අක්කා තේ එකෙන් බාගයක් බීලා.... ඉතුරු ටික තියලා ගියා.... නිකන් නෙවෙයි අයියා තේ එක බොනකල් බලාගෙන ඉදලා හිස් කෝප්පෙත් අරගෙනම ගියා....
හැබැයි මගේ හිතට පුංචි සතුටක් දැනුනා.... අයියා අක්කා කෝප්පෙන් තේ බිව්ව තැන මගෑරිලා තේ බිව්වා... ඒකත් කලේ හිතලම...
මං නිවෙන්න තිබ්බ තේ එකත් අරගෙන ලැප් එකත් ඔන් කරලා තේක බිබී වැඩ ටික කරන්න ගත්තා.....
"තරූ මට මහිමගෙ විස්තර ටිකක් කියන්නකෝ...."
"ආහ්..? මහීම..."
"ම්ම්.... මං ඔයාට එයා ගැන හොයන්න උදව් කරන්නම්...."
"මං අයියට විස්තර ටික එවන්නම් කුසල් ඕන විස්තර ටික එව්වාම...."
"ම්ම්... මහීම කියන්නේ මගේ තරූගේ කවුද එතකොට....""මගේ හොදම යාලුවා..."
"ඉතින් එයාට මොකද වුනේ...."
"අතුරුදහන්..."මං හිටියේ අයියත් එක්ක කතා කරන්න පුලුවන් මූඩ් එකක නෙවෙයි.... මට ඕනේ වුනේ අයියගෙන් හැංගෙන්න.... ඒත් ඒක කරන්න බැරි තරමට මං අසරනයි....
අයියා නැගිටලා ගිහින් දොර වහලා.... ආපහු මගේ ලගට ආවා.... එයා මගේ ලැප් එක උදුරලා අරගෙන පැත්තකින් තියලා මගෙ ඉස්සරහින් ඉදගත්තා...."ඇයි මාව මගාරින්නේ..."
"එහෙම එකක් නෑ...."මං බිම බලාගෙන කියනකොට අයියා මගේ මූන නෙකටෙන් උස්සලා කෙලින් කලා....
"කෙනෙක්ට කතා කරනකොට ඇස් දෙක දිහා බලාගෙන කතා කරන්න... "
"..........................."
"දැන් කියන්න.... ඇයි මේ ඇස් වල කදුලු..... මොකද්ද ප්‍රශ්නේ.... ඔයා ඇඩුව කාලේ ගියා... දැන් ඔයා අඩන්න බෑ...."
"අයියා දවසක මාව මොකක්ම හරි හේතුවක් නිසා දාලා ගියොත්... මං මොකද කරන්නේ...."
"එහෙම උනොත් මගේ මළ ගෙදරයි හත් දවසේ දානෙයි තියන්න ලෑස්ති වෙන්න...."
"මොකක්...?!"
"මං ඔයාව දාලා යන්නේ මැරුනොත් විතරයි කියලා කිව්වේ...."මට ඇත්ත කියන්නත් බෑ.... ඒක දරා ගන්නත් බෑ.... මං බිම බලාගත්තේ මට ඇඩෙන නිසා.... කොල්ලො අඩන්නේ නෑ... කොල්ලො අඩනකොට කැතයි.... නියම පිරිමින්ගෙ හිත හයියයි... කිය කිය මිනිස්සුන්ගේ ඔලු පිරිලා තියෙනකොට.... කොහොම ලෝකෙට පේන්න අඩන්නද....
මම බිම බලාගෙන කදුලු වැටෙන්න නොදී පිහ දැම්මා....

ВЫ ЧИТАЕТЕ
Letter of November [yizhan] sinhala
Фанфикආදරයයි වෛරයයි අතරේ තියෙන්නේ කෙස්ගහක වෙනසක් ඔයා තෝරාගන්නේ මොන පැත්තද එක තීරණය කරන්න පුළුවන් ඔයාටම විතරයි