37 chapter

41 11 1
                                    

අම්මා...

"පුත්.."
"ශ්ශ්.... අරයාට ඇහෙයි..."

මං අම්මව ඇදගෙන එලියට ගියා.... කාර් එකේ තිබුන ක්‍රීම් එකකුත් අතට දුන්නා...

"අම්මා දැක්කද ඒ හිනාවේ ලස්සන..."

"ම්ම්..........."

"එච්චර ලස්සන හිනාවක් තියාගෙන එයා දුකින් ඉන්න එක තරහෙන් ඉන්න එක පවක් අම්මේ... එයාව සතුටින් තියන්න.... හරි හොද ලමයෙක් අම්මේ....ටිකක් එයාගේ ලගින් ඉන්න එයා තනි වෙලා ඉන්නේ...."

"මං බලන්නම් සුදු මහත්තයෝ... බය වෙන්න එපා...."

"අම්මේ මං දැන් ආවා කියලා තරුකට කියන්න එපා.... මේ ක්‍රීම් එක ගාලා එයාගේ කකුල් දෙක දනිස්සෙන් පැය බාගයක් විතර උඩට පල්ලයහට කරන්න පුලුවන්ද.... පව් අම්මේ.... එයා හිතන්න ඇති මට එයාගේ කකුල් දෙක හොද කරන්න කිව්ව එක අමතක වෙලා කියලා.... ඔයා දැක්කද එයා තනියම හිටගන්න ගිහින් වැටිලා... මූනත් තුවාල වෙලා...."

"අනෙ සුදු මහත්තයො.... පොඩ්ඩ ඇත්තම් ඇස් වල කදුලු පුරවගන්න එපා.... මං ඒ දරුවව ඇහැක් වගේ බලා ගන්නම්... යමු ගේ ඇතුලට..."

"බෑ මං දැන් යන්නම්...."

"ඇයි හදිස්සියේම ආවේ.... පුතා කාලද ඉන්නේ..."

"තාම කෑවෙ නෑ... ගිහින් කන්නම්.... ඔයාලා කවුරුත් කෝල් කලාට ආන්ස්වර් කරන්නේ නෑනේ... මං බය වුනා කරදරයක්ද කියලා...."

"මොකට බය වෙන්නද ගෙදරනේ ඉන්නේ..."

"ගිනි පෙනෙල්ලෙන් බැට කාපු එකා කනාමැදිරි එලියටත් බයයි අම්මා..."

මගේ ඔලුව අතගාපු අම්මා ඇතුලට යන්න හද්දද්දී... මං අම්මව නවත්තගත්තේ දෙයක් මතක් වෙලා....

"අම්මේ එයාට කල්පනා කරන්න දෙන්න එපා... ඒක එයාට හොද නෑ..."
"ම්ම්............"

තරුක සංජයන POV

අයියගේ අම්මා ජෙල් එකක් ගගා මගේ කකුලට එක්සයිස් කලා.... ටික වෙලාවක් එහෙම හිටිය මං ඵොන් එක ගත්තා... අයියාගෙන් කෝල් 10.... ඇයි මට කෝල් එක් ඇහුනේ නැත්තේ කියන එක ඔලුවට ලොකු ප්‍රශ්නයක් වෙද්දි මං ආපහු අයියට කෝල් එකක් ගත්තා....

පලවෙනි රින්ස් එකෙන් කෝල් එක ඉස්සුවා.....

"හෙලෝ තෙනූ අයියේ... කෝල් එකක් අරන් තිබ්බා...."
"හොදට බලන්න එකයිද කියලා...."
"සොරි මං දැක්කේ නෑනේ...."
"ඒකට කමක් නෑ මොකද කරන්නේ...."
"දැන් මේ කකුලට එක්සයිස් අරලා ඉවර වුනේ...."
"සාලෙට ගිහින් අම්මලා එක්ක කතා කර කරවත් ඉන්න... කම්මැලි ඇතිනේ...."
"ම්ම්....."
"ඕනම ප්‍රශ්නයක් මට කියන්න තරුක... අහන් ඉන්න මං ඉන්නවා හරිද...."
"මොකද එකපාරම...."
"නිකන් මතක් කලේ...."
".................."
"මං තියනවා..."
"ඉන්න...."
"කියන්න තරුක...."
"මට තව උදව්වක් ඕනේ...."
"කරන්නම්...."
"මොකද්ද කියල දන්නෙත් නැතුව....."
"හා... කියන්නකෝ..."
"මට අන්තිම ඉයර් එක කැම්පස් එකේ පිසිකලි යන්න ඕනේ...."
"ඒත්...."
"අනේ අයියේ... ප්ලීස් මට උදව් කරන්න...."
"මං කරන්නම්..."
"මාව ගිහින් දැම්මාම ඇති...."
"මං පේරා එකේ මේ දවස් වල මගේ ස්පෙශල් එක කරනවා... ඔයත් ඒ ගමන් යමු... හරිනේ...."
"ම්ම්..... තැන්ක්ස්..."
"පරිස්සමෙන්......"

එයා ඵෝන් එක තිබ්බා...










මහේශ් මට කෝල් කලා....

"හෙලෝ... "
"බොස් මං කම්පැනි එක බාරගන්න යන ගමන්... මං ආපහු පාරක් අහනවා මං මේක කරන්නම ඕනෙද බන්...."
"ඔව්...."
"නොදකින්...."
"උබ හොයල බැලුවද අපෙ කම්පැනි එක ගැන..."
"මේ වැඩේ ඉවර කරලා ඉන්නම්..."
"ම්ම්......"
"මං ඩ්‍රයිව් කරන ගමන් තියන්නම්...."
"එල...."







ටික වෙලාවකින් කාමරේට ආවේ අහිංසා අක්කා.... ඒකත් හදිස්සියකින් වගේ...

"මං මේ මල්ලිගෙන් දෙයක් අහන්න ආවේ....."
"කියන්න අක්කේ...."
"අපේ අයියට කාත් එක්ක හරි සම්බන්දයක් තියෙනවද...."
"ආහ්....?"
"ඔයා දන්න තරමට...."
"ම්හ්... නෑ..."
"එතකොට තිබිලත් නැද්ද...."
"මං එච්චර දන්නේ නෑ අක්කේ...."
"පොඩ්ඩක් අහලා මට කියනවද...."
"අහ්...?"
"ප්ලීස්...."
"ඉතින් අක්කට පුලුවන්නේ අහන්න.... ඒ අක්කගෙම අයියනේ.... මං ඒවා අහන එක හරි නෑනේ...."
"එයා මගේම අයියා නෙවෙයි... ඔයා දන්නේ නැද්ද..."
"අයියා කියලා තියෙනවා...."
"ප්ලීස් මට ඒ උදව්ව කරනවද...."
"උත්සහා කරන්නම්...."
"තැන්ක්ස්...."

අහිංසා අක්කා කතා කරද්දී ඒ ඇස් වල තිබ්බ මහා අමුතු හැගීම මට තේරුම් ගන්න බැරි වුනා.... ඒත් එක දෙයක් තේරුනා... එයා මට දුන්නු හිනාව බොරුවක්....

______________________________
මම

^_^

Nara...

Letter of November  [yizhan] sinhalaOnde histórias criam vida. Descubra agora