31 chapter

51 9 3
                                    

"මං හිතන්නේ මට ඔයාගේ ලගින් ඉදන් ඔයාට හයියක් වෙන්න පුලුවන් ඔයාගේ යාලුවා ප්‍රවීන් වගේම තෙනූ අයියේ...."
".........................."

එයා හිනා වෙද්දී කියද්දී මොකුත් නොකිව්ව මං හිනා වුනා.... ඒත් ඒ හිනාවේ මොකද්දෝ දුකක් තිබ්බා....හරියට ආ එහෙමද කියන්න වගේ....

"මට කියා ගන්න බැරි තරම් දුකයි තරුක.... ප්‍රවීන් මට මගේ අම්මයි නංගිටයිත් වඩා ලගින්ම දැනුන කෙනෙක්.... මං දන්න කාලේ ඉදලා.... මං තනි වෙච්ච හැම වෙලාවකම එයා ලගින් හිටියා.... මං අර කිව්ව පොඩි කාලේ වෙච්ච ලොකු රන්ඩුව එහෙම.... එතනදිත් අපි දන්න ගෑනු ලමයෙක්ට උදව් කරන්න ගිහින් මං ලොකු කරදරේක වැටෙද්දිත් ඌ මාත් එක්ක හිටියා.... තාත්තායි අම්මයි නැති කාලෙත් මගේ ලගින් හිටියා.... හැමෝම මාත් එක්ක හිටියට වඩා වැඩි කාලයක් මාත් එක්ක ඉදලා... එක පාරටම මෙහෙම යන එක.... ඒකත් යන්න පැය දෙකකට කලින් කියලා.... එයාපෝර්ට් එකට වත් එන්න එපා කිව්වම.... මට මොනවා හිතෙන්න ඇති කියලද තරුක හිතන්නේ...."

"හරියට සුදු අම්මා ගියා වගේ නේද...."

"ම්ම්... අපි දෙන්නම එකම බෝට්ටුවේ....."

"අපි හිත හදා ගමු අයියේ.... මේ ගෙවෙන්නේ අමාරු කාලයක් වෙන්න ඇති....."

"තැන්ක්‍යු තරුක...."
"..............................."

මං මොකුත් නොකිය හිනා වුනා....

"ඕනේ බඩු ටික ලෑස්ති කරගෙන යමුද...."
"මං මෙහෙ ඉන්නම් අයියේ..."
"පිස්සුද.... ඔයාව බලාගන්නවත් කවුරුත් නෑ...."
"ඕනෙ නෑ ම..."
"තරහ ගිහින් ඉන්න වෙලාවට තව තරහ අවුස්සන්න එපා තරුක ගිහින් ලෑස්ති වෙන්න...."
"මට දැන් විශ්වාසයි...."
"ඔයා මේ අබ්බගාතයට ආදරෙයි......"
"කලින් නැති විශ්වාසේ කොහොමද එක පාර ආවේ...."
"ඔයා මාත් එක්ක දුක සතුට හැම දේම.... කොටින්ම ජීවිතේ බෙදාගන්නවා..."
"........................."

මං එහෙම කියද්දී තෙනු අයියා මගේ මූන ගාවට පාත් වුනා.... එයාගෙ හුස්ම මගේ මූනේ වදින තරම් ලගට එද්දී... මං සෝෆා එකේ පිටි අස්සට නැමුනා....

"එහෙනම් ඒක කියන්න...."
"ම්.... මොකද්ද..."
"ආදරෙයි කියලා..."
".........................."

ඒ වචන..... ඒ ඇස් වල ගින්දර පාට එක්ක මාව ගල් වෙලා තියෙද්දී.... මං පුදුම හිතිලා බලන් හිටියා....

ඒත් මගේ දිහා ටිකක් වෙලා බලන් හිටිය එයාගෙ මූන වෙනස් වුනා....

"අහ්...සොරි.... තාම ලෑස්ති නැත්තම් ස්ට්‍රෙස් වෙන්න එපා.... ඔයාට ඕන තරම් කල් ගන්න... මං බලන් ඉන්නම්..."
".........................."

