දැන් එයා විතරක් නෙවෙයි මාත් නිහඩයි.... අපි දෙන්නම ගොලු වෙලා... මං මොනවා කියන්නද... ඕක හිතන්න එපා කියන්නද.... දැන් ඒක් වෙලා ඉවරනේ කියන්නද.... කතාව අහපු මට ඒ දුක දරා ගන්න බැරි වෙනකොට..... අයියට ඒක කොහොම දරා ගන්න කියන්නද....
"අයියේ ගමනක් යමුද..."
"....................."එයා කතා කලේ නෑ ඒත් හා කියන්න ඔලුව වැනුවා.... මං හෙමිට නැගිටින්න හදනකොට එයා මාව වාරු කරගත්තා.... මාව කාර් එකෙන් ඉන්දෙව්ව එයා කොහෙද යන්න ඕනේ කියලා වත් අහන්නේ නැතුව වාහානේ ස්ටාර්ට් කලා.... යන තැන දන්නේ නෑ කියලා මතක් වුනු එයා මගේ දිහා බැලුවා.... කටින් මොකුත්ම නොකිව්ව එයා ඇස් වලින් ඇහුවා කොහෙටද කියලා..... මං එයාගේ පපුවට අත තිබ්බා.....
"දිගටම මේ හිත කියන විදිහට ඩ්‍රයිව් කරගෙන යන්න.... එයා හරවන්න කියනකල් කෙලින් යන්න.... එයා හරවන්න කියන පැත්තට හරවන්න.... එයා නවත්තන්න කියන තැන නවතින්න.... ඒ එක්කම මමත් ඔයා එක්ක ඉන්නවා කියලා අමතක ගන්න....."
"............................."
අයියා ටිකක් වෙලා මගේ දිහා බලාගෙන හිටියා.... මං ඒ ඇස් වල කියාගන්න බැරි තරම් පීඩනයක් දැක්කා.... එයා අත් දෙකෙන් සුක්කානම තද කරගෙන ඩ්‍රයිව් කරන්න ගත්තා.... මට ඕනේ වුනේ එයාගේ හිතට නිදහස්ක් දැනෙන තැන එයාම හොයාගෙන යන ගමන් ඩ්‍රයිව් කරන අතරේ එයාගේ පීඩනේ අඩු කරන්න..... හරියට මං නිවාසෙට යනවා වගේ.....
එයා ඩ්‍රයිව් කලා.... ඒ පාරේ ඩ්‍රයිව් කරන්න පුලුවන් කොච්චර වේගෙකින්ද එයා ඒ උපරිම වේගෙන් ඩ්‍රයිව් කලා.... කොච්චර තදට සුක්කානම අල්ලගෙන හිටියද කියනවා නම් එයාගේ අත් දෙක සුදුම සුදු පාට වෙන්න තද වෙලා තිබ්බා.... එයා එක දිගට ඩ්‍රයිව් කලා.... ඒත් ඩ්‍රයිව් කලේ වැව රවුමේ විතරයි.... එයා වැව රවුමේ දැන් පැය බාගයක් විතර වට පනහට වැඩිය ඩ්‍රයිව් කලා.... පිස්සෙක් වගේ..... ඒසී එක තිබිලත් එයාගේ ඇගේ දාඩිය දාලා තිබ්බා....
එයා එක පාරට අපි පටන් ගත්ත තැනදිම හයියෙන් බ්‍රේක් එකක් ගැහුවා.... මං එයාගේ දිහා බලගෙන හිටියා.... ලොකු හුස්මක් ගත්තු එයා.... අත් දෙකෙන්ම කොන්ඩේ ඇදගෙන වාහනේ ඇතුලේ හයියෙන් කෑ ගැහුවා..... මං ඒත් බලාගෙන හිටියා....
"ආහ්....!!!!"
