33 chapter

46 10 0
                                    

"මට රෑ කෝල් කරපු වෙලාවේ අයියා කොහෙද හිටියේ...."

ඔලුව අතගාන ගමන් මගේ හිතේ කැකෑරෙන ගමන් තිබ්බ ප්‍රශ්නයක් ඇහුවා.....

"කොහේ කියලද හිතන්නේ...."

"අනේ මන්දා.... නුවර වැව ලග කියලා හිතුනා...."

"ඇයි තරුක එහෙම හිතුවේ....."
"අයියාගේ කතාව නුවර වැවත් එක්ක බැදිලා කියලා මට දැනුන නිසා...."
"ම්ම්ම්...."

ම්ම්... කියලා විතරක් කිව්ව එයා ටික වෙලාවක් යනකල් කිසිම සද්දයක් නැති වෙනකොට... මං ආපහු ඇහුවා....

"එතනද හිටියේ...."
"........................."

එයා උත්තර දෙන්නේ නෑ.... නිකමටවගේ මං මූනට එබිලා බැලුවා.... නින්ද යන්නේ නෑ කිව්ව කෙනා හා පැටියෙක් වගේ නිදි.... මං ඒ මූන දිහා බලාගෙන හිටියා.... ඒ අම්මා දැනගෙන හිටියනම් අතෑරලා ගියේ මැනිකක් කියලා.... මොන ලෝකේ හිටියත් ඇවිත් හොරකන් කරන් ගිහින්.... මනුස්සයෙක්ට තියෙන හදවතක්මද මේ ඉන්න කෙනාට තියෙන්නෙ කියලා හිතුනා....

"සමාවෙන්න අයියේ නොදන්න හැගීම වලට මට දැම්ම වහල් වෙන්න බෑ.... කවදා හරි දවසක මං මේ නය ගෙවන්නම් අයියේ...."

ඒ නලල උඩින් දැනෙන නොදැනෙන ගානට මං මගේ නලල තියලා ඇස් දෙක පියා ගත්තා.... ඇයි කියන්න දන්නේ නෑ ඒක මට කරන්න හිතුනා....

වෙලාව පාන්දර 3.30යි.... පහට අයියා ඇහැරෙන නිසා එහෙන්මම එයාට බෙඩ් ශීට් එකක් පොරවලා.... එය ඔඩොක්කුවෙන් ඔලුව තියාගෙන ඉදිදිම මං මගේ වැඩ ටික ආපහු පටන් ගත්තා....

මගේ පරන යාලුවෙක් මැසේජ් එක්ක් දාලා.....

Ranul: ado.... ub koheda innee.... mata call ekak ganin tharukaya....

යන්තම් මගේ කට කොනකට හිනාවක් ඇදෙද්දී මං කෝල් එකක් ගත්තා....

කිසිම තොරතුරක් නැතුව නැතිවෙලා ගිය එක බත් පත කාගෙන හිටිය යාලුවෙක් එකපරට මැසේජ් එකක් දැම්මාම මොනවා හිතෙන්න ඇද්ද...

එක රින්ස් එකයි කෝල් එක ආන්ස්වර් කලා....

