"මහත්තයා කවුරු එනකල්ද බලන් ඉන්නේ...?"
"...................."
කවුදෝ ගෑනු කෙනෙක් කොහෙන්දෝ මන්දා ඇවිත් මගේ අතින් අල්ලන් කතා කලා....
"මහත්තයාව එව්වේ මගේ පුතා නේද.... මන් දැන ගත්තා මගෙ කොල්ලා අම්මාව හොයන් එයි කියලා....."
"සමා වෙන්න අම්මට වැරදිලා.... මම ආවෙ මගේ තාත්තාව හොයාගෙන...."
"නෑ නෑ මගෙ පුතා තමා මහත්තයාව එව්වේ..... කියන්න කියන්න මහත්තයා කොහෙද මගෙ පුතාව හැන්ගුවේ.... මාව එක්කන් යන්න මහත්තයෝ පුතා බලාගෙන ඇති....."
අවුරුදු හැත්තෑවක් විතර වුන ඒ අම්මා.... මගේ ලග දනින් වැටිලා අඩන්න ගත්තා.... කරන්න කිසිම ඩෙයක් හිතාගන්න බැරි වුනු මම මහ රෑ වටපිට බැලුවේ උදව්වට කෙනෙක් හොයා ගන්න...."කොහෙද චිත්රෝ ගියේ මන් හැමතැනම හෙව්වා....කෝ කෝ නැගිට්ටනම් ඔය මහත්තයාට කරදර නොකර...."
ඒ අම්මගේ වයසම මනුස්සයෙක් ඇවිත් අමාව නැගිට්ටවලා.... අත් දෙක එකතු කරලා වැදගෙන මගෙන් සමාව ඉල්ලුවා....
"අනේ සමාවෙන්න මහත්තයෝ මේ ගෑනි යන එන හැම මනුස්සයටම මෙහෙම කරදර කරනවනේ....."
"මොකද්ද මාමේ ප්රශ්නේ....?"
"කරුමේ තමා මහත්තයෝ... යන එනමක් නැතිව අවුරුදු දෙකකට කලින් මෙහෙ අතරමං උන දවසෙ ඉදලා මේ මනුස්සයාගෙත් මොලේ හොද නෑ.... "
"අතරමං උනා කිව්වේ...."
"එව්වා එලියට අදින්න ඔන කතා නෙවෙයි මහත්තයෝ..."
සිද්ද වෙන්න ඇති දේ නොකිව්වට හොද දෙයක් නොවිච්ච බව දැනුනා..... ඒත් පිස්සු හදෙන්න තරම් වෙච්ච දේ හිතා ගන්න බැරි වුනා....
"මහත්තයා මේ වෙලාවෙ මොකද කරන්නේ...."
"මගඇරුනු කෙනෙක්ව හොයාගෙන ආවා...."
"රූපයක් එහෙම තියෙයිද මහත්තයෝ.... අවුරුදු දෙකක් මෙතන වුන්න එකේ සමහර විට දැකලා ඇති...."
හරි හදිස්සියක් වගේ කලබලෙන් පර්ස් එක ගත්ත මම එකෙ තිබුනු හතරට නමපු අපැහැදිලි පින්තූරයක් අතට ගත්තා....මගේ වස්තුව..... මටයි කියලා පවුලක් හිටියයි කියන්න මට තියෙන එකම සාක්ෂිය.....
"මෙතන ඉන්න කවුරු හරිම දැකලා තියෙනවද මාමේ....?"
"ම්ම්....දැකලා නම් නෑ.... මහත්තයෝ ඒත් දවසක දැක්කොත්.... ගිහින් කියන්නම් මහ රෑක මෙතනට එයාලව හොයන් මහත්තයෙක් ආව කියලා.... අපිට නැතත් මහත්තයාට හරි හොයන කෙනා හම්බුවෙවී...."
"ඉස්තූතියි මාමේ...."
"මහත්තයා දැන් යනවාද.... ?"
"නැහැ... මගේ අප්පච්චිව මගඇරුනොත්...."
"මහත්තයා මේ බංකුවේ ඉන්න මෙකෙ හැමදාම ඉන්නෙ අපි දෙන්නා.... මහත්තයා අද ඉන්නකෝ...."
"............................"
අහම්බෙන් හම්බුනු ඒ අම්මටයි තාත්තටයි හිනා වෙලා මං ඒ බංකුව උඩ වාඩි වෙලා ලස්සන හදක් පායලා තියෙන තරු පිරුනු අහස දිහා බලන් හිටියා.... සම්බන්දයක් නැතත් තරු පිරුනු අහස දිහා බලාගෙන මිහිස්සූ කොච්චරනම් හීන මවනවාද....
අර වයසක අම්මයි තාත්තයි මගේ ලගින් වාඩි වුනා කිසිම සිහියක් නැති අම්මා ඔලුව කස කස වටපිට බලද්දී ඒ තාත්තත් මාත් එක්ක අහස දිහා බලන් හිටියා.....
"දන්නවාද මහත්තයෝ.... දුප්පත් අපේ හීනෙ වුනේ එකම පුතාව හොදට උගන්නලා ලොකු පොහොසතෙක් කරන්න..... අපි දුක් විද විද අපි එයාට පුලුවන් උපරිම සැප දුන්නා.... ඕනේ උනු විදිහටම පොහොසත් ලමයෙක් කලත් අපිට අමතක වුනා මහත්තයෝ අපෙ කොල්ලට හොද ගතිගුන කියලා දෙන්න.... හොදට ඉගන ගත්තු කොල්ලා ලොකු නෝනා කෙනෙක්ව බැන්දා....
