Chapter 28 - ප්‍රේමයෙන් වූ මෝඩයන් 1 කොටස

679 159 33
                                    


Zhan ඔහුගේ මේසය මත වූ ලියකියවිලි සහ ඡායාරූප අධ්‍යනය කරමින් සිටියේය. ඒ සියල්ලේම තිබුණේ Yibo ගැනයි. බොහෝ ඡායාරූප වල Yibo ඔහු කවදාවත් අඳින්නේ නැති මෝස්තරයේ ඇඳුම් ඇඳගෙන ඔහුගේ අයියාට පිටුපසින් සිට ගෙන සිටියේ සුපෝකබෝගී උත්සව වලයි. මේ සියලුම ඡායාරූප මීට අවුරුදු දෙකකට කලින් සිට සිදු වූ සිදුවීම් වල ඡායාරූපයි.

මේ Zhan මීට සති කිහිපයකට පෙර ලබාදුන් අණ මත Yibo ගැන Yubin සිදුකළ ගවේෂණයේ ප්‍රතිඵලයි.

මේවායේ අසාමාන්‍ය දේ වූයේ මීට අවුරුදු දෙකකට පෙර ගත් කිසිම ඡායාරූපයක් මෙහි නො වීමයි. ඇත්තෙන්ම ඒ Yifeng ඔහුව සිරගත කර තබාගත් කාලයයි.

නමුත් අවුරුදු දෙකක සිට ඉන් ඉදිරියට කාලය පුරා Yifeng ඔහු සහභාගී වන සෑම උත්සවයකටම ඔහුගේ පුංචි සහෝදරයා ද සහභාගි කර ගත්තේය. ඔහු පවසා සිටියේ ඒ පුංචි සහෝදරයා මෙතරම් කල් විදේශගත වී සිටි බවද ප්‍රසිද්ධ විශ්ව විද්‍යාලයකින් ව්‍යාපාර සම්බන්ධව වටිනා උපාධියක් රැගෙන නැවත තම මව් රටට පැමිණ ඇත්තේ ඔවුන්ගේ පවුලේ ව්‍යාපාරය හමුවේ ඔහුගේ ලොකු අයියාට උපකාර කිරීමට බවයි.

Yifeng සිදු කරන දේ ඉතා පැහැදිලියි. ඔහු තමාට පුංචි මල්ලි කෙනෙක් සිටින බව ලෝකයට පෙන්නුවේය. මන්ද එවිට ඔහු ලෝකයේ ඉදිරියේම ඔහුගෙන් ප්‍රයෝජන ලබා ගන්නා විට මුළු ලෝකයම එය සහෝදර ප්‍රේමය ලෙස සලකනවා විනා අනෙක් කිසිම අරමුණකට ඔහුට ඇඟිල්ල දික් කරන්නේ නැත.

මේ කුමකටද Yifeng සූදානම් වූයේ? Zhan ඒ වන විටත් පිළිතුර දැන සිටියේය. ඔහු ඉදිරියේ ඉඳගෙන සිටී Yubin ද පිළිතුර දැන සිටියේය.

ඒ ඔවුන්ගේ ව්‍යාපාර විවාහයයි. business marriage එකයි.

එය තමා Yibo ගෙ අලුත්ම ප්‍රයෝජනය.

තම ජීවිත කාලය පුරා සිටම Wang පවුල හඳුනන Zhan පවා දැන සිටියේ Yifeng ට පුංචි මල්ලී කෙනෙක් සිටිනා බව පමණි. නමුත් මීට වසර දෙකකට පෙර සිට ඔවුන්ගේ විවාහය වෙනතුරු ඔහු Yibo ව සඟරා වලින් දැක තිබුණි.

ඒ සඟරාවල සිටි Yibo ගෙ පෙනුම සහ ඒවායෙන් පෙන්නූ ඔහුගේ අනන්‍යතාව සම්පූර්ණයෙන්ම ව්‍යාජ විය. ඔවුන්ගේ විවාහය ආරම්භයේ දී Zhan Yibo පොහොසත් පවුලක නරක් වී සෑදුනු කොල්ලෙක් ලෙස දැකීමට හේතු වූයේ මෙයයි.

මගේ business marriage එකWhere stories live. Discover now