''මොනවා වෙලාද ඇත කැපුනේ?''
''යන්න කියලා කිව්වේ..... යන්න"
''කතාවක් කියන්නද....?"
''.....................''
''ළමා නිවාසෙක හිටියා පොඩි පිරිමි ළමයෙක් එයා හැම වෙලේම බලාගෙන හිටියේ කවුරු හරි එයාවත් එක්ක යනකල්........එයාට ඕනේ උනේ ගෙදරක්........
දවසක් ළමා නිවාසෙට ආපු කට්ටියක් ළමයින්ට තෑගී බෙදුවා.......හැම ළමයාම තෑගි ගන්න පොර කද්දී එයා පැත්තකට වෙලා පාර දෙහා බලාගෙන් හිටියා..........අර කට්ටියත් එක්ක ආපු පුංචි ගෑනු ළමයෙක්.......අර පිරිමි ළමයා ලඟට තෑග්ගක් ගිහින් දෙනවා........පිරිමි ළමයා ඒක එපා කියද්දී චුටි ගෑනු ළමයා අහනවා ඔයාට මොනවද ඕනේ කියලා.........
ඒ එයාගේ ජිවිතේ පලවෙනි වතාව කෙනෙක් එයා කැමති දෙයක් කියන්න කිව්වා.......එයා කියනවා මට ගෙදර යන්න ඕනේ කියලා....... පුංචි ගෑනු ළමයා අහනවා මේක ඔයාගේ ගෙදර නෙවෙයිද කියලා. පිරිමි ළමයා කියනවා ගෙදර නම් අම්මෙකුයි තාත්තෙකුයි මටත් ඉන්න එපෑ කියලා.........
ගෑනු ළමයා අහනවා කොහෙද ඔයාගේ අම්මයි තාත්තයි කියලා.........පිරිමි ළමයා කියනවා මාව දාල ගිහින් කියලා.........ගෑනු ළමයා අහනවා ආයේ එන්නේ කවද්ද කියලා......... පිරිමි ළමයා කියනවා දන්නේ නෑ කියලා.........ගෑනු ළමයා අහනවා ගිහින් ගොඩක් කල්ද කියලා........පිරිමි ළමයා කියනවා ඔව් අවුරුදු 10ක් කියලා........
ඒක ඇහුන ගෑනු ළමයා අම්මාටයි තාත්තාටයි වද දෙනවා....... අයියාව ගෙදර එක්ක යමු මට අයියා කෙනෙක් ඕනේ කියලා........ එයාලා එක්ක ගෙදර යන පිරිමි ළමයා ටිකෙන් ටික ලොකු වෙනවා.........
ළමයි දෙන්නට උගන්නන්න අම්මයි තාත්තයි ගොඩක් මහන්සි වෙනවා........... දවසක් පිරිමි ලොකු රණ්ඩුවකට ගිහින් හොදටම තුවාල වෙනවා......... දන්නවද ඒ පිරිමි ළමයාව හොඳ කරන්න එයාලට ගේ උකස් තියන්න වෙනවා........
ඒ පිරිමි ළමයා පොරොන්දු වෙනවා ගේ බේරලා දෙන්න........ තාත්තා කියනවා මුලින්ම ඉගන ගන්න ආපහු රණ්ඩු කරන්න යන්න එපා කියලා........කොල්ලා හැමදාම පසුතැවෙනවා එයා නිසා උන දේ ගැන.......... කොහොම හරි මේ ළමයාට කැම්පස් යන්න පුළුවන් වෙනවා ....කැම්පස් ගිය කොල්ලාට වෙලාවක් නැති වෙනවා තාත්තාට ණය බේරන්න උදවු කරන්න.........
DU LIEST GERADE
Letter of November [yizhan] sinhala
Fanfictionආදරයයි වෛරයයි අතරේ තියෙන්නේ කෙස්ගහක වෙනසක් ඔයා තෝරාගන්නේ මොන පැත්තද එක තීරණය කරන්න පුළුවන් ඔයාටම විතරයි