03 chapter

134 27 15
                                    

"හෙලෝ ප්‍රවීන් මම එන ගමන් මට පොඩි උදව්වක් ඕනේ"

".........................."

"අර උබ මට අද බලන්න කිව්වා patient ගේ විස්තර ඔක්කොම මට mail කරපංකෝ"

"..........................."

"ඇයි කියලා උබ පස්සේ දැන ගනියි"

"..........................."

"ආ... තව දෙයක්, ඒ patient ව දිගටම මා ගාවටම දාපන්"

"........................"

"හරි බන්"


lecture එකත් ඉවරයි 

දවසම වැඩ කරලා මහන්සි උනාම මිනිස්සු ගියේ ගෙදර.............. මොකද ගෙදර කියන්නේ මොන දේ උනත් තමන්ගේ කියලා මිනිස්සු හිටපු තැනක්........... මමත් අවුරුදු දෙකක් තිස්සේ මගේ ගෙදර හොයනවා........... මහන්සි අරින්න..........

ගෙදර හොයාගෙන යන මම අන්තිමට හැමදාම නැවතුනේ එතන.......

 නුවර වැව.........

වලාකුළු බැම්මට අත තියාගෙන........... ටික වෙලාවක් වැවේ පතුල හොයන්න වගේ වැව දිහා බලාගෙන උන්න මම සිගරට් එකක් අතට ගත්තා........ මගේ ජීවිතේ අමාරුම දවස් එකක් නෑරම මේ වැව දන්නවා ඇති..........

කවුරුත් නැති මහා පාන්දරට...........වලාකුළු බැම්ම අත් දෙකෙන්ම මිරිකන්.......... ඇස් ඉදිමෙනකම් අඬපු හැටි.............නෝර වැහි වහින කොටත් ජීවිතේ මග ඇරුන තැන් හොයන් මෙතනට ආපු හැටි............ වැරදුනු තැන් හදාගන්න තව අවස්තාවක් ඉල්ලලා දළඳාවට පළිගැහුවා හැටි...........ඒ හැම දේම දැකලත් මොකුත් නොදන්නා ගානට අදත් එයා නිහඬයි............ මගේ රහස් රකින නිසාමදෝ.............. මන් මේ තැනට ආදරෙයි............

"දොස්තර කෙනෙක්ට ඕක ගැලපෙන්නේ නෑ නේද?"

"ප්‍රවීන්?"

"හ්ම්ම්....... Dr. සේනාධීරගේ හිතට අල්ලපු patient ගේ විස්තර ටික ගෙනාවා. දැන් ඔය කඳුළු පිහාගෙන ඔය සාපෙත් විසිකරලා නැගපන් වාහනේට ගෙදර යන්න"

"උබ කොහොමද මාව හොයා ගත්තේ?"

"නිකන් නෙවෙයි හැමෝම මට උබේ ගෑනි වගේ කියන්නේ, ගේ ඉස්සරහට ඇවිත් හෝන් කරලා කරලා බැරිම තැන කෝල් 50 ක් විතරත් අරගෙන අන්ස්වෙර් නොකෙරුවා කියන්නෙම එක්කෝ උඹ මෙතන නැත්තම් උඹ මැරිලා."

Letter of November  [yizhan] sinhalaWhere stories live. Discover now