24 chapter

51 10 0
                                    

තරුක සංජයන POV

සුනිල් මාමාව ගෙන්න ගත්තු මං සුදු අම්මාත් එක්ක  දළදා මාළිගාව වදින්න ගියා.....  හවස් වෙද්දි දලදාව වැදපු අපි වාහනේට ආවා....

"තරුක මහත්තයො දැන් කොහෙද යන්න ඕනේ...."
"සුනිල් මාමේ අර තැනට යමු......"
"..............................."

මං අර තැන කිව්වේ කොහෙද කියන්න දන්න සුනිල් මාමා සද්ද නැතුව වාහනේ ඩ්‍රයිව් කලා..... අපි දෙන්නා දිහා බලන් හිටිය සුදු අම්මා මගේ මූන දිහා බැලුවා....

"කොහෙද පුතෙ දැන් මේ යන්නේ....?"
"පොඩි ගමනක් යන්නේ.... ගිහින් බලමුකෝ...."
"........................"
"මාමේ බඩු ටිකක් ගන්න හොද කඩයක් බලලා නවත්තන්නකෝ....."
"හොදයි තරුක මහත්තයා "

වාහනෙ පොඩි මින්සර.එකක් ගාව නවත්තද්දී මං මාමට සල්ලි දුන්නා පොත් පෑන් පැන්සල් ටිකක් ගේන්න කියලා....

බඩුත් ගත්ත අපි ටික වෙලාවකින් හැරෙව්වේ ලමා නිවාසෙට යන පාරට.....

නැවැත්තුව වාහනෙන් හෙමීට බැස්ස මං ලමා නිවාසේ ඔෆිස් එකට ගියා....

"ආ මහත්තයා ගොඩ කාලෙකින් මේ පැත්තෙ ඇවිත්....."
"ඔව් මැඩම්...... ටික කාලයක් එන්න බැරි වුනානේ..... අසනීප වෙලා හිටියා....."
"මහත්තයා අරෙහෙට ගිහින් ඉදගෙන ඉන්න තව ටිකකින් ලමයින්ට තේ වෙලාව එයාලා සෙල්ලන් කරන්න එයි...."
"අද මං විතරක් නෙවෙයි.... මං මගේ අම්මවත් එක්කගෙන ආවා....."
"අනේ කොච්චර දෙයක්ද.... මහත්තයා ආපු එකම මදෑ මේ අදත් තෑගි ගෙනල්ලනේ....."
"ඕක මොකද්ද මැඩම්.... මැඩම් ඔය ටික බෙදන්නකෝ.... අපි අරෙහෙන් ඉන්නම්...."

මැඩම් එක්ක කතා කරපු මං සුදු අම්මාගෙ උදව්වෙන් එලියට ඇවිත් වෙනදාත් ඉදගන්න බංකුවෙන් ඉදගත්තා.... ඇස් වල කදුලු පුරවගෙන හිටිය සුදු අම්මා මං දිහා බැලුවා.....

"අනේ ඇයි සුදු අම්මෙ ඇස් වල කදුලු....."
"තරුක පුතාට මාව අම්මෙක් තරමටම දැනෙනවද පුතේ...."
"නැතුව මොකද දෙය්යනේ අම්මා නැති මට අම්මා ඔය තමයි....."
"පුතා ඔහොම දේවල් කියන කොට මොන දහංගැටේ දාලා හරි නවතින්න හිතෙනවා....."
"මං සුදු අම්මට යන්න දෙන්න හිත හදාගත්තා.... සුදු අම්මත් හෙටින් පස්සේ මාව අමතක කරලා දාන්න...."
"මොනවද දෙයියෝ ඔය කියන්නේ... මං කොහොමද එහෙම අමතක කරන්නේ...."
"වෙන්න ඕන දේ තමා මං කිව්වේ.... දැන් ඕවා මතක් කරන්න එපා.... අන්න ලමයිව එලියට දැම්මා.... සුදු අම්මා දන්නවද.... හිත රිදෙන හැම වෙලේකම මං මෙතනට එනවා..... තනි වෙලා කියලා හිතෙන හැම වෙලාවකම මං මෙතනට එනවා..... මෙයාලව දකින කොට මට දැනෙනවා.... කවුරුත්ම නැති වුනත් මොනවත්ම නැති වුනත්.... එහෙම මිනිස්සුන්ටත් සතුටින් ඉන්න පුලුවන් කියලා.... බලන්න සුදු අම්මේ මේ ලෝකේ වෙන්න පුලුවන් නරකම දේවල් ඔක්කොම වෙලත් එයාලා හිනාවෙන ලස්සන....."

අපි ඈත ඉදන් සෑහෙන වෙලා එයාලා දිහා බලන් හිටියා.... මං ගෙනිච්ච බඩු බෙදලා..... පොඩි ලමයි ඒවා තුරුල් කරන් ඉන්නේ හරි සතුටින්.... එයාලා හිනා වෙනවා.... මේ වෙලාවේ හිනාවෙනවා කියලා හිතන්නවත් බැරි සුදු අම්මගෙයි මගෙයි මූනේ පවා හිනාවක් ඇදුනා ඒ හිනාවක් දැකලා.....

තෙවිදු අනුහස් POV

මගේ ජීවිතේ මං වැඩිපුරම හිනා වුනු දවස අද වෙන්න ඇති..... වාහනේ එනකල් අම්මයි නංගියි එක්ක හිනා වෙවී... කතා කර කර ආවා..... මහනුවරට එනවත් එක්කම මට අම්මව නිවාසෙට එක යන්න ඕනේ වුනා..... මොකද මටයි ප්‍රවීන්ටයි පස්සේ..... මං අම්මා හොයා ගත්ත එක දැන ගන්නම ඕන කෙනෙක් තමයි නිවාසේ මැඩම්......

"අම්මේ අපි නිවාසෙට ගිහිල්ලා යමුද.... ඔයාලාව හම්බුනා කියලා දැනගත්තම මැඩම් ගොඩක් සතුටු වෙයි....."
"යමු ගිහිල්ලා කතා කරලා එමු....."
"............................."

අපි වාහනේ නිවාසේ ගාව නවත්තලා බැස්සා.... ලමයි සෙල්ලම කරනවා.....

"මැඩම්....."
"ආ අපේ දොස්තර මහත්තයානේ..... මොකද මේ පැත්තේ....."
"මැඩම් මං අම්මව හොයාගත්තා.... මේ එක්කගෙන එන ගමන් මුලින්ම ආවේ මැඩම්ව හම්බවෙන්න....."
"අනේ කොච්චර හොදද.... අද නම් ලමයිනුයි අම්මලයි හම්බවෙන දවසක්ද කොහෙද..... අපේ ලමයි බලන්න එන අර මහත්තයත් අද අම්මත් එක්ක ඇවිත් තිබ්බා...."

එහෙම කියන ගමන් මැඩම් අත දික් කරපු දිහා බලපු මං දැක්කේ සෙල්ලම් කරන ලමයි දිහා බලං ඉන්න තරුකව.....

"ත්...තරුක..."

ඉක්මනට එයාට මාව පේන තැනකට දුවපු මං අත වැනුවා..... මාව දැකපු එයා හිනා වුනා....  හැබැයි ඒ ඇස් ටිකකට කලින් අඩලා කියලා මට පෙනුනා.....

__________________________
මම

^_^

Nara...

Letter of November  [yizhan] sinhalaWhere stories live. Discover now