ටික වෙලාවක් සුක්කානමේ ඔලුව ගහගෙන හිටිය එයා එක පාරට මොකක් හරි මතක් වෙලා වගේ ඔලුව ඉස්සුවා....
"ස්...සමාවෙන්න තරූ.... මට අමතක වුනා...."
"මං ඉන්නවා කියලා අමතක වුනා.... එහෙමනේ.... මං දන්නවා ඒකයි අමතක කරන්න කියලා කලින්ම කිව්වේ..."
"ම්ම්..........."එයා මට ඉගැන්නුව මැජික් එකෙන්ම මං එයා දිහා බැලුවා.... මං දැක්කා ඒ ඇස් දැන් කලින්ට වඩා හොදින්....
"දැන් ටිකක් හරි නේද...."
"ම්ම්............"
"දෙයක් අහන්නද...."
"ම්ම්............."
"එදා අයියා කිව්වා නේද මේක තමයි ලෝකේ තියෙන වේදනාකාරී තැන කියලා....."
"ම්ම්........"
"මං කියනවා ඒක එහෙම නෙවෙයි කියලා....."
"....................."අයියා මගේ දිහා බලාගෙන හිටියා....
"මේ තැන තමා ඔයා වෙනුවෙන් නිදහස්ක් තියෙනවා කියලා ඔයාට දැනෙන එකම තැන.... ඇයි දන්නවද....... ඔයා ඔයාගේ අමාරු දවස් ගෙවා ගන්න හැමදාම ආවේ මෙතනට නිසා...."
මං දැක්කා තෙනූ අයියාගෙ ඇස් ගැස්සෙනවා.... එයා කලබලෙන් මගේ පැත්ත හැරුනා....
"ඔ... ඔයා කොහොමද ඒක දන්නේ...."
"ඔයා අර කිව්ව පුංචි ලමයා තාත්තා හොයාගෙන ඒ ලමයා ආවේ මෙතනට.... යාලුවා ගිය වෙලාවේ ඔයා ආවේ මෙතනට.... අද ඔයා ආවේ මෙතනට.... ඉතින් ඒක එහෙම නෙවෙයිද....."
"ම්ම්.............."එයා එලිය බලාගෙන ම්ම් කිව්වා.... එලියේ පොද වැස්සක් පටන් ගත්තා.... මං අද හරියටම දැක්කා.... ඒ කතාව ඇත්ත.... නුවර ලස්සන වැස්සට.....
එලියේ වහිද්දී ශටර් එක ඇරිය අයියා.... වැව දිහා බලාගෙන මගෙන් ප්‍රශ්මයක් ඇහුවා....
"තරූටත් තියෙනවද ඒ වගේ නිදහස දැනෙන විශේශ තැනක්...."
"ඔව්... මටත් තියෙනවා... හරි ලස්සන තැනක්....."
"නිවාසේද...."
"ම්ම්...... ඔව්, අයියා දන්නවා නේද...."
"නිකමට හිතුනා...."මං දැක්කා අයියාගේ මූනේ වේදනාවත් එක්ක මුහු වෙච්ච පුංචි හිනාවක්.... ඒ හිනාව ලස්සනයි... ඒ වුනත් ඒ හිනාව නිසා මට සෑහෙන්න රිදුනා.... මොකද මට දැනුනා අයියට රිදෙනවා කියලා... මං හිතන්නේ මං අයියට ආදරේ කරන්න පටන් අරගෙන....
අපි දැනට ඔහොම හිනා වෙලා... හෙමීට පුරුදු වෙමු ආපහු ලස්සනට හිනා වෙන්න....
__________________
මම^_^
Nara...
YOU ARE READING
Letter of November [yizhan] sinhala
Fanfictionආදරයයි වෛරයයි අතරේ තියෙන්නේ කෙස්ගහක වෙනසක් ඔයා තෝරාගන්නේ මොන පැත්තද එක තීරණය කරන්න පුළුවන් ඔයාටම විතරයි