දවස් දෙකක් යනකොට මට අලුත් වුනු හැමදේම පුරුදු වුනා.... අහිංසා අක්කා හැම වෙලේකම මගේ කාමරේට ඇවිත් මාත් එක්ක කතා කර කර හිටියා.... එයා හරි අමුතු කෙනෙක්....
අද රෑ වෙනකොට වගේ අයියා ගෙදර එයි.... එදා මාව නිදි කරවලා ගියත් හරි මං තාම එයාව දැක්කේ නෑ....
මේ ටික දවසට ගොඩක් දේවල් සිද්ද වුනා...
මං අනිද්දා ඉදලා කැම්පස් යනවා....
මහේශ් වැඩෙ හරියටම කරගෙන යනවා.... එයා අද තාත්තාගෙන දැනගන්න ඕනේ දේවල් අහනවා කිව්වා... පුලුවන් වුනොත් අපේ කම්පැනි එකේ මැනේජ්මන්ට් එක පැත්තෙත් යනවා කිව්වා.....
දනුක රනුල් දෙන්නා ගැන නම් ආරංචියක් නෑ....
කුසල් ට කියන්න දෙයක් තියනවා කිව්වා... තව ටිකකින් කෝල් කරන්න ඕනේ කිව්වා....
කතා කරන්න ඕනේ කියන මැසේජ් එකත් එක්ක කුසල් මට අපේ පොඩි කාලේ ඵොටෝ එකක් එව්වා...
මමයි,රනුලුයි,මහීමගේ අක්කයි,කුසලුයි,මහේශුයි,දනුකයි...මට හිනා ගියා එදත් මහීමව මගෑරුනා... මට හොදට මතකයි... උපන්දිනේට හොද බිත්තර පාරක් කාලා එයා නාලා එන ටිකට අපි ගත්තු ඵොටෝ එකක්....
මං කුස්ල්ට මැසේජ් එකක් දැම්මා....
Tharuka: Ee ban mahimage photo ekak nadda..?
Mahima: Ewannam....
කුසල් එව්ව ඵොටෝ එකත් එක්ක මාව පිච්චිලා ගියා.... උබ කොහෙද බන් ඉන්නේ...මං යන්න යනකොට... මහීම හිටිහේ කෝමා වෙලා... නැගිටිනකොට හොදම යාලුවා නෑ කියලා දැනෙනකොට ඌ කොහොම හැසිරුනාද කියන්න මං දන්නේ නෑ.... ඒත් අපි දෙන්නා හිටියේ ගහට පොත්ත වගේ කියන්න විතරක් මං දන්නවා....
ඒත් එක්කම මට කුසල් කෝල් එකක් ගත්තා....
"හෙලෝ..."
"හෙලෝ... උබ මොකො කරන්නේ..."
"මොකුත් නෑ.... මහීම ඉන්න තැන..."
"ඒක කියන්න තමා ගත්තේ... උබ යනවත් එක්කම ගොඩක් දේවල් වෙලා... අපිට වැඩේ තව අමාරු වෙයි...."
"මොකක්ද වෙලා තියෙන්නේ...."
"ටිකක් ලොකු ප්‍රශ්නයක්...."
"වටේ යන්නෙ නැතුව කියපන්...."
"උබත් කලබල නොවී අහපන්...."
"ම්ම්........."
"උබ එක්ක කන්ටෑක්ස් නැති වෙච්චි දවසේ මහීමට සිහිය ආවා..."
"බොරු...."
"ඇත්ත... අපි කෝල් කලා නම්බර් එක වැඩ කලේ නෑ.... එදා තමා අපිට මහීමව හම්බවුන අන්තිම දවස.... ඊට පහුවදා මහීම හොස්පිටල් එකෙන් පැනලා ගිහින්... අම්මට කෝල් එකක් දාලා කියලා උබව හොයාගෙන මිසක් එන්නේ නෑ කියලා...."
"මාව හොයාගෙන ආවේ නෑ බන්...."
"මං දන්නවා... ඒත් ඌට උබව හම්බුනා කියලා මාසෙකට පස්සේ ගෙදර ආව මහීම අක්කට කියලා තිබ්බා.... එදා තමයි ගෙදර අය මහීමව දැකලා තියෙන අන්තිම දවස.... ඌ එදා රෑ ගෙදරින් ගිහින් තියෙන්නේ ලියුමකුත් කියලා...""ම්...මොනවද...."
"ඌ උබත් එක්ක හොදින් ඉන්නවා.... ආපහු පුලුවන් දවසක එන්නම්... කරදර වෙවී හොයන්න එපා.... වැඩ ගොඩකට හිර වෙලා ඉන්නේ කියලා.... එදයින් පස්සේ හොයන්න නැහැලූ...."
"උදව්වක් කරපන්...."
"කියපන් තරුක..."
"ලෝකේ පෙරලලා හරි මට මහීමව හොයලා දීපන්...."
"අපි හොයාගමු.... උබ වැඩිය නොහිතා උබේ වැඩේ කරපන්.... මං තියන්නම්..."
"........................"මං කොට්ටේ ඔලුව ගහගෙන මහීම කිව්ව දේවල් අතරයි මගේ අතරයි සම්බන්දයක් හෙව්වා....
ටික වෙලාවකින් ඵෝන් එක බලද්දියි දැක්කේ තෙනූ අයියගෙන් කෝල් 3ක්.... මට ආපහු මිස් වෙලා....
මං ඉක්මනට කෝල් කලා....
"හෙලෝ අයියේ...."
"තරූ...."
"කියන්න...."
"වැඩකද...?"මට අයියගෙ කටහඩේ වෙනසක් තේරුනා.... එයා කතා කලේ හරි මහන්සියෙන්....
"කියන්න අයියේ...."
"පොඩ්ඩක් නුවර වැව ගාවට එන්න පුලුවන්ද...."
"ඔයාට කරදරයක්ද අයියේ...."
"අම්මාලාට මං එන්න කිව්වා කියන්නේ නැතුව.... යාලුවෙක් හම්බවෙන්න යනවා කියලා... වාහනයක් කතාකරගෙන එන්න පුලුවන්ද....."
"අයියේ...?"
"එන්න අමාරුයිද... කම්ක් නෑ..."මට අයියා ගැන බයක් හිතුනා....
"මං දැන්ම එන්නම් අයියේ.... ඔයා ඉන්න..."
_____________________
මම^_^
Nara...
YOU ARE READING
Letter of November [yizhan] sinhala
Fanfictionආදරයයි වෛරයයි අතරේ තියෙන්නේ කෙස්ගහක වෙනසක් ඔයා තෝරාගන්නේ මොන පැත්තද එක තීරණය කරන්න පුළුවන් ඔයාටම විතරයි