තෙවිදු අනුහස් POV
තරුක කිව්ව දේවල් දරා ගන්නවා තියා.... මට හිතාගන්නවත් බැරි වෙනකොට.... එයාව දාලා මම පුලුවන් තරම් දුරකට දුවගෙන ආවා..... ලොකු පිහිඹියා ගහට වාරු වුන මගේ කකුල් පන නැති වෙලා ගියා.... එක තප්පරයක් අරගෙන මම.... වෙලා තියන හැමදේම එකින් එක ගලපන ගමන් හිටියා.....
එදා මගේ තාත්තා... හැමදාටම ගිහිල්ලා.... එයා අපිව දාලා ගිහින්.... එතකොට අම්මායි නංගියි..... මං මෙච්චරකල් බලන් හිටිය කාලය.... ඒ තරුක නොදුන්න ලියුම නිසා..... ආපස්සට ගියපු අපේ ජීවිත.... මං ආදරෙ කලේ තාත්තාගෙ මිනීමරුවට කියලා හිතුනා.... එක මොහොතකට මට තරුකගෙන් පලි ගන්න හිතුනා.... ඇයි උබ එහෙම කලේ කියන්න හිතුනා.... ඇයි ලියුම නොදුන්නේ අහන්න හිතුනා..... ලියුම ඒ තාත්තාගෙ ලියුම මතක් වුන මං ආපිට තරුක හිටපු තැනට දිව්වා...
එන මගට මං දැක්කා.... පපුව අල්ලන් බිමට නැමිලා උන්න තරුක.... රෝදපුටුවෙන් වැටෙනවා.....මං දොස්තර කෙනෙක් කියලවත්.... ඒ ඉන්නේ ලෙඩෙක් කියලවත්..... එයාට අමාරුයි කියලවත් හිතන්න පුලුවන් මානසිකත්වයක් හිටිය ,නැති මං.... බිමට වැටිලා සිහිය නැතුව හිටියා... එයාගේ කොලර් එකෙන් අල්ලගත්තා.... අල්ලගෙන කෑ ගැහුවා....
"නැගිටිනවාහ්.... නැගිටලා කියනවා.... කොහෙද ඒ ලියුම.... ඇස් අරිනවා.... මිනීමරුවා.... නැගිටලා කියනවා.... කොහෙද ලියුම.... නැගිටිනවාහ්....."
චටාස්.... චටාස්....
තරහේ උපරිමේ.... හොද සිහියේ උපරිමේ හිටිය මම එයාගේ කනට පවා ගැහුවා.... පන නැති මලකදක් වගේ හිටිය එයාට ගහද්දී.... කවුදෝ ඇවිත් මාව තල්ලු කරලා.... තරුකව හරහට අරගෙන දිව්වා....
මටම කම්මුල් පාරක් ගහගත්තු මමත් එයා පස්සෙන් දිව්වා.... ඒත් දිව්වේ හොද සිහියෙන්..... එකපිට එක වෙන කිසි දෙයක් තේරුම් ගන්න බැරුව.... පිස්සෙක් වගේ උන්න මම..... එක තප්පරේකට සිහියට ඇවිත් තරුක හිටිය වෝඩ් එකට දුවද්දී.... කවුරු හරි මාව අල්ලගත්තා....
"උබ... උබ මොකද්ද යකෝ ඒ කලේ.... අහ්... උබ ඒ ගැහුවේ උබේ ලෙඩාට කවුරු හරි දැක්ක නම්.... උබේ ජොබ් එකත් ගහලා යනවා.... ඒකත් කමක් නෑ.... ඇයි උබ ඒ අහිංසකයට ගැහුවේ.... මොකද වුනේ කියපන්.... ඌ ඇයි ආපහු සිහිය නැතුව ඉන්නේ...."
"අනේ බන්... මචන් ප්රවීන් මට කොල්ලව බලන්න යන්න දීපන්.... අනේ මාව අතැරපන්කෝ....."
"අතරින්න වෙච්ච දේ කියපන්.... නැත්තම් උබ ආයි අර කොල්ලට ගහයි...."
"මට පිස්සු බන්.... මට පිස්සු හැදිලා ඉන්නේ... අනේ මට උදව් කරපන් බන්.... මට උදව් කරපන්කෝ...."
