"කවුද පුතෙ අර දරුවා..?"
"කෞශිගෙ ප්රශ්නෙදි මං හොස්පිටල් ගියා කියලා අම්මලට ඇවිත් කිව්ව ලමයව මතකද.... ඒ තමා ප්රවීන් අම්මා.... එදා ඉදලා අද වෙනකල් මගේ හැම ප්රශ්නෙකදිම මගේ ලග හිටියෙ ප්රවීන් අම්මේ..... පවුලක් නැති වුනු මට පවුලක් දුන්නේ.... ඉන්න තැන දුන්නේ ප්රවීන් අම්මේ.... ප්රවීන් නොහිටින්න මං අද නුවර වැව් පතුලෙ ඉන්න තිබ්බා අම්මා.... ඌ මගේ සහොදරයෙක් කිව්වට.... ඌ තමයි මගෙ දෙවියා අම්මේ...."
"රත්තරං දරුවෙක් පුතෙ උබ...... මං උබට මැරෙනකල් ණයයි....."අම්මා එහෙම කිව්වෙ මගේ පිටිපස්ස බලාගෙන වෙද්දී.... මං පිටිපස්ස හැරුනා.... ඇස් දේකේ කදුලු පුරවගෙන ප්රවීන් මගේ දිහා බලාගෙන ඉන්නවා...
"ස්තුතියි බන්...."
මං පිටිපස්ස හැරිලා ප්රවීන් දිහා බලාගෙන කියනකොට.... මගේ ලගට ආව ප්රවීන් මගේ උරහිස් වලින් අල්ලගත්තා....
"උබ දැන් ඉස්සර හිටිය නොදරුවා නෙවෙයි බන්..... උබ හරි ඉක්මනට මෝරලා.... මට දැන් බයක් නැතුව උබව අතාරින්න පුලුවන්..... දැන් මං මෙහෙ ඉන්න ඕනේ නෑ බන්.... මෙතනින් පස්සේ අම්මයි නංගියි පරිස්සමෙන් බලාගෙන උබේ හිත නැවතුන තැනක ලස්සනට ජීවත් වෙයන්.... සමාවෙයන් අන්තිම තප්පරේදි කියනවට..... මං කැනඩා යනවා හෙට...... උබ ලගින් නොහිටියට ඕනම වෙලාවක මට කතා කරපන්..... මං තාමත් උබේ සහෝදරයා....."
"ප්රවීන් උබ විහිලු කරා ඇති බන්.... උබේ ඔය විහිලුට හිනා යන්නේ නෑ..... වරෙන් ගිහින් මොනවා හරි කමු මට ඩියුටි යන්නත් තියෙනවා...."
"මං යන්න ඕනේ බන්.... තව පැය දෙකකින් එයාපෝර්ට් එකට යන්න ඕනේ..... කමක් නෑ බත් කාලා යමු මං ඉව්වා...."ඇස් දෙකේ කදුලු පුරවගෙන හිටිය ප්රවීන්.... අද හරි හරියට හිනා වුනා.... හිනා යන්නෙ නැති මෝඩ කතා කිය කිය හිනා වුනා.....
එයාම උයපු කෑම අපිටවත් උදව් කරන්න නොදී එයාම මේසෙන් තිබ්බා....."හරී හැමෝම කන්න එන්න.... අම්මා නංගී තෙවියා..... ඔන්න මගේ goodbye treat එක....."
අපි හැමෝම මෙච්චර දෙයක් වෙන්න තියෙද්දිත් එයා කොහොමද මෙහෙම ඉන්නේ කියලා හරි පුදුමෙන් බලන් ඉදිද්දී... අපිව බලෙන් ඇදගෙන ගිහින් කෑම මේසේ ඉදෙව්වා..... අපිට කෑමත් බෙදුවා......
"අනේ කෝ කන්නකෝ....."
සද්ද නැතුව අපි කන්න ගත්තා.... කන්න ගත්තා නෙවෙයි..... කෑම අත ගෑවා.....
"අයියෝ ඇයි අනේ.කන්නේ නැත්තේ මගේ කෑම රහ නැද්ද...."
