° Part 7

1K 168 23
                                    

" හරි හරි දැන් උබ ඕක වැඩිය හිතන්නෙපා "

ජිමින් පුලුවන් තරම්  ටේහියුන් ගෙ හිත හදන්න උත්සාහ කරා . ටේහියුන් ඕන තරම් ගුරුවරුන් ගෙන් ගුටිකාලා , බැනුම් අහලා තියෙනවා එත් අද ටේහියුන් වෙනස්.... මුලු දවසම අවුලෙන් හිටියේ . ටේහියුන් නිසා ජිමින් , professor  ජන්ග්කුක් ට පවා බැන්නා ...

ගුරුවරයෙක් ට බැන්න නිසා professor යුන්ගීත් , ජිමින්ට බැනලා එතැනින් එලෙව්වා . දැන් හොදටම රෑ වෙලා තිබුනා..... ටේහියුන් පාලම ලගට වෙලා මග රැකගෙන ඉන්නෙ ජන්ග්කුක් එනකල් . ටේහියුන් ගෙ හිතෙ තවම තරහා උතුරමින්  තියෙනවා .

මෙවෙනකොට ජන්ග්කුක් අමාරුවෙන් උනත්  යුනිවර්සිටි එකෙ උන ඒ සිද්දීය අමතක කරලා තිබුනා . දරුවෙක් ට ගහලා ජන්ග්කුක් පස්සෙ ඒ දරුවට හොදින් කතා කරනවා .. වැරද්ද තේරුම් කරලා..  නමුත් ජන්ග්කුක් , ටේහියුන් එක්ක කතා කරේ නැ . ටේහියුන්ට ගැහුව එක ගැන හිතෙ පොඩි දුකක් තිබ්බත් ජන්ග්කුක් වැඩිය හිතන්න ගියෙ නැ .




දුරකතන ඇමතුමකින් ....

ජන්ග්කුක්  : සූසී... ඔයා රෑට කෑම හදලාද නැත්තම් මං කඩේන් මොනාහරි ගෙන්නද ...
.

ජන්ග්කුක් , සූසී ... එයාගෙ බිරිදට කෝල් එකක් උනත් ගන්නෙ උවමනා දෙයකට විතරයී . අඩුම තරමෙ කැවද කියලවත් ජන්ග්කුක් අහන්නැ ..... ජන්ග්කුක්ට බඩගිනි දැනුන නිසා කෑම හදලා ඇතිද නැත්තම් නැද්ද කියලා හිතුව ජන්ග්කුක් සූසීට දුරකතන ඇමතුමක් ගත්තා . ගෙදර ගිය ගමන් කෑම කනවා කියලා හිතලා .

සූසී : අම්. ... ජන්ග්~~ .. ඩාලින්!! මං තාම හොස්පිටල් එකෙ...  *පැටියෝ ඔයා තා~~

සුසී ගෙ දුරකතන ඇමතුමෙන් තවත් පිරිමි කෙනෙක් ගෙ කටහඩක් ඇහෙද්දී ජන්ග්කුක් ගෙ ඇස් ලොකු උනා... ඒ පිරිමි එකා කියන්න හදන දේ නතර වෙනවාත් එක්කම ජන්ග්කුක් වාහනය පදවන එකත් නතර කරා .

ජන්ග්කුක් : සූසී... ඔයා හොස්පිටල් එකෙ නන් ඉන්නෙ ... මං එන්නම් ඔයාව ගන්න!!

ජන්ග්කුක් මෙ වෙනකල් සූසී රෑ කෑමටකවත් එලියට එක්කගෙන ගිහින් නැ . Anniversary day , birthday , එකටවත් තෑගි දිලා නැ. එත් අද ජන්ග්කුක් ගෙ හිතට අමුත්තක් දැනුනා . ජන්ග්කුක් ට ඕන උනා සූසී ඇත්තටම ඉන්නෙ කොහෙද කියලා දැනගන්න .

𝐓𝐇𝐄 𝐃𝐀𝐑𝐊 𝐁𝐑𝐈𝐃𝐆𝐄 | 𝚃𝙺 ☑️Where stories live. Discover now