28 chapter

49 8 0
                                    

තරුක සංජයන POV

'එච්චරමද...?'
'ඇත්තටම  එච්චරද කියල හිතලා බලන්න...'
'මං රෑට කෝල් කරන්නම්...'

කාත් කවුරුවත්ම නැති වෙන්නම.... අබ්බගාත මං අවසානෙදි තනි වුනා..... ප්‍රශ්න එක්ක පටන් ගත්තු දවස..... තවත් අලුත් ප්‍රශ්න කෝටියක් එක්ක ඉවර වෙනවා..... කවුරුවත්ම නැති ගෙදර අබ්බ්ගාත මං මිදුලටවත් යාගන්න බැරුව රොදපුටුවෙන් දොරකොඩට වෙලා..... ඉවර වෙලා යන දවස දිහා බලාගෙන ඉන්නවා.....

අහම්බෙන් දකින කෙනෙක්ට වුනත් කොච්චර මූසල දර්ශනයක්ද..... එකම එක ලයිට් එකක් විතරක් වැඩ කරන මූසල ගෙදරක.... ගොම්මන් වෙලාවේ.... ඇවිදින්න් බැරි අබ්බගාතයෙක් දොරකොඩට වෙලා ඔහේ බලාගෙන ඉන්නවා.....

රෑ වෙනවා කියලා දැනෙද්දී..... එයා කිව්ව වචනකන ඇතුලේ දෝංකාර දෙනවා..... මේ ලෝකේ වෙන හැමදෙයක්ම මට පැටලිලා තියෙද්දී.... මං කොහොම කියලා.... දේවල් තේරුම් ගන්නද....

ඒ ලියුම නොතියෙන්න.... මේ හැමදේම දමලා ගහලා.... මං යන්නම යනවා.....

මැරෙන්න ඕනයි කියලා කෑ ගහන මේ හිතේ කොනක.... ඉක්මනට රෑ වෙනකල් හරි නොසන්සුන්කමක් හැංගිලා තිබ්බා....

ලොකු හුස්මක් ගත්තු මම ඇතුලට එන්න හැරුනා..... ගෙදර ගේට්ටුව ඇරුනා... වාහනයක් ඇතුලට ආවා.....

මාමාගේ වාහනේ....

වාහනෙන් බැහැලා එලියට ආවේ මාමායි නැන්දයි.....

ලගට එද්දියි දැක්කේ.... ඒ මූනූවල අනුකම්පාවත් එක්ක හරි සියුම් හිනාවක් තිබ්බා.....

මගේ හිත පොඩ්ඩකට ගැස්සුනා..... මොකද ඔරවන හතුරන්ට වැඩිය මං.... හිනවෙලා ලගින් ඉන්න හතුරන්ට බයයි.... මොකද.... උන් පිහියෙන් අනින්නෙම.... පිටිපස්සෙන් ඉදලා....

මමත් යන්තම් හිනාවක් දුන්නා...

"තරූ.... ඔයා කාලද පුතේ...."
"තාම නැ මාමේ...."
"ඉන්න මං මොනවා හරි හදන්නම්...."
"ඕනේ නෑ නැන්දේ සුදු අම්මා උයලා ගියේ අදට...."
"ඔය ගෑනී.... අම්මා කියන්නවත් එපා ඕකිට පුතේ...."
"නැන්දේ...?!"
"හරි හරි අපි ඇතුලට ගිහින් ඉදගමුකො....."

නැන්දා මාව ඇතුලට එක්කගෙන එද්දී මාමා සෙටියේ ඉදගෙන කකුලක් පිට කකුලක් දාගෙන හිටියා....