"හෙලෝ..."
"හෙලෝ රනුල්..."
"කොහෙද බල්ලො උබ ඉන්නේ.... උබට මොකද උනේ.... පොඩ්ඩක් ඉදපන් ලයින් එකේ සෙට් එක ඇඩ් කරනකල්...."
"හෙලෝ මේ මං කියන....."
"ඒ තරුකයා සිරවටම මේ උබමද...."
"අඩො ඔය ලයින් එකේ ඉන්නෙ අපෙ තරුවාද...."
"හායි ගයිස්...."
"හුත්තක් කියනවා.... යකෝ කිසිම දූවිල්ලක්වත් නොහිටින්න එක පාර ගිහින්.... උබට මොකද උනේ මේ අවුරුදු තුනට...."
"කට්ටියම සන්සුන් වෙලා මෙතන ඉන්නේ කවුද කියන්නකෝ...."
"කුසල්..."
"දනුක..."
"රනුල්..."
"මහේශ්..."
"එතකොට කෝ මහීම...."
"ඌගෙත් කන්ටෑක් ලොස්ට් උනා...."
"දැන් උබට මොකෝ උනේ කියපන්...."
"ලොකු කතාවක්.... ඒක දැන්ම කියන්න බෑ ඒත් මං සෑහෙන ලොකු වලක ඉන්නේ.... උබලගේ උදව්ව ඕනේ...."
"මොකක් ගැනද...."
"කම්පැනි එක සම්බන්ධයි...."
"මොකද්ද වෙන්න ඕනේ...."
"මාමා කම්පැනි වෙල මගෙන් උදුරගෙන ඉන්නේ.... මට ඒක ආපහු අරගෙන ගොඩ දාන්න ඕනේ....."
"උබලගෙ පිථාජී කැමති වෙයිද අපිව හවුල් කරගන්න...."
"ඇයි උබ එක පාර තාත්තා ගැන ඇහුවේ.."
"පොර වචනයක් කිව්වොත් කිව්වනේ බන්... මතකනේ උබව අපෙන් අයින් ලරපු විදිහ.... උබ අපිට කතා කරනකල් අපිට හොයා ගන්නවත් බැරි වුනා..."
"තාත්තා මාව එක්කන් ආවේ.... එතන හිටිය හදන්න බැරි එකා මං නිසා.... මිසක් උබලා නිසා නෙවෙයි.... උබලා නිසා මං නරක් වුනා නම් තාත්තා කරන්නේ උබලව දූවිලි කරන එක මිසක් මාව මෙහෙම හංගන එක නෙවෙයි නේ.... තාත්තා මං ගැන වගේම උබලා ගැනත් හිතුවා බන්.... අනිත් එක....."

තාත්තා නෑ ලියන එක කියන්න ඕනේ උනත්.... මොකද්දෝ කරුමෙකට මගේ හිත දැන් ඉස්සර වගේ මිනිස්සුන්ව විශ්වාස කරන්නේ නෑ කිව්වා....

"ඒ කියන්නේ ලොකු දෙයක් උනා.... එහෙම නෙද..."
"ම්ම්...."
"උබ දැන් කොහෙද ඉන්නේ කියපන් හම්බවෙලා කතා කරමු...."
"බෑ මෙහෙම තමා ගේම ගහන්න වෙන්නේ.... මාමා ඇලට් එකෙන්...."
"එල.... පිථාජීට කියපන් වැඩේ සිද්ද උනා වගේ තමා කියලා..........."
"ම්........."

කෝල් එක කට් වෙනකොට වෙලාව 4.30යි.... කෝල් එක කට් වෙනවත් එක්කම අයියාගේ අම්මා කාමරේට ආවේ කලබලෙන්..... ඒත් එක්කම එයා බැලුවේ නිදාගෙන ඉන්න අයියා දිහා බැලුවා.... එතකොටයි මතක් වුනේ එයා තාමත් මගේ ඔඩොක්කුවෙන් ඔලුව තියාගෙනයි හිටියේ.... ආන්ටි මොනවා හිතුවද දන්නේ නෑ කියලා මං කලබල වුනා.... ටික වෙලාවක් අපි දිහා අමුතුවට බලන් හිටපු ආන්ටි එක පාරම මාත් එක්ක හිනා වුනා.....

"බලන්නකෝ පුතා මං හොදටම බය වුනා.....මං හිතුවේ මෙයා අපිට නොකිය්ම හොස්පිටල් ගිහින් කියලා.... මෙයා මෙතනද නිදා ගත්තේ...."

"ආහ්... ම්..මේ.ඔව්... ආන්......"

_____________________
මම

^_^

Nara...

Letter of November  [yizhan] sinhalaWhere stories live. Discover now