Part 30

851 121 22
                                    


" ජිමින් ඕක නවත්තනවා!! මොන පිස්සුවක්ද මේ...අතහරිනවා ඕයි මගෙ  කොල්ලාව.."

යුන්ගී ගෙ කෙන්තිය කොතරම් ද කියනවා නන්....  යුන්ගී ගෙ අත් පවා වෙවලමින් තිබුණා....

ජන්ග්කුක් සහ ටේහියුන් කතා කරන්න කාමරෙට ගිය නිසා ... සාලේ ඉතුරු උනෙ ජිමින් විතරයි....චෙනුන්ග් හිටියේ කාමරෙ නිසා ජිමින්ටත් කම්මැලිමක් දැනුනා....ජිමින් දන්නවා අද යුන්ගී ඇවිත් ශිෂ්‍යයන් ට ඉගැන්නුවා කියලා නමුත් ජිමින් දැනන් හිටියේ නැ තවමත්  යුන්ගී සහ හොබි ගරාජ් එකෙ ඇතුලේ පෙම්සුව විදිමින් ඉන්නවා කියලා .

කම්මැලි නිසා ම මිදුලට ආව ජිමින්ට ඇහුනෙ සහ දැක්කෙ....සිනා හඩක් වගෙම...කලාතුරකින් දකින්න ලැබෙන යුන්ගී සිනාව...ජිමින් ගරාජ් එක ඇතුලට ආවත් යුන්ගී සහ හොබි.... ජිමින් ආව කියලාවත් තේරුනෙ නැ...ඒතරමට ඒ දෙන්නා හිටියේ ඒ දෙන්නාගෙ ප්‍රේම ලෝකයක තනිවෙලා .

අයිති නැ කියලා දැන දැනත්...එයාගෙ සතුට විතරක් පැතුව..දුරින් හරි ඉදන් ඒ රූපය දිහා බලාන ඉන්න...හිත හදාගන්න හැදුවාත්....කවදාවත් නැතිව...ජිමින් ගෙ හිත මුරන්ඩු උනා....ටිකක් නෙවෙ සැහෙන්න මුරන්ඩු උනා...

හොබි තම පෙම්වතා වුන යුන්ගී ගෙ දෙතොල් සිපගන්නවා ජිමින්ට බලාන ඉන්න බැරිව ගියා....ජිමින්ට දැනුනෙ පපුව පිච්චිලා යන තරම් වේදනාවක්...දරාගන්න බැරි තරම් හරි අමුතු වේදනාව...ක්..

තව දුරට හොබි සහ යුන්ගී ට ඔවුන්ගෙ ලෝකයෙ තනිවෙන්න බැරි උනා....මොකද ජිමින් ඇවිත් ,හොබි ගෙ කම්මුලට ගැහුව නිසා .... ඒ පහර නිසාම හොබි පුටු කිහිපයක් පෙරලගෙන බිමට වැටෙද්දී....යුන්ගී කලබල උනා විතරක් නෙවෙ යුන්ගී තරමක් බය උනා ජිමින් ඒ දෙන්නා සිපගන්නවා දැක්ක නිසා .


" මගෙ කොල්ලාව ? .... තමුසේ මගෙනෙ ඕයි... ඔව්  මට පිස්සු ... තමුසේ නිසා මට පිස්සු හැදිලා තියෙන්නේ.... පිස්සු හැදෙන තරමට මන් තමුසෙට ආදරේයි !! මොන කරුමෙට ද මන්දා මගෙ හිත තමුසෙට ආදරෙ කරන එක නතර කරගන්න බෑ "

යුන්ගී අවේගශිලිව ජිමින්වත් තල්ලු කරගෙන හොබිව නැගිට්ටවද්දී තමා මෙච්චර වෙලා කෙන්තියෙන් තමන් කරපු දේ ගැනවත් නොතේරුන ජිමින් හරි සිහියට අවේ.... යුන්ගී කෙන්තියෙන් කැගහනව ඇහෙද්දී....ජිමින් තම කොන්ඩේත් ඇදගනිමින්  ... යුන්ගී ට ආදරේ කරන එක නතර කරගන්න බැහැ කියලා පපුවත් අල්ලගෙන කැගැහුවේ අඩ අඩමයි...

𝐓𝐇𝐄 𝐃𝐀𝐑𝐊 𝐁𝐑𝐈𝐃𝐆𝐄 | 𝚃𝙺 ☑️Where stories live. Discover now