මට දුක හිතුනා.... මං වෙනුවෙන් මෙච්චර දේවල් කරන කෙනෙක්ට ඒ පොඩි වචනෙවත් කියන්න බැරි මං මොකෙද්ද.... ඒත් විශ්වාස නැතුව එහෙම කියන්න බැහැ....

"අයියෙ... මට සමාවෙන්න..."
"ඒකට කමක් නෑ තරු.."
"මං දවසක ආදරේ කරන්න උත්සහ කරන්නම්...."

මගේ වචනත් එක්කම එයා කාමරේට ගියා....

"තරුක ඔයාගෙ මොකක් හරි වෙනසක් තියෙනවා කියලා මට නිකමට වගේ හිතෙනවා...."
"පොඩි දෙයක් නෙවෙයි... තෙනු අයියේ ලොකු දෙයක් මං ඔයාට වාහනේදී හැමදේම කියන්නම්...."
"ම්ම්.......... අදින පලදින කතා කරන විදිහෙ ඉදලා වෙනස් වෙලා.... එහෙම නේද..."
"ඔව්.... ඒත් අලුත් කෙනෙක්ට නෙවෙයි පරන කෙනෙක්ට මාරු වුනේ...."
"මාමා හම්බවෙන්න ආවා වගේ...."
"ම්ම්..............."
"ඔයාට ගන්න ඕනේ බඩු මොනවද තරුක...."
"ලැප් එකයි.... පොත් ටිකයි.... ඇදුම් ටිකයි... බෙහෙත් ටිකයි...."







"අපි යමු..."
"අයියේ මං කියන්නේ තව පාරක් හිතලා බලන්න...."
"මොකද්ද...."
"ගෙදර ඉන්න අම්මගෙන් වත් අහන්නේ නැතුව මාව මෙහෙම එක්කගෙන යන්නේ...."
"ඒකද ප්‍රශ්නේ පොඩ්ඩක් ඉන්නකෝ...."

ඒත් එක්කම ඵෝන් එක ගත්තු තෙනූ අයියා.... ස්පීකරස් ඔන් කරලා එයාගේ අම්මට කෝල් කලා...

"හෙලෝ පොඩ්ඩි අම්මට ඵෝන් එක දෙන්න...."
"හෙලෝ සුදු පුතා...."
"අම්මේ.... ටික කාලෙකට මගේ.... ය්...යලුවෙක් අපේ ගෙදර නැවතුනාට කමක් නෑ නේද...."
"අනේ ඕක අහන්නත් ඕනෙද පුතේ..."
"හරි අම්මේ අපි එන ගමන්...."

ටිකක් වෙලා මගේ දිහා බලන් හිටිය එයා අහක බලාගෙන යාලුවෙක් කියලා කිව්වා.... එහෙම කිව්ව එයා කෝල් එක කට කරලා මගේ දිහා බැලුවේ දැන් හරිනේ කියන ගමන්....

"ඒත් තේනු අයියේ.... මං ගෙයක් තියගෙන එහෙ යන එක හරි නෑනේ...."
"ප්‍රවීන් වෙනුවට මගේ ලගින් හොදම යාලුවා වගේ ඉන්නවා කිව්ව නේද...."
"ඒත්..."
"ඒත් නෙවෙයි ප්‍රවීන් හිටියෙත් ඒ ගෙදර.... එයා වෙනුවට මගේ ලගින් ඉන්න පොරොන්දු උනානේ ඒ පොරොන්දුව රකින්න...."
"....................."

එයා වචන දෙකෙන් මගේ සද්ද වහලා.... මාව වාරු කරගෙන වාහනෙන් ඉන්දවලා.... දොර වහලා මට යතුර ගෙනත් දීලා.... වාහනේ ස්ටාර්ට් කලා....

_________________________
මම
-_-

Nara...

මං තරහයි 👎... මට කමෙන්ට්  එව්වේ නෑනේ.... හිතුනොත් කතාව මගින් නවත්ත්නවා.... නැත්තම්.... sad ending කරනවා...

හුම්ක්...

Letter of November  [yizhan] sinhalaWhere stories live. Discover now