පහු කාලෙක අපිට හරිහැටි නොසැලකුවත්.... එක දවසක් මයෙ කොල්ලා ගෙදර අවිත් කිව්වා.... අම්මාවයි තාත්තාවයි දලදාව වදින්න හෙට එක්කන් යන්නයි හිතන් ඉන්නේ උදෙන්ම ලෑස්ති වෙන්න කියලා....මහත්තයාට කියන්න මයෙ ගෑනි කොච්චර සතුටු වුනාද කියනවනම් එදා මුන්දැට නින්ද ගියෙත් නෑ.... එලි වෙනකල් කිව්වේ ඕන් බලන්න අපෙ මහත්තයා කොච්චර කිව්වත් අපෙ කොල්ලා අපිට පුදුම ආදරෙයි කියලා.... අනේ කොල්ලගෙ වෙනස තේරුනත් මොන දෙමව්පියෝ ද මහත්තයෝ දරුවො අවිශ්වාස කරන්නේ..... උදේ පාන්දරින්ම ගමෙන් ආව අපි... දවල් වෙද්දී දලදාව වදින්න ආවා.... දලදා මාලිගාව ඉස්සරහා අපිව බස්සුව කොල්ල කිව්වා අම්මලා වැදල අන්න අතනට එන්නකෝ මම එතන ඉන්නම් කියලා....
වැදගෙන කරගෙන ආව අපිව ගන්න කවුරුත් හිටියේ නෑ මහත්තයෝ.... උනු දේ තේරුම් ගියත්.... මේ ගෑනි පලි ගැහුවා නෑ මයෙ කොල්ලට වැඩක් වැටින්න ඇති පස්සේ අපිව ගන්න එයි කියලා..... අදටත් ආවේ නෑ මහත්තයෝ...."
අහස දිහා බලාගෙන එක හුස්මට කතා කරපු ඒ තාත්තා කදුලු පුරවගෙන හරි වේදනාවෙන් හිනා වුනා.....
"අපේ කරුමේ මහත්තයෝ....."
"ඉතින් මාමා ඇයි තාමත් බලන් ඉන්නේ...."
"දවසක හිත වෙනස් වෙලා ආපහු ආවොත් අපිව හොයාගන්න පුලුවන් වෙන්න බලන් ඉන්නවා මහත්තයෝ... අපි දෙමව්පියෝ නේ...."
පපුව පිච්චිලා යන්න ඇදුම් කෑවත් මන් ඔහේ අහස දිහා බලන් වුන්නා.... මොකද බිම බැලුවා නම් කදුලු කඩාවැටෙන්න ගියා.....
"මගෙ අප්පච්චිත් දවසක එයි මාමේ....."
කල්පනාවෙන් කල්පනාව එලිය වටිලා මිනිස්සු එහෙමෙහෙ දුවන්න ගත්තා... "කන්න මොනවත් හොයාගෙන එන්නම් මහත්තයෝ..."
"මාමේ මේ සල්ලි අරගන්න...."
"අනේ දෙයියනේ දලදා හාමුදුරුවෝම බලන්න ඔනේ මහත්තයාව..."
"මහත්තයා නෙවෙයි පුතා කියන්න මාමේ..."
"පුතා රත්තරං පුතෙක්...."
හිතේ තිබුනු හැගීම් ඒ වචන ගැන සැක කරද්දී මම නිහඬව ම යන එන මිනිස්සු දිහා බලන් වුන්නා....
.
.
.
.
.
.
.
"ඔබ ඇමතූ දුරකතන අංකය භාවිතයේ නොමැති...."
අද දවසට අප්පච්චිට කෝල් කරපු දහස් වෙනි වතාව වෙන්න ඇති වෙලාව හවස පහයි..... නුවර වැව ලගට එන හැම මනුස්සයාගේම ඇස් නැවතුනේ හිත් ඇස් හිරිවට්ටම නුවර වැව් වතුර මත හරි ඈත පේන හිත නිවන දලදාව ගාව හරි වෙන කොට මගේ ඇස් යන එන හැම මනුස්සයා ගාවම නැවතුනේ අප්පච්චිව හොයන ගමන්
"බ්ර්ර්.... බ්ර්ර්...."
ප්රවීන්ගෙන් කෝල් එකක්
"හෙලෝ ප්රවීන් ....."
"..............."
"ඇහැරුනාද...."
".............."
"ඇයි ආපහු නිදි පෙති දුන්නෙ......"
"................"
"මොකක් කලබල කර කර අඩන්න ගත්තා.....?"
_________________
මමNara
පොඩි ඒවා තමා දෙන්න වෙන්නෙ ලැප් එක කැඩිලා රෑට රෑ වෙලා මෙ ඵොනෙ එකෙන් ටයිප් කරන්නේ කමක් නෑනේ..
ආදරෙයි.....
කමෙන්ට් එකක් වෝට් එකක් දාගෙන යන්න.....
![](https://img.wattpad.com/cover/334051313-288-k661424.jpg)
YOU ARE READING
Letter of November [yizhan] sinhala
Fanfictionආදරයයි වෛරයයි අතරේ තියෙන්නේ කෙස්ගහක වෙනසක් ඔයා තෝරාගන්නේ මොන පැත්තද එක තීරණය කරන්න පුළුවන් ඔයාටම විතරයි