වෙන ඕන දේකට මූන දෙන්න හිත හඩාගත්ත මං නැගිටලා එයාගෙ කාමරේට ගියා..... එයාට නින්ද ගිහින්.... වතුර එක තිබ්බ මං දුර ඉදන් බලන් හිටියත් ලගට යන්න අවසර නැති මං..... නින්ද ගිය වෙලාවට හැමදාම කරනවා වගේ අදත් මං එයා ලගටම ගිහින් එයා දිහා බලන් හිටියා.....
"තව කොච්චර කල් ඔයා ලග මෙහම ඉන්න පුලුවන් වෙයිද...."
මේ දැනෙන වේදනාව කොහොම දරා ගන්නද.....
මගේ නින්ද නැති කරලා එයා හරි නිදහසේ නිදාගෙන හිටියා..... කමක් නෑ මං නැත්තත් ඔයා සතුටින් ඉදියි නේ....එතනින් නැගිට්ට මම හොස්පිටල් එකට කෝල් කරලා ඩේ ඕෆ් එකක් ගත්තා....
.
.
.
.
.
.
.
.
.POV තෙවිදු අනුහස්
නිදාගත්ත පාර වෙලාව හතයි.... වොශ් එකක් දාගෙන හොස්පිටල් එකට යන්න ලෑස්ති වෙලා පහලට එද්දී වැඩට යනවයො කිව්ව ප්රවීන් කුස්සි අම්මා වගේ ඒප්රන් එකකුත් දාගෙන කෑම ටික මේසෙන් තියනවා....
"උබ වැඩට ගියේ නැද්ද බන්...."
"නෑ... අද ඇගට ටිකක් අමාරුයි.... නිවාඩුවක් දැම්මා...."කිව්වට කිව්වා වගේ මහා අමුතු විදිහකට කතා කලා.... අඩුම මගේ මූනවත් බැලුවේ නෑ....
"මොකො බන් අවුල....?"
"ඔලුව කැක්කුමක්...."මූනක් වත් නොබලා බිම බලාගෙන කතාකරන විදිහෙන් කියන්නේ බොරුවක් කියලා තේරෙද්දී..... මටත් තරහා ගියා....
"මූන බලලා කතාවත් කරන්න බැරි තරම් මොකද්ද ඔය ඔලුවේ තියෙන කැක්කුම..."
".........................."උගේ ලගට ගිහින් එහෙම අහපු මම ඌව මගේ පැත්තට හරව ගත්තා.... ඇස් දෙක ඉදිමිලා.... රතුම රතු වෙලා..... බැලුවාම ඕන කෙනෙක්ට පේනවා හොදටම අඩලා කියලා....
"ඇයි උබ ඇඩුවේ....?"
"මං ඇඩුවේ නෑ...."
"එහෙනම් මොකද ඇස් දෙක ඉදිමිලා...."
"ඊයේ කාපු ඉස්සෝ වගයක් ඇලජික් වෙලා...."
"ආ... ඇත්තට.... මෙච්චර කල් නොකාපු ඉස්සො ඇයි ඉටෙ කෑවේ...."
"මට ඕනේ නිසා වද නොදී මේ කෑම දෙක අරගෙන පලයන්....."ජීවිතේ කවමදාවත් මට බැනල නැති එකා.... අද නොහිතපු වෙලාවක මගේ ඇගට කඩා පාත් වුනා....
තවත් ඒ ගැන හාරාවුස්සන්න හිතුනේ නති මම එන්න ආවා.... ඒත් ප්රවීන් ඇයි මට කෑම දෙකක් දුන්නේ....
"ප්රවීන් ඇයි මේ කෑම දෙකක්....?"
"තරුකව බලන්න නේ යන්නේ.... එකක් එයාට...."කදුලු පිරිච්ච ඇස් දෙකෙන් බිම බලාගෙන එයා කියද්දී..... ඇස් දෙකේ කදුලු දැක්කත් මම නොදැකපු ගානට වාහනේට නැග්ගා.....
හොස්පිටල් එකට යනකල් හිත ප්රවීන්ගේ අමුතු හැසිරීම් ලග නතර වෙලා ඉදිද්දී.... හොස්පිටල් එකෙ ගේට්ටුව ලගටම ආව මම වාහනේ ආපහු හරව ගත්තා....ආයෙමත් තරුකට දුන්න පොරොන්දුව මතක් වෙලා වාහනෙන් බැස්ස මම.... ප්රවීන් ලගයි තරුක ලගයි අතරමං වෙලා කල්පනා කර කර ඉදලා තීරනයක් ගත්තා....
තරුකගේ කෑම එක ගාඩ් කෙනෙක්ට දුන්න මම.... වාජනේට නැගලා ආපහු ගෙදර ආවා....
එක පාරටම ගෙදර ඇරලා දාලා තිබ්බ දොරෙන් ඇතුලට ගියා මම කෙලින්ම ගියේ ප්රවීන්ගේ කාමරේට.... එයා කාමරේ නැති නිසා කුස්සියේත් බැලුවා.... කුස්සිය මං යද්දි තිබ්බා වගේමයි.... අඩුම අස් කරලාවත් නෑ..... වත්තෙත් බැලුවා.... අම්මට තාත්තාට නංගිට හදපු කාමර වල බාතෲම් වල පවා බැලුවා.... හොයා ගන්න නැති කොට විශ්වාස කරන්න මගේ කකුල් පන නැති වෙන තරම් බය වුනා.... කරදරයක් වෙලාද කියලා හිතුනා.... මට යන්නෙ නැතුව කරදර කරලා හරි ප්රශ්නේ මොකද්ද කියලා අහන්න තිබුනා කියලා හිතුවා....ජොයලා හොයලා අන්තිමට මගේ කාමරෙත් බැලුවා....
මගේ ඇදේ එක කොනක ගුලි වෙලා නිදාගෙන ඉන්නවා දැක්කාම මගේ ඇගට ලේ ටිකක් ඉනුවා.... කතා කරන්න දුවගෙන ගියත්.... කොට්ටයක්වත් නතුව ඇදේ ඔලුව ගහගෙන නින්ද ගිහින් උන්නු ප්රවීන්ගේ ඔලුව ගාව මෙට්ටේ තෙමිලා තිබුනා.... එයා අඩලා.... පොඩ්ඩක් නෙවෙයි සෑහෙන්න අඩලා.... කතා කරලා ඇහැරවන්න හිතාගෙන ගියත් ඒ නින්ද කඩන්න නොහිතුන මම ඒකා ගාවට ගිහින් ඇද ගාව පුටුවට වෙලා ඇහැරෙනකල් බලන් හිටියා.... මං අඩන හැමදාම එයා කරනවා වගේ.... කරදර කරන්නෙත් නෑ.... ඒත් තනි කරන්නෙත් නෑ.....
පැයක් විතර එහෙන්මම නිදාගෙන වුන්නු ප්රවීනයා නැගිට්ට.....
"ත්...තෙවිදු...?!"
"දැන් මට ඇත්ත කියපන්.... උබට මොකද වුනේ....?"
".............................."
_______________________________
මම^_^
Nara
ආදරෙයි...
![](https://img.wattpad.com/cover/334051313-288-k661424.jpg)
VOCÊ ESTÁ LENDO
Letter of November [yizhan] sinhala
Fanficආදරයයි වෛරයයි අතරේ තියෙන්නේ කෙස්ගහක වෙනසක් ඔයා තෝරාගන්නේ මොන පැත්තද එක තීරණය කරන්න පුළුවන් ඔයාටම විතරයි