"රහයි සුදු පුතේ...."අපි කාලා ඉවර වෙද්දී ප්රවීන් අයිස්ක්රීම් බෙදන්න යන්න හැදුවා.... මමත් නැගිට්ටා...
"ඉන්න ප්රවීන් මං උදව් කරන්නම්..."
"එපා එපා උබ ඉදගනින් මං බෙදන්නම්.... මං ගියාට පස්සේ උබ කෝප්ප හෝද්පන්..."එහෙම කියපු එයා හිනාවෙලා කුස්සියට ගියා.....
ඔක්කොම ඉවර වෙලා එයා යන්න ලෑස්ති වුනා.....
"එහෙනම් මං යන්නම් බන්....."
"උබට ඔය ගමන යන්නම ඕනෙද බන්...."
"ඔව් බන් මට මගේ හිත හදා ගන්න ඕනේ.... හිත හදා ගත්තු දවසක ආපහු එනවා බය වෙන්න එපා....."
"උබේ හිත කැඩුවෙ කවුද බන්...."
"මගේ හිතමයි බන්..... ප්රශ්න අහන්න එපා..... මට ටික කාලයක් දීපන්....."
"යං මට වැඩට යන්න බෑ.... මං එනවා එයාපෝර්ට් යන්න...."
"එපා තෙවිදු.... මට හිත හදාගෙන යන්න බැරි වේවි.... මං උබෙන් ඉල්ලන්නෙ මෙච්චරයි එන්න එපා....."එහෙම කිව්ව ප්රවීන් අම්මටත් වැදලා.... නංගිගේ ඔලුවත් අතගාලා..... මගේ ලගට ඇවිත් බලාගෙන හිටියා..... රෙදි බෑග් එක බිමින් තිබ්බ ප්රවීන් මාව තද කරලා බදා ගත්තා....
"මං උබට ආදරෙයි තෙවියා....."
"............................"මං දන්නවා බන්.... මාත් උබට ආදරෙයි...... යන තෑක පරිස්සමෙන් හිටපන්...... මාත් එක්ක කතා කරපන්..... ඉක්මනට හිත හදාගෙන ආපහු මනුස්සයෙක් වෙලා වරෙන්......අං බලන් ඉන්නවා..... උබ් නැතුව මට ගොඩක් පාලු දැනෙයි...... උබ නැතුව හොස්පිටල් එකේ ගෙදර පාරේ වැව රවුමේ මට නොසෑහෙන්න පාලු දැනෙයි...... ආපහු දවසක ඉස්සර වගේ රන්ඩු වෙලා වචනයක්වත් කතා නොකර එඅම තැනක් දිහා ඔහේ බලන් ඉන්න ඉක්මනට වරෙන් ප්රවීන්..... මට උබව හුගක් මතක් වෙයි.....
වචනයක් වත් කියන්න බැරි තරමට මං හිරවෙලා ඉන්නකොට කටින් කියන්න බැරි දේවල් මං හිතින් කිව්වා.... මගේ හිත කතා කරන වචනයක් වචනයක් ගාන්වෙ කදුලු වෙලා ඇස් වලින් ගලාගෙන ගියා.....
ප්රවීන්ගේ බෑග් එක මං අතට අරගෙන මං ප්රවීන්ගේ වාහානේට නගිද්දී.... ප්රවීන් මාව හොස්පිටල් එකට යනකල් එක්කගෙන ගියා...... හොස්පිටල් එක ගාවදී මට බහින්න හිත නොදෙද්දී.... අපි දෙන්නා ඔහේ ඉස්සරහා යන වාහන දිහා බලාගෙන හිටියා.... වචනයක් වත් කතා නොකර......
"ආපහු හම්බුන දවසක අපි මේ වගේම බලන් ඉමු.... සුබ ගමන් තෙවිදු අනුහස්...."
"සුබ ගමන්....."
_________________________________
මම^_^
Nara...
YOU ARE READING
Letter of November [yizhan] sinhala
Fanfictionආදරයයි වෛරයයි අතරේ තියෙන්නේ කෙස්ගහක වෙනසක් ඔයා තෝරාගන්නේ මොන පැත්තද එක තීරණය කරන්න පුළුවන් ඔයාටම විතරයි