POV තරුක සංජයන
පිරිමි දෙන්නෙක් ආදරේ කරනවා..... ඒක වෙන්න පුලුවන්ද.... මගේ හිතේ එයා කවුද කියලා නොදැන උනත් ඒ තිබුන හැගීම...... ආදරේ කියන්නේ ඒක වෙන්න පුලුවන්ද..... හිතාගන්න බැරි හැගීම් ගොඩක් මැද්දේ හිර වෙලා.... විශ්වාස කරන්න බෑ කොහොමද එහෙම මනුස්සයෙක් අබ්බගාතයෙක්ට ආදරේ කරන්නේ කියන එක වත්.... එයාගේ ඒ වචන මගේ නින්ද පවා නැති කරද්දී..... ඒත් ඒක කිව්වත් හරි එයා හරියට කතා කලේ නෑ.... ඒ වචන වලට එයා පසු තැවෙනවද.... එහෙම නැත්තම් ඒක බොරුවක්ද.... විහිලුවක් ද.... එහෙනම් ඇයි මේ ආපහු පාරක් බලාපොරොත්තු දුන්නේ.... මේ ගෙවන ජීවිතේම දරාගන්න බැරි මට..... තවත් බරක් එකතු වෙලා....
වටේම මල් පිපිලා තියෙන ගාඩ්න් එකේ.... හෙවන තියෙන අඹ ගහ යට රෝදපුටුවට වෙලා.... ඒ මැසේජ් එක දිහා බලාගෙන..... මං මගේ හිතත් එක්ක අරගලේක.... මගේ ලගට ආව සුදු අම්මා මගේ ඔලුව අතගාන්න ගත්තා...
"මහත්තයෝ.... මොනවද ඔච්චර කල්පනා කරන්නේ...."
"සුදු අම්මේ මිනිස්සුන්ට මං වගේ අබ්බගාතයෙක්ට ආදරේ කරන්න පුලුවන්ද....."
"කවුද අපේ දොස්තර මහත්තයාද...."සුදු අම්මා හිනා වෙවී අහනකොට මට පුදුම හිතුනා....
"සුදු අම්මා කොහොමද දන්නේ...."
"මං දැනන් හිටියා...."
"ඒත් කොහොමද...."
"දොස්තර මහත්තයා එදා හරි කලබලේකින් ඇවිත්..... පොඩි මහත්තයා කෝ කියලා අහලා..... හොදින්ද කියලා ඇස් දෙකෙන්ම බලාගන්න ඕනෙයි කියලා.... කාමරේට ආපු වෙලාවේ..... පොඩි මහත්තයා හිටිය විදිහ දැකලා දොස්තර මහත්තයා කොච්චර නම් කලබල උනාද කියනවනම්.... දොස්තර මහත්තයාට..... එයත් දොස්තර මහත්තයෙක් කියලා අමතක වෙලා වගේ..... පොඩි මහත්තයාව දෝතට අරන් පහලට දිව්වේ..... ඒ විතරක්ද.... ඔය එදත් ඇවිත් තනියෙන්ම බඩු ටික පහලට ඇදලා පහල කාමරේ හදලා දුන්නේ..... ඒ දොස්තර කෙනෙක් කරන දේවල් ද....."
"ම්ම්.... සමහර විට යාලුකමක් වෙන්නත් පුලුවන්....."
"ඒ ඇස් වල තියෙන්නේ යාලු කමක්මද කියලා තේරුම් ගන්න පුලුවන් තරුක මහත්තයාටම තමයි....."
"අනේ මන්දා...."
"ලෝකෙට බය වෙන්න එපා මහත්තයෝ...."
"කොහොම හරි කමක් නෑ මහත්තයා මං නැති කොට සතුටින් ඉන්න ඕනේ කියලයි මං හිතන්නේ....."
"මොකද්ද සුදුඅම්මේ ඒ කිව්වේ....?"
"තරුක මහත්තයාට වැදගත් දෙයක් කියන්න තියෙනවා.... මුලින්ම ඇතුලට යමුකෝ....."
"නෑ සුදු අම්මා මෙහෙම්ම කියන්න...."
