරය දෙසින් ඇසුනේ සාමකාමී අළුයම විනාශ කරමින් විලාප දෙන්නාගෙ මාරාන්තික සන්තාපය රැගෙන එමින් ය.මන්දිරය ඇතුළේ එහි සාලය ඇතුලේ Mr Jiang උපකාර ඉල්ලීමට යොදාගත් ජංගම දුරකථනය එක් අතකින් අල්ලාගෙන අනෙක් අතින් බිම ඉඳගෙන ඉකි ගසමින් හඬන තම බිරිඳ අල්ලාගෙන සිටියේ ය.
බිම ඉඳගෙන සිටි Zhan Yiboව තම දෑතෙහි තබා ගත්තේය. Zhan ගත වන මොහොතක් මොහොතක් පාසා ඔහුව තවත් තුරුළු කර ගත්තේ එසේ නොකෙරුවොත් ඔහු අතුරුදහන් වෙයි කියා සිතුවා සේය.
ඔහු එක් අතකින් Yiboගෙ හිස තම පපුවට තද කර ගත්තේ ය. ඔහුගේ අනෙක් අත Yiboගෙ සිරුර වටා ගියේය. Yiboගෙ එක් අතක් ඔහුගෙ නොසෙල්වන සිරුර මත තිබිය. අනෙක් අත පොළොවේ දිග හැරී තිබුණේ හෝරා කිහිපයකට පෙර ඔහුට පළඳවා තිබූ මගුල් මුද්දත් සමගයි.
ඔහුව එසේ තුරුළු කරගනිමින් Zhan කෑගැසුවේය. විලාප දුන්නේය. ඔහුගේ විලාපයේ රිද්මයට දෙදෙනාගේම සිරුරු නැළවෙන්නට විය.
Zhan ඔහුගේ වේදනා සයුරේ ගිලී ගියේය. අවදි වීමක් නැති මේ භයානක හීනයේ ඔහු අතරමං වී ඇත. ඔහුට එහි වූ අන් කිසිවක් පෙනුණේ නැත. කාමරයට දිව ගෙන ආ Song Jian ද ඔහු දුටුවේ නැත.
" පොඩි මහත්තයා, පොඩි මහත්තයා . මට එයාව බලන්න දෙන්න " Song Jian හති දමමින් කීවේය.
Zhan එයට කිසිම ප්‍රතිචාරයක් නොදැක්වූ විට Madam Yu ඇගේ ඉකි ගැසීම නතර කරගෙන කතා කළාය.
" Zhan ... Zhan ... එයාව බලන්න දෙන්න. .. සමහරවිට.. සමහරවිට Jian ට උදව් කරන්න පුළුවන් වෙයි.. එයාව බලන්න දෙන්න.. "
Zhan ට නැවත කිසිදාක ඔහුව අතාරින්නට ඕන වුනේ නැත. නමුත් " උදව් " කියන වචනය ඔහු තුළ පුංචි බලාපොරොත්තුවක් ඇති කළේය.
හඬමින්ම ඔහු Yibo බිමින් තැබුවේ ඉතා පරිස්සමිනි.
ඔහුගේ කලබලය පාලනය කර ගනිමින් Song Jian Yiboගෙ සිරුර ඉදිරියේ දණ ගැසුවේ ය. Yiboගෙ අත අල්ලා ගත්තේය. ඔහුගේ මැණික් කටුව මත ඇඟිලි දෙකක් තබා නාඩියක් සෙව්වේය.
YOU ARE READING
මගේ business marriage එක
Fanfictionවිසි අටයි... විසි දෙකයි.. එතකොට තමා ඒගොල්ලො හමු වුනේ. විවාහය නිසා බලෙන් එකට එකතු කලා. නමුත් ආදරය නිසා දෙන්නා එක් කෙනෙක් වුණා. ලෝකයේ හැමදාම අන්දකාරයෙ තිබෙනවා. ඉතින් ඒ දෙන්නා වටාත් අන්ධකාරය තිබෙනවා. ඔවුන් ගිල ගැනීමට සූදානම් වූ ඒ අන්ධකාරය.. ඔවුන් එය සම...