25 chapter

48 9 1
                                    

ඉක්මනට ඵොන් එක අතට ගත්තු මං.... එයාට මැසේජ් එකක් දැම්මා....

"Oya aduwada?"
"Mm..."
"Mokadda pradshne...?"
"Eka echchara deyak neweyi...."
"Man gawa suba aranchiyak thiyenawa..."
"Mokadda..?"
"Man othanata awithma kiyannam...."

එහෙම කිව්ව මම.... ඉක්මනට එතනට දිව්වා..... මාව දැක්ක සුදු අම්මාගේ මූන හිනාවකින් පිරෙද්දී.... මං තරුක ගාව දන ගහගත්තා....

"ඔයා දන්නවද.... අර පවුලේ අයව මගෑරිලා තනි වෙච්ච ලමයට.... එයාට එයාගෙ පවුලේ අයව හම්බවෙලා....."

මං එහෙම කියලා හිනාවෙද්දී.... තරුකත් හරි ලස්සනට හිනා වුලා වටපිට බැලුවා.....

"අනේ අපේ දොස්තර මහත්තයාත් මෙහෙට ආවද....."
"ඔව් සුදු අම්මේ.... මට මගේ අම්මවයි නංගිවයි හම්බ වුනානේ.... එයාලත් එක්ක මෙහෙට ආවා.... මැඩම්ට පනිවිඩේ කියන්න....."
"පනිවිඩේ....?"
"ඔව් සුදු අම්මේ.... මංත් පොඩි කාලේ හැදුනේ මෙහෙනේ.... ඒක් දිග කතාවක්....."
"අනේ...."

අනේ කියලා හිනා වුනු සුදු අම්මා මගේ ඔලුව අත්ගෑවා....

"මට දොස්තර මහත්තයා එක්ක පොඩ්ඩක් කතා කරන්න ඕනේ...."

ඉදන් හිටිය බංකුවෙන් නැගිට්ට සුදු අම්මා මට කතා කරද්දී.... තරුක ගාවින් නැගිටපු මං සුදු අම්ම පස්සෙන් ගියා....

"මොකද්ද සුදු අම්මේ...."
"මට දොස්තර මහත්තයාගෙන් ලොකුම ලොකු උදව්වක් ඕනේ.... තරුක පුතා ගැන"
"කියන්න සුදු අම්මේ මං ඕන දෙයක් කරන්නම්...."
"මං දන්නවා දොස්තර මහත්තයා ඕක කියනවා කියලා.... තරුක පුතාගේ මාමා.... මාව රස්සාවෙන් අයින් කලා.... තරුකව නර්සින් හෝම් එකකට යවනවා කිව්වා.... එයාලා හොද මිනිස්සු නෙවෙයි.... දොස්තර මහත්තයෝ..... තරුක පුතාව එයාලගෙන් බේරලා දෙන්න.... හෙටින් පස්සේ.... මට තරුක පුතා ගැන බලන්න බැරි වෙනවා..... ඒ දරුවා මට මගේ දරුවෙක් වගේ..... කකුල් පන නැතත් ඔය දරුවා හොද තැනක ඉන්න ඕනේ කෙනෙක්.... එයා මට කිව්වා එයාට විශ්වාස කරන්න බැරිලු අබ්බගාතයෙක්ට ආදරේ කරන මිනිස්සු ඉන්නවා කියා එක.... එයා ගොඩක් මනසින් වැටිලා ඉන්නෙ මහත්තයො..... දොස්තර මහත්තයා මට පොරොන්දු වෙන්න..... එයාට මගෑරුන ජීවිතෙ දෙනවා කියලා.... නැති වුන ආදරේ දෙනවා කියලා..... එයාව.... ඒ එයාට ලැබෙන්න ඕන තැනට වෙනකල් එක්ක යනවා කියලා..... මට පොරොන්දු වෙන්න.... එයාව අතාරින්නේ නෑ කියලා...."

"මං පොරොන්දු වෙනවා.... කවුරු හිටියා නැතා.... මං තරුකව මගේ ජීවිත කාලෙ පුරාවට බලාගන්නවා...."

"ග්...ගොඩක් පින් දොස්තර මහත්තයෝ...."

සුදු අම්මගේ ඇස් වල කදුලු පිරුනා....

"මං යන්නම් තරුක පුතාට කියන්න මං ගියා කියලා....."

එහෙම කියපු සුදු අම්මා යන්න යද්දී..... එයා දුන්න පනිවිඩේ තරුකට කොහොම කියන්නද කියලා හිතාගන්න බැරි වුනමං අසරන වුනා....

හෙමින් සැරේ තරුක ගාඅවට ගිය මං තරුක ගාවින් ඉදගද්දී.... සුදු අම්මාව හොයන්න වගේ එයා පිටිපස්ස බැලුවා....

මං හෙමින් සැරේ තරුකගේ අත් දෙක මගේ අත් අතරට ගත්තා.... එයා මගේ ඇස් දෙක දිහා බලන් හිටියා..... මං මේ වෙලාවේ හරි අසරනයි කියල මට දැනුනා....

මං එයාගේ ඇස් මගෑරලා ඈත සෙල්ල්ම් කරන ලමයි දිහා බැලුවා.... මට දැනෙනවා... තාමත් එයා පුදුමෙන් වගේ මගේ දිහා බලන් ඉන්නවා....

ලොකු හුස්මක් ගත්ත මං තරුකට කතා කරන්න ගත්තා....

"තරුක ආදරේ සැක කරන්න එපා.... ආදරේ කරන්න බය වෙන්නත් එපා..... මං ඔයාට විහිලු කලෙත් නෑ බොරු කලෙත් නෑ.... මං දැනුත් කියනවා..... මං ඔයාට ආදරෙයි තරුක..... මං ඔයාව අතාරින්නේ නෑ.....හැමදාම මගේ ජීවිතේ තියෙන කල්ම බලාගන්නවා..... ඔයා අබ්බගාතයෙක් නෙවෙයි.... මං ඔයාව හොද කරන්වා.... තෙරුනාද.... ඔයාට දැන් ඇවිදින්න බෑ කියන එක ආදරේ කරන්න බෑ කියන්න හේතුවක් නෙවෙයි..... අනිත් එක ඔයා තනි වුනේ නෑ හරිද..... ඔයාට මං මේ දැන් ඉදලා හැම දාටම ඔයත් එක්ක ඉන්නවා....මට තරුකට කියන්න පුංචි දෙයක් තියෙනවා"
"සුදු අම්මා ගියාද තෙනු අයියේ...."

එයාට ඒක කියාගන්න බැරුව මං ගොලු වෙලා ඉදිද්දි.... එයා එක පාරටම ඒක ඇහුවාම මාව ගැස්සුනා.... මං එයා දිහා බල්ද්දී... තාමත් එයා මං දිහා එහෙන්මම බලන් ඉන්නවා.... ටික වෙලාවක් එයා දිහා බලන් හිටිය මං උත්තරයක් දී ගන්න බැරුව ඉස්සරහ බලාගද්දී.... ඊලගට එයා මගෙන් ඇහුවේ.... තවමත් මටවත් උත්තරයක් ලැබුනේ නැති ප්‍රශ්නයක්.....

"මං දන්නවා එයා කියන්නෙ නැතුවම යනවා කියලා.... තෙනු අයියා...  ඇයි මට ආදරේ කරන්නේ...."
"............?"

________________________
මම

^_^

Nara...

Letter of November  [yizhan] sinhalaOù les histoires vivent. Découvrez maintenant