"කලබල වෙන්න නම් එපා මහත්තයෝ හරිද..... මට මේ ගෙදරින් යන්න කියලා ලොකු මහත්තයා කිව්වා.... තරුක මහත්තයාව නසින් හෝම් එකකට දානවලු.... මහත්තයාට දවසක් හොද උනාම කම්පැනිය දෙනකල්.... ඒවා ලොකු මහත්තයාගේ කිව්වා.... ඒ නිසා එයා කියන විදිහට වැඩ කරන්නයි කියලත් කිව්වා...."
"සුදු අම්මා කොහෙවත් යන්නේ නෑ....."
"මට එහෙම කරන්න බලයක් නෑනේ තරුක මහත්තයො.... මං යන්නම් ඕනම වෙලාවක කතා කරන්න.... මට මහත්තයා මගේ දරුවා.... ඕන වෙලාවක හදිස්සියක් උනොත් එන්නම්.... තෙරුනාද"මාමා මාව හැම අතකින්ම හිරකරන්න හොයාගෙන තියෙන්නේ.... මටයි කියලා ඉන්න මිනිස්සු මගෙන් ඈත් කරන එක කියලා දැනෙද්දී.... මගේ ඇස් වල කදුලු පිරුනා.... තනිවෙන්න යන්නේ.... මං කලින් හිටියටත් වඩා අන්තෙට වැටෙන්න යන්නේ.....
"ස්..සුදු අම්මා කවද්ද යන්නේ...."
" හෙට යනවා මහත්තයෝ...."
"............................."
"අඩන්න එපා රත්තරනේ.... පුලුවන් නම් සුදු අම්මා වෙනුවෙන් එක දෙයක් කරන්න....."
"ම්...මොකද්ද....."
"ඔයාගේ තාත්තා මහන්සි වෙලා ගොඩනගපු දේවල් නැති කර ගන්න එපා.... මං නැති වුනාට දොස්තර මහත්තයා ඔයා එක්ක ඉදීවී.... දොස්තර මහත්තයාට හැමදේම කියන්න.... මහත්තයාගෙන් උදව් ඉල්ලන් ඇවිද්දා නැතා.... මේ වැටිලා ඉන්න තැනින් ගොඩ එන්න.... මගේ දරුවෙක් කියලා හිතන් කියන්නේ.... තරුක පුතේ ඔයා ඔහොම ඉන්න ඕනේ කෙනෙක් නෙවෙයි..... තේරුනාද..."
"............................"මං ඉකි ගහයි කියන බයට... කතා නොකර ඔලුව හෙලෙව්වා ඔව් කියන්න.... මට දුකයි වේදනයි.... වෙනදට මහත්තයෝ.... මහත්තයෝ.... ගාන සුදු අම්මා.... ඇස් වල කදුලු කැට පුරවගෙන.... දරුවෝ කිව්වා පුතේ කිව්වා.... මට වෙනදට නොදැනෙන බැදීමක් දැනෙද්දී.... දැන්නම් යන්න දෙන්න බෑ මයි කියලා හිතුනා.... ඒත් මං මොනවා කරන්නද.....
"ස්...සුදු අම්මේ... අපිට ගමනක් යන්න තියෙනවා.... සුනිල් මාමාට එන්න කියනවද...."
"කොහෙද මහත්තයො...."
"එක තැනක් නෙවෙයි තැන් දෙක තුනක්ම තියෙනවා.... අනිත් එක.... මට මහත්තයා කියන්න එපා.... මං අම්මා කියනවා එතකොට සුදු අම්මා පුතා කියලා නේ කියන්න ඕනේ...."
"හරි මයෙ පුතේ..... ගිහින් ලෑස්ති වෙමු...."මගේ ඔලුවත් අතගෑව සුදු අම්මා මාව ඇතුලට එක්කන් ගියා...
_________________________
මම^_^
Nara...

ESTÁS LEYENDO
Letter of November [yizhan] sinhala
Fanficආදරයයි වෛරයයි අතරේ තියෙන්නේ කෙස්ගහක වෙනසක් ඔයා තෝරාගන්නේ මොන පැත්තද එක තීරණය කරන්න පුළුවන් ඔයාටම විතරයි