"තෙවියා.... වරෙන් එලියට යන්න වෙච්චදේ කියපන් මට.... උබට මං ඉන්නවා...."ප්රවීන් මාව කොහෙටදෝ ඇදන් ගිහින් ඉන්දවද්දී.... කොච්චර වෙලාවක්ද නොදන්නවා වුනත්..... ප්රවීන්ගේ උරහිස තෙත්බරිත වෙනකල් ඇඩුවා...... පිරිමින්ට කදුලු කැප නැති වුනත්.... ප්රවීන් ඉස්සරහ හැමදාම මගෙ කදුලු වලට ඉඩ තියෙද්දී.... මං කෑ ගහලා ඇඩුවා..... ඇති වෙනකල් ඇඩුව මම ලොකු හුස්මක් ගත්තේ.... එක කදුලකටවත් ඉඩ නොතියා.... හැමදේම කියන්න හිතාගෙන.....
"උබට මේ මොකද වුනේ බන්...."
"හැමදෙටම උත්තර ලැබුනා ප්රවීන්...... මගේ කදුලු වලට.... අප්පච්චි නාව එකට.... හැමදේටම...."
"මොකද වුනේ...."මුල ඉදලා උන හැමදේම අකුරක් නෑර කිව්වා... අවසානය ආපහු කදුලු ගෙනාවත්.... ඊලග දෙය වුනේ ලියුම්ස් හොයා ගන්න එක.... තරුක ආපහු ඇස් අරිනකල් ඉන්න බැරි නිසා.... තවත් කල් ඉන්න බැරි නිසා.... තරුකගෙ ගෙදර යන්න තීරනේ කරපු මම..... ප්රවීන් යද්දී එතනටම වෙලා කල්පනා කරන්න ගත්තා.....
මට පිස්සූ.... එක තප්පරේකට හරි.... අවසිහියෙන් උනත්.... මගේ නැතිවුන දේට වන්දි ගෙවන්න කෙනෙක් ඕනේ වෙනකොට..... හැමතැනින්ම තැලුන.... ඒ අහිංසකයවම.... මාත් බිල්ලට ගන්න ගියා.... සිහිය නැතුව හිටිය එයාට ගහපු විදිහ..... මිනිමරුවා කියපු විදිහ.... කනට ගහපු විදිහ මතක් වුන මම.... අත් දෙකෙන්ම කොන්ඩේ ඇදගත්තා... ඒත් වරදකාරි හිතෙන් මිදෙන්න බැරි උන මම.... මටම කම්මුල් පාරවල් එක දිගට ගහ ගත්තා....
කොහෙන්දෝ ඉදලා... කිරි එකකුත් උස්සගෙන මගේ ගාවට ආව ප්රවීන්.... මගේ අත අල්ලගෙන මට බැන්නා....
"පිස්සුද උබට...."
"ඔව්.... මං ඒ කොල්ලට ගැහුවා බන්.... මිනීමරුවා කිව්වා... එයා නොදන්නවා උනාට මගේ හිත දන්නවා.... මං කොහොමදා ආය එයාගෙ මූන බලන්නේ...."කදුලු පිරුන ඇස් දෙකෙන් මං ප්රවීන් දිහා බලද්දී.... ප්රවීන් අහක බලාගත්තා....
"උබට වෙන කරන්න දෙයක් නෑ.... උබ විතරයි ඌට ඉන්නෙ.... උබට ඌ වෙනුවෙන් ඉන්නම වෙනවා.... අනික උබ ඌට ආදරෙයී....."
"......................................."
"කොල්ලව වෝඩ් එකට දැම්මා.... ගිහින් බලන්න..... සිහිය එද්දී රෑ වෙයි කිව්වා...."එහෙම කිව්ව ප්රවීන් මූනවත් නොබලා කිරි එක තියලා යන්න ගියා....
______________________________
මම^_^
Nara...
ČTEŠ
Letter of November [yizhan] sinhala
Fanfikceආදරයයි වෛරයයි අතරේ තියෙන්නේ කෙස්ගහක වෙනසක් ඔයා තෝරාගන්නේ මොන පැත්තද එක තීරණය කරන්න පුළුවන් ඔයාටම විතරයි