තරුක සංජයන POV
"ඊට කලින් මගේ කතාව අහනවද....?"
"ඔයාගෙ කැමත්තක්..... මං අද ආවේ අහගෙන ඉන්න...."
කියන්න යන කතාව ලස්සන එකක් නොවෙන නිසාත්.... මගේ කතාවෙන් පස්සේ ඩොක්ටර් උනත් මං දිහා බලන විදිහ වෙනස් වෙයි කියන බය නිසාත්.... මම දුර ඈත කොනක් තියෙන ගහක් දිහා බලාගෙන.... ඒ නරක මතක අස්සට යන්න පටන් ගත්තා.... කතාව පටන් ගන්නත් කලින් මතක ඇතුලේ.... කතාව පටන් ගන්න එක කොනක් හොයන මගේ ඇස් වල කදුලු පටලයක් බැදෙන්න ගත්තා.... ඩොක්ටර් සේනාධීර... එහෙම නැත්තම් මගේ ඉරනම destiny.... ඒ කදුලු ආපහු පාරක් දැකලදෝ මන්දා... උකුලේ තිබ්බ මගේ අතක් එයා ගාවට අරගෙන..... එයාගෙ අත් දෙකෙන්ම අල්ලගත්තා....
"බය නැතුව කියන්න.... මං ඉන්නවා....""මම ඉස්සර ගොඩක් වෙනස් කෙනෙක්.... වෙන්න තිබුන දේවල් කලින් දැනගෙන හිටියනම්.... මං ගොඩක් දේවල් නොකර ඉන්න ඉඩතිබ්බා.... කොලඹ ඉන්න කාලේ.... මම ගොඩක් තරහ යන යාලුවෝ පිරිවරාගෙන හිටපු සෙල්ලක්කාර චරිතයක්....
තාත්තා ගොඩක් ලොකු බිස්නස්මන් කෙනෙක් නිසාදෝ....කිසිම දේක හොද නරකක් වත් නොහිතා.... පවුලෙන් ලැබුන සල්ලි බලය අතට අරන් සෙල්ලන් කලා.... කවදාවත් කාටවත් හිරිහැරයක් කලේ නැතත්..... මං නොදැන ගොඩක් අයව රිද්දලා තිබ්බා..... කාලෙත් එක්ක දේවල් තේරුම් ගියත්.... මං ගොඩක් පරක්කුයි....."වෙච්ච හැමදේම වචනෙන් කියන්න බැරි වෙද්දී.... පුලුවන් විදිහට මගේ හැමදේම කියන ගමන් හිටියා.... ඇහේ තනි රැකපු පලවෙනි කදුලු බිංදුව කඩාගෙන වැටෙද්දී.....මං මගේ කතාවේ වේදනාව වැඩිම තැනට එන ගමන් හිටියා.... මගේ මරණෙත් එක්ක වලලන්න හිටපු ඒ මතක හිතපුවත් නැති විදිහට මං එයා ඉස්සරහ ගොඩ ගන්න ගමන් හිටියා....
"මාව නවත්තන්න බැරිම තැන..... මාව කොලඹින් ඈත් කරන්න..... අම්මයි තාත්තයි එයාලගේ හැමදේම දාලා.... මාවත් අරගෙන මෙහෙ එන්න තීරනය කරලා තිබ්බා.....
අලුත් අපාට්මන්ට් එකකට යනවා කියලා මාව රවට්ටලා....මාව එක්කන් එද්දී.... මගක් දුර යද්දී නින්ද ගිය මං ඇහැරුනේ පේරාදෙනියෙදී....
කොහෙද මේ ආවේ කියලා අහද්දී.... ගෙවල් යාලුවෝ හැමදේම දාලා මෙහෙ ආවා කිව්වාම..... එහෙ අපිට අයිති මොකුත්ම නෑ කිව්වාම.... කාර් එක ඇතුලේ රන්ඩු කලා..... කෑ ගැහුවා.... බැරිම තැන යන වාහනේ දොර ඇරලා පනින්න හදද්දී....මාව බේර ගන්න ගිහින් අපි හැප්පුනා..... අපිව හප්පපු ටිපර් එක.... බය වෙලාදෝ අපිව දාලා යද්දී.... හැප්පිලා අනිත් පැත්ත හැරුනු වාහනේ.... හිර වුනු අ..අපි... පන ඇද ඇද හිටියා...."
ESTÁS LEYENDO
Letter of November [yizhan] sinhala
Fanficආදරයයි වෛරයයි අතරේ තියෙන්නේ කෙස්ගහක වෙනසක් ඔයා තෝරාගන්නේ මොන පැත්තද එක තීරණය කරන්න පුළුවන් ඔයාටම විතරයි