Part 17

1K 148 34
                                    

ජන්ග්කුක් සහ අම්මා එදාම හවස අත්තමාගෙ ගෙදර යන්න ලැස්ති උනා....පැයකට විතර පස්සෙ ඒ ගෙදරට එන්න පුලුවන් උනා....ජන්ග්කුක්ගෙ අවුරුදු ගානකට පස්සෙ තමා මේ ගෙදරට අඩිය තිබ්බෙ.
ජන්ග්කුක්ගෙ මුහුණෙ තියෙන හැගිම තේරුම් ගන්න හරි අමාරුයි . ඒ ඇස් වල දුක කියන දේ තිබ්බෙ නැති උනත්  කලකිරීමක් තිබුණා....

අද රෑට මිනිය අරන් එන නිසා නැදෑ හැමොම එකතු වෙලා මුලු ගෙදරම, වත්ත එහෙමත් අස්  කරලා තිබුණා.
ජන්ග්කුක්ගෙ ඇගිලි වෙවලන්නෙ මොන හේතුවට කියලා එයාටවත් තේරුණෙ.ඇගිලි වලට දාඩිය දලා තිබුණා...ජන්ග්කුක් බයෙන් වගෙම කලබලේන් වගෙම ඇගිලි දිහා බලලා...අත් දෙක පිටිපස්සට කරලා බැදගත්තා.

ජන්ග්කුක් පොඩි කාලේ ඉදන් මැරි කරලා යනකල්ම හිටියෙ අත්තම්මාගෙ ගෙදර ...වෙන ලමයි අත්තාම්මාට හරි ආදරේයි ....එයාලා එක්ක කතා කරනවා , කතන්දර අහාගන්නවා විහිලු කරගන්නවා. එතරම් ආදරයක් අත්තම්මා ගෙන් ලබන්න ජන්ග්කුක් ට වාසනාවක් තිබ්බෙ නැ ජන්ග්කුක් ආස උනත්...

පිටතින් බලන ඕනම කෙනෙක්ට තේරෙන්නෙ  මේ ගෙදර මිනිස්සු මෙච්චර හිනාවෙලා සතුටින් ඉන්න පවුලක් කියලා ඒ තරමට මෙ ගෙදර මිනිස්සුන්ගෙ රගපෑම හොදයි... අඩුවකට තිබ්බෙ රගපාන තැන කැමරාවක් නොතිබ්බ එක නැතිනන් මෙලහටත් සම්මාන පිට සම්මාන ලැබිලා . කොච්චරවත් හොද මිනිස්සු වගෙ රපෑවට උන්ට තිබ්බෙම සත්තුන්ටත් එහාට ගිය ගතිගුණ. ඒ පැත්තෙම, ඒ ගමෙන්ම මිනිස්සුගෙ හොද හිත දිගෙන හිටිය එකම පවුල!!  එත් කවුරුත් දන්නෙ නැ ඒක තනිකරම අපායක් කියලා . හිනාවෙන් වහාගෙන හිටිය උන්ට තිබ්බෙම අමනුෂ්‍ය ගනිගුණ....

ජන්ග්කුක්ගෙ අම්මා නැදෑයො බදාගෙන අඩද්දී...ජන්ග්කුක් එයාගෙ පරණ කාමරේට යන්න සුදානම් උනත්...ජන්ග්කුක්ගෙ හිතට ආයෙ බයක් දැනුනා. ජන්ග්කුක් ලෙඩ උනෙ අද ඊයෙක නෙවෙ...ජන්ග්කුක් කලේම ලෙඩක් නැති ගානට හිතත් රවට්ටගෙන උන්නු එක.. නමුත් දැන් ජන්ග්කුක් ට අමතක වෙලා තිබ්බ පොඩි කාලේ සිදුවිම් කිහිපයක් මතකෙට ආවා....
 

ජන්ග්කුක් කාමරේට ඇවිත් දෝර ලොක් කෙරුවා.කාමරේ පරණ සුවදයි... කාමරේ තනිකරම අදුරට ගිහින් තිබුනා....ජන්ග්කුක් ඇඩුවෙ නැ එත් ඇස් වල කදුලු පිරිලා තිබුණා....කදුලු පිරිච්ච වලින් වලින් විදුලි පිරිලා...විනාසවෙලා ගිහින්  තියෙන තමන් ඉස්සර නිදහසේ හිටිය තැන..නිදහසේ හුස්ම ගත්ත..ඒ කාමරේ දිහා හොදට බැලුවා....

𝐓𝐇𝐄 𝐃𝐀𝐑𝐊 𝐁𝐑𝐈𝐃𝐆𝐄 | 𝚃𝙺 ☑️Where stories live. Discover now