20 chapter

55 10 1
                                    

"පොඩ්ඩී වතුර එකක් ලිපේ තියන්න අය්යට තේ හදන්න...."
"...................."

පොඩ්ඩි තාමත් ගල් වෙලා මගේ දිහා බලන් ඉදලා.... හැරිලා ගේ ඇතුලට ගියා....

"මගෙ පුතා කොහෙද මෙච්චර කල් හිටියේ..... කොහොමද අම්මව හොයා ගත්තේ...... අනේ මගෙ රත්තරං දැන් ලොකු ඉලන්දාරියෙක්නේ දෙය්යෝ....."

මගේ ලගින් වාඩි වුනු අම්මා.... මගේ අත් දෙකත් කිටි කිටියේ අල්ලගෙන.... මගේ මූන දිහා බලාගෙන කතා කලා.... කතා කලා කිව්වට කදුලු පොරවගෙන එක දිගටම කියෙව්වා..... මගේ මූන අත ගගා... මාව ඉඹ ඉඹ කියෙව්වා.... අම්මලා අප්පච්චිලා මාව අතෑරලා කියලා මං මෙච්චර කල් හිතන් ඉන්නකොට.... මගේ අම්මා අදටත් මගෙ පුතා.... රත්තරං කිය කිය කතා කරද්දී...... මට මේ ආදරෙ මගෑරුන අවුරුදු ගාන.... මට ආපහු ඇදලා ගන්න හිතුනා....

"මොනවා හරි කියන්න පුතේ.... නැත්තම් මේක දරා ගන්න බැරුව අම්මා මැරිලා යයි....."
"අනේ මොනවද අම්මේ කියන්නේ...."
"අනේ දෙය්යනේමගේ පන ඇත්තටම ඇවිත්....!"

ඒ එක්කම අම්මගේ ඇස් වල කදුලු පිරිලා... අම්මා මාව බදාගෙන අඩන්න ගත්තා....

"අනේ අම්මේ මොකද මේ අඩන්නේ...."
"උබ මේ දැන් කතා කරනකනුත් මගෙ හිත කිව්වේ මේක හීනයක් කියලා...."
"නෑ.... දැන් ආවේ ඇත්තටමයි...."

මං අඩන අම්මව බදාගෙන කියද්දී..... අම්මා කදුලු පිහ ගෙන මාව එයාගෙ පැත්තට හරව ගත්තා....

"කොහොමද පුතේ අපිව හොයා ගත්තේ...... උබවත් දන්නවද අප්පච්චි ඉන්න තැන....."
"කියන්න ගොඩක් දේවල් තියෙනවා අම්මේ.... අම්මා නොදන්න හැමදේම වගේ මං දන්නවා..... මට පටන් ගන්න තැනක් හිතා ගන්න බෑ.... අම්මාම පටන් ගන්න..... මං අපේ කතාවේ හිස් තැන් පුරවන්නම් අම්මේ....."

අම්මා ලොකු හුස්මක් ගද්දියි මතක් වුනේ.... වතුර ලිපේ තියන්න ගිය පොඩ්ඩි ආවෙ නෑ.....

"අම්මේ කෝ පොඩ්ඩි...."
"බය වෙලා ඇති උබව දැක්කේ පොඩි කාලෙනේ.... මං කතා කරන්නම්....."
"ම්ම්....."

අම්මා ඇදන් හිටිය සායෙන්ම.... මූන පිහගෙන පොඩ්ඩිව එක්ක එන්න ගියා.... මං ගේ වටේට ඇස් කැරකුවා.... පොඩි ගෙයක් වුනාට මොකද..... අම්මා හැමදාම වගේ අදත් මේ ගෙදරත් හරි ලස්සනට තියාගෙන ඉන්නවා.... ඒ එක්කම අම්මා පොඩ්ඩිව එක්කගෙන ආවා....

Letter of November  [yizhan] sinhalaWhere stories live. Discover now