36 chapter

48 9 0
                                    

වැටිච්ච පාරට ක්ලචෙර්ස් දෙක පවා බිම වැටුනා.... ඒකවත් ගන්නේ නැතුව මං ඔහේ හිටියා....

හිතට හයියක් අරගෙන කරපු වැඩ දාහක් අපතේ යන විදිහට එක පුංචි දෙයකට පුලුවන් අපිව හරි ඉක්මනට වට්ටන්න.... හිත හයිය වුනත් කකුල් පන නැති මට තව කාගේ හරි හයියක් ඕනේ කියලා දැනුනා.... අඩන එක කොල්ලෙක්ට ගැලපෙන්නේ නෑ.... ඉතින් මට අඩන්න බෑ.... හිත ඇතුලේ පීඩනේ කියන දේ උපරිමේටම තියෙද්දී.... ඇවිදගන්නත් බෑ.... මගෙයි කියලා දැන් ඇති දේකුත් නෑ.... එහෙමයි කියලා අතාරින්න බැරි වගකීම ගොඩක් ඔලුව උඩ... මං මගේ වටේ ඉන්න හැමෝටමත් වදයක් වෙනවා.... එහෙමයි කියලා මට කවදාවත්ම ජීවිතේ අතාරින්න හිතන්නත් අයිතියක් නෑ.... මං අතරමං වෙලා....

"පුතේ මොකද කරන්නේ..."
"................."
"පුතේ...?"
"අහ්හ්..."

දවල් දෙකත් පහු වෙලා... මං කල්පනා කර කර ඉන්න අතර අයියගේ අම්මා කාමරේටත් ඇවිත් මට දැනුනේවත් නෑ.... ආන්ටි ඇවිත් මගේ එහා පැත්තෙන් ඉදගත්තා....

"පුතා මොනවද කල්පනා කරන්නේ...."
"මොකුත් නෑ..."

අයියාගේ අම්මා මගේ අත් දෙක අල්ලගෙන මාව ඇදේ ඉන්දෙව්වා...

"ප්‍රශ්න කියන දේවල් තියෙනවා නේද... ඒවා හංගන්න හොද නෑ.... ඒක මෙන්න මෙතනට කොහොමත් හොද නෑ.... හැමදේම කාටහරි කියලා හිත නිදහස් කරගන්න.... පුතාට ඕන දෙයක් මට කියන්න තේරුනාද.... මෙන්න මෙතන නිදහසේ තියාගන්න....."

අයියාගේ අම්මා මගේ පපුවට අත තියලා
කියද්දී මං හිනා වුනා....

"පුතා දන්නවද පුතාට හරී ලස්සන හිනාවක් තියෙනවා.... පුතා තරහ ගන්න දුකෙන් ඉන්න එපා... හැම වෙලේම හිනාවෙලා ඉන්න.... දැන් කියන්නකෝ මොකද්ද ප්‍රශ්නේ...."

"මගේ මුලු ජීවිතේම අවුල් වෙලා ආන්ටි.... මන් දන්නේ නෑ කොතනින් පටන් අරගෙන කොතනින් ඉවර කරන්නද කියලා...."

"මේ ලෝකේ ජීවිතේ පිලිවලට තියෙන කවුරුත් නෑ...... ජීවිතේ පැටලිලා... අපි ඒවා ලිහන්න හදනකොට බලාපොරොත්තු නොවිච්ච දේවල් සිද්ද වෙනවා ඒ නිසාමයි ජීවිතේ මෙච්චර ලස්සන.... දැන් ඉන්න තැනින් පටන් ගන්න මොකද අපි ඉන්නවා ඔයාගේ උදව්වට.... අයියා දැන් ටිකකට කලින් කෝල් කරලා කිව්වා ඔයාගේ ඵෝන් එක වැඩ නෑ පොඩ්ඩක් බලන්න මුල්ලක ඉදන් කල්පනා කර කර ඉන්නවද දන්නේ නෑ කියලත්.... පුතාට තනියම ඉන්න බැරි නම් සාලෙට එන්න අපිත් එක්ක කතා කර කර ඉන්න ගමන් වැඩක් කරන්න...."

මං හිතන්නේ අයියට මිනිස්සුන්ගේ හිත් කියවන්න පුරුදු කරන්න ඇත්තේ එයාගේ අම්මා....

"එහෙනම් යමු..."

මං හිනා වෙලා යමු කියද්දී අයියාගේ අම්මා මොකද්ද ජෙල් එකක් අරගත්තා...

"දැන් බෑ... දැන් ඔයාගේ කකුලට බෙහෙත් කරන වෙලාව.... ඉක්මනට ඇවිදින්න ඕනේ කිව්වා නේද....ම්ම්"

මං හිනා වුනා... කියන්න සතුටුයි... ඉස්සර හිනාවක් හොයාගන්න බැරි වුනු මගේ මූනට මේ පුංචි පවුල එක දවසක් යන්නත් කලින් හිනාව ගෙනත් දුන්නා....

තෙවිදු අනුහස් POV

OPD එකෙන් එලියට ආව මං කෑම කන්න කලින් තරූට කෝල් කලා....

රින්ස් යනවා ඵෝන් එක උස්සන්නේ නෑ.... කෝල් දහයකටත් වඩා ගත්තා.... මං ගෙදරට කෝල් කලා.... ගෙදර කවුරුත් ඵෝන් උස්සන්නේ නෑ....

දවල්ට කන්න ගෙදරට ගිහින් එන්නම් කිව්ව මං ඉකමනට වාහනේට නැගලා ගෙදරට ආවේ කලබලෙන්....

ගෙදර දොරත් ඇරලා කවුරුත් පේන්න නැති වෙද්දී මං ඉක්මනට ගියේ තරුකගේ කාමරේට....

එයා ඉන්නවා ඇදේ හාන්සි වෙලා.... සිවිලිම දිහා බලාගෙන එයා කල්පනාවක්.... ඵෝන් එකත් එහා පැත්තේ තියාගෙනත් එයා ඵෝන් එක ආන්ස්වර් කලේ නෑ.... එයා මාව මගාරිනවාද කියලා හිතෙද්දී.... මං ආපහු කෝල් එකක් ගත්තා... ඵෝන් එක රින්ස් ගිහින් ඉවර වෙනකනුත් එයා වෙන කල්පනාවක.... එයාගෙන් මොන සිහියෙන් ද ඉන්නේ කියලා අහන්න යන්න හදද්දීම මං දැක්කා එයා කදුලු පිහ දානවා.... මං එහෙන්මම නතර වෙලා බලන් ඉදිද්දීයි දැක්කේ එයාගේ ඇහැක් පවා ඉදිමිලා... ක්ලචෙර්ස් බිම වැටිලා.... වෙච්ච දේ හරියට තේරුම් යද්දී මට මං ගැනම තරහා ගියා....

එයා තනියෙන්ම ඇවිදින්න හැදුවේ... එයාට විශ්වාසයක් නෑ ඒක මං කරයි කියලා.... එයා හිතන්න ඇති මං ඒක ගනන් ගත්තේ නෑ කියලා.... මට ඒක අමතක වෙලා කියලා හිතන්න ඇති.... මට ඒක ගැන තව හිතන්න තිබ්බා...

මට මං ගැන දැනුන තරහට මගේ අත් දෙක මිට මෙලවෙද්දී මට දැනුනා කවුරු හරි මගේ අතින් අල්ලනවා....

_______________________
මම

^_^

Nara...

Letter of November  [yizhan] sinhalaWhere stories live. Discover now