"කොයි වෙලේද පුතේ අර ගෑනි ගියේ....."
"අද හවස...."
"බලන්නකෝ අපිට දැන් ටිකක කලින් කෝල් කරලා කියනවා.... මම ජොබ් එකෙන් අස් වුනා.... මට දැන් ලෙඩ්ඩු බලලා ඇති වෙලා තියෙන්නේ කියලා..... අපි කිව්වම මොකක් හරි සෙට්ල් කරගන්නකල් ඉන්න වැඩිපුරත් කීයක් හරි දෙන්නම් කියලා.... මේ ගෑනි කිව්වෙ නැතෑ මං මේ යන ගමන් ආය එන්නේ නැයි කියලා.... මේ මාසේ පඩියත් එපා කිව්වා.... ඒ කිව්ව වෙලේ ඉදන් අරෙහෙ නංගියි නැන්දයි අඩනවා.... ඒකයි මේ රෑම ආවේ පුතේ....."
"......................................"
"දැන් අපි මොකද කරන්නෙ පුතේ...."
"................................."
"හැම තැනම බලාගන්න කෙනෙක් හෙව්වා..... කවුරුත් කැමති නෑ අවුරුදු 23ක ලමයෙක්ව බලාගන්න කවුරුත් නැති ගෙදරකට එන්න..... මන් ටිකක් කල්පනා කලා.... අපි හොද නර්සින් හෝම් එකක් බලලා ඒකට යමු පුතේ....."
"..........................."

මට මේ ලෝකේ කාවවත්ම විශ්වාස නැතත්.... සුදු අම්මා කිව්ව හැමදේම මෙතන වෙනකොට.... මට දරා ගන්න බැරි තරහක් ආවා..... කකුල් පන නැතත් මමත් පිරිමියෙක්......කකුල් පන නැතත් කොන්ද පන තියෙන නිසා..... මං මං වෙනුවෙන් කතා කරන්න හිතුවා.....

"ඕනේ නෑ මාමේ.... මං දැන් ටික ටික හොද වේගන එන්නේ...."
"ම්..මොකා...?"

මං දැක්කා එයාලගේ ඇස් ගැස්සෙනවා.....

"ඔව් මට දැන් ටිකක් කකුල් දැනෙනවා.... මට තනියම වැඩ කරගන්න පුලුවන් මාමේ......"
"ම්...මේ එහෙනම් ප්... ප්‍රශ්නයක් නෑනේ.... අපි ගිහින් හෙට එන්නම්.... හදිස්සියක් උනොත් කතා කරන්නකෝ...."
"පොඩ්ඩක් ඉන්න මාමේ..... මං කොහොමත් මාමා එක්ක කතා කරන්න හිටියේ...."
"මොනවා ගැනද...."

දැන් හිනාවක් වත්.... ආදරයක්වත් මොකුත් නෑ...  දෙන්නගෙම මූනූ කලු වෙල ගිහින්....

"තව අවුරුද්දකින් මගේ උපාධිය ඉවරයි.... දැන් මට තාත්තගේ කම්පැනි එක බලා ගන්න පුලුවන්.... පුලුවන් ඉක්මනට ඩොකියුමට්ස් හදලා....... ඒක මට දෙන්න මාමේ......"

මාමා මූන ඇද කරලා කින්ඩියට හිනා වුනා.....

"මං එක පාරක් හොදින් අනතුරු ඇගෙව්වා තරුක.... තාම වැරැද්දක් කරලා නෑ ඒත් කරන්න හිතන්නවත් එපා කියලා.... ඔයා ඒ වැරැද්ද කරන්න හදන්න එපා..... ඒ කම්පැනි එකට මටත් අයිතියක් තියෙනවා..... මගේ නංගිගේ නමට ඒ කම්පැනි එක තියෙන්නේ.... ඩිරෙක්ටර් බෝඩ් එකත් මගේ පැත්තට.... ම්ං දෙන්නේ නෑ..... අරන් පෙන්නපන්.... ඊට කලින්.....තමට කියලා ජීවත් වෙන්නවත් සල්ලි තඹ දොයිතුවක් නැතුව හෙට ඉදලා කවුරුත් නැති මේ ගෙදර මැරෙන්නෙ නැතුව ජීවත් වෙලා පෙන්නපන්...."
_______________________________
මම

^_^

Nara...

Letter of November  [yizhan] sinhalaDove le storie prendono vita. Scoprilo ora