Part 24

972 135 51
                                    

" ජන්ග්කුක් .... කෝ පොඩ්ඩක් එහාට වෙන්න "

පාඩම කියලා දෙන මුවාගෙන් කාමරේට ආව ජන්ග්කුක් හිටියෙ ටේහියුන්ගෙ උකුලේ....ඒ මුහුනට සියවතාවක් විතරක් හාදු තිබ්බා....කොණ්ඩේ අව්ස්ස අව්ස්ස...විකාර කතා ගොඩක් කියෙව්වා...සමහර එව්වට කෙන්තියක් හිතින් මවාගෙන ජන්ග්කුක්ම , ටේහියුන්ගෙ කොන්ඩේ හයියෙන් ඇද්දා...රිදෙන්න... ආයෙත් ඔලුව අතාගාමින් නළලට...ඔලුවට හාදු තිබ්බා...

ටේහියුන්ට හිතාගන්න බැහැ මේ ඉන්නෙ අවුරුදු විසිහයක විසිහතක මනුස්සයෙක් ද කියලා ....මොකද ඒ තරමට...පුදුම හුරතලයක් තිබුණෙ...

පොඩි කාලේ කවුරුත් හුරතල් කරලා නැති නිසාමද කොහෙදෝ....ජන්ග්කුක්ට ,ටේහියුන් ලග ඉද්දී....තමන්ට...තමන්වත් අමතක වුනා.... හිතෙ හැටියට හුරතල් උනා...විතරක් නෙවෙ ටේහියුන් හුරතල් කලා...

සරෝජාඅම්මා ඒවි කියලා බයටම ටේහියුන්... පොඩ්ඩක් එහාට වෙන්න කියලා ජන්ග්කුක්ට කිව්වත්...ජන්ග්කුක් කලේ ගස්සලා අහක බලාගත්ත එක....

" ඇත්තමයි... මැනික ඔයාව මට දැනෙන්නෙ....පොඩි ලමයෙක් ගානට...මටත් වඩා වැඩිමල් කියලා දැනෙන්නෙම නැ...නෙ "

ටේහියුන් එහෙම කියද්දී...ජන්ග්කුක් උකුලේන් නැකිටලා...ටේහියුන් ගෙ පොත් මේසය ලගට ගියා...

" එහෙමද ? ම්ම්ම් ඒක විකාරයක් වගෙද....සුදු

ඔයාට මාව එපා වෙයිද ටේහියුන්....
මන් එන්න එන්නම වයසට යනවා එතකොට ඔයාට මාව එපාවෙයිද? "

ජන්ග්කුක් එහෙම  ඇහුවේ...ටේහියුන් දිහා නොබලාමයි.

" සමහරවිට ...එතකොට මට පුලුවන්නෙ පොඩි කෙල්ලෙක් එක්ක සෙට් වෙන්න "

ටේහියුන් වැඩිය ගනන් නොගෙන කිව්වත්....ඒ වචන වලට ජන්ග්කුක් ගෙ හිත රිදුනා....ආදරේදී බොළද උන ජන්ග්කුක් ට අඩන්න හිතුනා...

" එක්කො...අපි මෙතැනින්ම නතර වෙමුද ටේහියුන් ! "

ජන්ග්කුක් ගෙ ඇස් වල කදුලු පිරිලා....පොඩි දේටත් හිත රිද්ද ගත්ත ජන්ග්කුක් ට.... ටේහියුන් ගෙන් ඈත් වෙන්න ඕන කියන හැගිමක් අවා... යටි හිත එපා එපා කිව්වත්....ජන්ග්කුක් ඒ හැගිම... වචන වලින් කියද්දී.... ටේහියුන් ඉදගත්ත තැනින් කෙන්තියෙන්  වගෙ නැගිට්ටා...

𝐓𝐇𝐄 𝐃𝐀𝐑𝐊 𝐁𝐑𝐈𝐃𝐆𝐄 | 𝚃𝙺 ☑️Where stories live. Discover now