34 chapter

53 9 0
                                    

මගේ වාසනාවට හිරි අරින ගමන් තෙනූ අයියා නැගිට්ටේ.... හීනෙන් හරි සිද්ද වෙච්ච දේ තේරිලා....

"අහ්.... අම්මා.... මං පරක්කුයි ද...."
"සුදු මහත්තයා මෙතනද නිදා ගත්තේ....."
"බලන්නකො.... තරුක වැඩ කරපු නිසා තනි රකින්න ඇවිත් මට නින්ද ගියානේ...."
"ශෝක් මනුස්සයා තනි රකින්න ඇවිත් තියෙන්නේ...."

අයියාගෙ උත්තරෙත් එක්ක නැන්දා හිනාවෙවී ඇවිත් අයියට ටොක්කකුත් ඇන්නා....

"සුදු පුතා ඔයාලා උදේට තේ බොනවද..."
"මං නම් බොන්නේ නෑ අම්මා.... එත් තරුක බො..."

මගේ නම කියන ගමන් මගේ පැත්ත බැලුව අයියාගේ මූන වෙනස් වුනේ කාලගුනේ වගේ....

"නෑ අම්මේ කවුරුත් තේ බොන්නේ නෑ... අම්මා යන්න මට එයා එක්ක පොඩි ගනුදෙනුවක් තියෙනවා....."
"අනේ මන්දා මේ ලමයි නම්...."

හිනා වෙවී නැන්දා යන්න යනකොට.... බිමින් නැගිටලා ඇදේ මන් ගාවින් වාඩි වුන අයියා.... මගේ දිහා කන්න වගේ බලාගෙන හිටියා..... මං මූන ඇද කරලා කියවන්න ගත්තා....

"මොකද බලන් ඉන්නේ.... මට තේකක් ගේන්නත් එපා කිව්වා..."
"ඇයි නිදා ගත්තේ නැත්තේ...."
"ආ ඒකද මේ...."
"ඒකද මේ නෙවෙයි තරූ.... මහ ලොකුවට කකුල් හොද කරන්න කිව්වට රෙස්ට් කරේ නැත්තම් කකුල් හොද උනාම මෙතන ඇවිදින පිස්සෙක් ඉදියි.... ඔච්චර් ස්ට්‍රෙස් වෙන්න එපා..... කරුනාකරලා දැන් නිදා ගන්න..... මං වැඩට යන්න කලින් ඇවිත් බලනවා.... එතකොට නිදාගෙන ඉන්න ඕනේ.... බොරු කලොත් හොයා ගන්නත් මං දන්නවා... තෙරුනාද "
".............................."

මගේ ඇගේ හිරිගඩු පිපුනා වගේ වුනා.... මාව උරහිස් දෙකෙන් අල්ලගෙන එයාගෙ පැත්තට ඇදගෙන මට කතා කලා විතරක් නෙවෙයි..... එයා මට තරූ කියලත් කිව්වා.... කවදාවත් කවුරුත් මට එහෙම කතා කලේ නෑ.... එයා මොනවා කිව්වද දන්නේ නෑ මට ඇහුනේ එයා තරූ කියන එක විතරක් වෙද්දී.... මං අයියා දිහා කන්න වගේ බලාගෙන හිටියා.... අයියා හයියෙන් මගේ උරහිස් වලින් හොල්ලනකොට මං ගැස්සිලා සිහියට ආවා....

"දැන් මොකද කන්න වගේ බලාගෙන ඉන්නේ..... නිදා ගන්නවද නැද්ද...."
"ආහ්...."
"මොකෝ මට වශී වුනාද.... කැමැත්ත දෙන්න එතකොට ඔයාගේනේ.... දැන් නිදාගන්න...."
"පිස්සු..... උදේ පාන්දර යකෙක් දැක්කා ඒකයි බය වුනේ....."

Letter of November  [yizhan] sinhalaWhere stories live. Discover now