"තරූට කොහොමද ලමා නිවාසේ හම්බවුනේ...."
"හැම දෙයක්ම දම් වැලක් වගේ එකට සම්බන්දයි.... මං තෙවිදු අනුහස්ව හොයාගෙන හැම ලමා නිවාසෙකටම... හැම ඉස්කෝලෙකටම ගියා.... එක තැනකට ගිහින් එතන එයා නැති වෙනකොට.... එතනදි මං ඊලගට යන තැන තීරනය කලා.... වික්රමසිංහ නිවාසේ තමා මං අන්තිමටම ගියපු තැන... එයා එතන හිටියෙත් නෑ... එතනින් එහාට මට යන්න තැනක් හිතාගන්න බැරි වුනා.... ඉතින් මං තාම එතන නැවතිලා ඉන්නවා....""ඇයි තරූ... ඔය කියන කෙනාව ලමා නිවාස වල... ඉස්කෝල වල හෙව්වේ... එයා පොඩි දරුවෙක්ද...."
"මට හිතුන විදිහට... ඒ තාත්තා කිව්ව විදිහට ඔව්...."
"අප්පච්චි මොනවද කිව්වේ....?"
"ආහ්..?"
"ඒ අප්පච්චි මොනවද කිව්වේ...."
"එයා කිව්වා... ම්...මගේ පුතාට එයාගේ පවුල හොයලා දෙන්න කියලා.... ඉතින් මට හොයලා දෙන්න කිව්වේ එයා අම්මාව හොයාගන්න බැරි තරම් පොඩි නිසා නෙවෙයිද...."
"ම්ම්....."අපි දෙන්නා කාර් එක ඇතුලට වෙලා නුවරට වහින අසනි වැස්ස දිහා බලාගෙන හිටියා.... මට ආසා හිතුනා ඒ වැස්සට තෙමෙන්න... මං කවමදාවත් වැස්සකට තෙමි තෙමී ඉදලා නෑ...
"දැනගෙන හිටියා නම් සමහර දේවල් ආසා වුනත් කරගන්න බැරි වෙන දවසක් එනවා කියලා.... මං ඒ දේවල් ඒ කාලේම කරලා ලස්සන මතකයක් විදිහට හිත ඇතුලේ තැනක හංගගන්නවා.... ඕනේ වෙලාවට මතක් කරලා සතුටු වෙන්න..."
"තරූට මගෑරුනේ මොකද්ද...."
මට හිනා ගියා... එයාට හිතෙයි මං පොඩි එකෙක් වගේ කියලා....
"වැස්සේ තෙමෙන්න...."
"තෙමිලා නැද්ද..."
"ම්හ්...."
"තෙමෙමුද....."
"දැන්ද...?!"මගේ අත අල්ලගෙන තෙනූ අයියා එහෙම අහද්දී මට පුදුම හිතුනා....
"ඔව්..."
"ඒත්..."
"මං ඉන්නවනේ... බය වෙන්න එපා...."එයා එහෙම කියද්දී මං හිනා වෙලා... හා කිව්වා....
කාර් එකෙන් එලියට බැස්ස අයියා... එහා පැත්තෙන් ඇවිත් මාව බැස්සුවා.... එක ක්ලචෙර්ස් එකක් විතරක් මගේ අතට දීලා අයියා මගේ නිත් පැත්තෙන් වාරු වුනා...
"මං ඉන්නකොට එකක් ඇති... මං ඔයාට වැටෙන්න දෙන්නේ නෑ...."
මගේ ඇග දිගේ අකුනක් වැදුනා වගේ හිරියක් යද්දී.... අයියා හරි පරිස්සමට මගේ ඉන වටෙන් එයාගෙ අත යවලා.... මාව එයාගේ ඇගට තද කරගෙන මාව වැව රවුමට එක්කගෙන ගියා....
අසනි වැස්සක් නිසා කුඩ නැති මිනිස්සූ කොහේ හරි වහලක් යටට දුවද්දී... කුඩ තියෙන අය තමන්ගේ ගමන ඉක්මනට යද්දී.... වලාකුලු බැම්මට අතක් තද කරගෙන... අපි දෙන්නා වැස්ස නිසා රැලි ගහන වැව දිහා බලාගෙන හිටියා....
"මිනිස්සු හිතනවා ඇති අපිට පිස්සු කියලා...."
"කවුද අනේ මිනිස්සු හිතන දේවල් ගනන් ගන්නේ.... තරූ ආස දේවල් මේ වගේ තව තියෙනවා නම් මට කියන්න..... "
"ම්ම්... එකක් තියෙනවා...."
"මොකද්ද...."
"තෙවිදු අනුහස්ව හොයා ගන්න ආසයි...."
"දවසක හම්බවෙමු...."අයියා හිනා වුනා.... අයියා හිනාවෙලා කිව්වා... එයා කිව්වේ හම්බවෙයි කියලා නෙවෙයි... හම්බවෙමු කියලා.... එයා නොකියා කිව්වේ එයා මාත් එක්ක ඉන්නවා කියලා... මට කියාගන්න බැරි සතුටක් දැනුනා..... දෙවියෝ මගේ දිහා බලනවාදෝ කියලා හිතුන මං හිනා වෙලා උඩ බලනකොට.... සීතල වතුර බිංදු මගේ මූනට වැටුනා.... මට දැනෙනවා අයියා නගේ දිහා වශී වෙලා වගේ බලාගෙන ඉන්නවා....
මං අයියා දිහාවට හැරුනා... වැටෙයි කියලදෝ මන්දා අයියා මාව තදට අල්ලගත්තා....
"අයියේ දෙයක් කියන්නද..."
"කියන්න බලන්න...."එයා හරි ඕනෙ කමින් මගේ දිහාම බලාගෙන හිටියා....
"මං හිතන්නේ මං ඔයාට ආදරේ කරනවා...."
"....................................."මං ඒ ඇස් දෙක දිහා බලාගෙන ඒක කිව්වා.... ගොඩක් කාලෙකට කලින් කියන්න තිබුන දෙයක්.... එයා මං කියනකල් බලාගෙන හිටපු දෙයක්.... ටිකක් පරක්කු වෙලා හරි මං ඒක එයාට කිව්වා.... මං දැක්කා... එයාගේ ඇස් දෙක ලොකු වෙනවා... එයා ඇස් දෙක ලොකු කරලා බෙල්ල පොඩ්ඩක් විතර ඇල කරලා.... මගේ දිහා හරියට පොඩි ලමයෙක් වගේ බැලුවේ... හරියට එයා හීනයක්ද දකින්නේ අහන්න වගේ....
"ම්...මොකද්ද... තරූ කිව්වේ.... ත්...තව එක පාරක් කියන්න...."
________________________
මම^_^
Nara...
YOU ARE READING
Letter of November [yizhan] sinhala
Fanfictionආදරයයි වෛරයයි අතරේ තියෙන්නේ කෙස්ගහක වෙනසක් ඔයා තෝරාගන්නේ මොන පැත්තද එක තීරණය කරන්න පුළුවන් ඔයාටම විතරයි