Part 48

707 117 44
                                    


ජිමින් යාලුවෝ එක්ක සතුටින් ගෙදර ගියාට ආයෙ ගෙදරින් එලියට යන්න  උනෙ හිතත් රිදවගෙන.... කුවාශ් ,ගිම්නාත් සහ සුවාජ් යාලුවෝ තුන්දෙනාව ගෙදර යවලා... ජිමින් වැස්සෙම ඔහේ ඇවිදගෙන ගියෙ ජිවිතේ වැටෙන්නොන බිංදුවටම වැටිලා තියෙද්දී....කොල්ලෙක් විදියට හැමපැත්තෙන්ම  අසාර්ථකම වෙලා තියෙද්දී...ජිමින්ට ජිවිතේ කලකිරුනා....මැරිලා යන්න තරම් හිතෙද්දී...පාරෙ එහා මෙහා යන වාහන දිහා ජිමින් හිස් හැගිමකින් බලන් හිටියා....ජිමින්ට මැරිලා යන්න ඕන එත් ඒ වේදනාව ට බයයි...ජිමින් විතරක් නෙවෙ සත්තු පවා මරණය ට බයයි...හැමොටම උත්සවය කරන්නෙ  කොහොම හරි  ජිවිතේ රැකගන්න....

ජිමින්ට ඇවිදගෙන යද්දී හම්බුනෙ අවුරුදු ගානක් තිස්සෙ වහලා දලා තියෙන පල්ලියක්.... පරණ මතකය ගැන හිත හිත පල්ලීයෙ කැඩිලා ගිය ගල් බංකුව උඩ ඉදගත්ත ජිමින් කැගහලා ඇඩුවා....

" ඇයි දෙයියනේ මටම මෙහෙම වෙන්නෙ..... මට හැමදේම එපා වෙලා තියෙන්නේ... මෙච්චර දුක් විදෙන්නෙ මොකද මැරිලවත් ගියා නම් "

ජිමින් පලවෙනි ආදරේ අසාර්ථක උනා....ගෙදර අයගෙන් පවා ආදරයක් රැකවරණයක් නොලබුව ජිමින්....සරෝජාඅම්මා ව හොයාගෙන යන්න හිතුනා එත් ජිමින්ට ඇවිදගන්නවත් ඇගට පනක් නැහැ....

ජිමින් ගෙදර ගියෙ ගොඩක් සතුටින් මොකද අම්මා කතා කරලා එන්න කිව්ව නිසා..යාලුවෝ පවා සතුටු උනෙ හැමදේම විසදෙන්න යනවා කියලා හිතලා..ඒත් උනෙ නොහිතු දෙයක්...

මේ වෙනකොටත් ජිමින් ගෙ තාත්තා ගෙ බිස්නස් සේරම කඩන් වැටිලා තිබුනා... ඒ වගෙම හැම පැත්තෙන්ම ගෙවා ගන්න බැරි තරම් ණය පිරිලා තිබුනා.... මේ හැමදේටම තිබුන එක විසදුම අවුරුදු ගානක් පරම්පරාවෙන් අරගෙන ආව ඒ බිස්නස් සේරම ණය කාරන්ට දෙන්න වෙන එක....

මේවා ගැන හිතලාම අම්මා අසනිප වෙලා තිබුනා.....ජිමින් ගෙ තාත්තා ලග ඉතුරු වෙලා තිබුනෙ ජිමින් වෙනුවෙන් ඉතුරු කරපු සල්ලී විතරයි.... ජිමින්ගෙ අම්මගෙ අවසාන සැලැස්ම උනෙ ඒ සල්ලී දැන් ඉන්න ගෙදරයි විකුණලා වෙන රටකට ගිහින් ජිවත් වෙන්න....

ජිමින් අන්තිම වෙනකල් බලන් හිටියා හිතෙ බලාපොරොත්තු ගොන්නක් තියාන  තමන්ගෙ දෙමාපියන් වෙනුවෙන්...ඒක තත්පරයක් හරි තමන්ට පුතා කියලා ආදරේන් කතා කරාවි කියලා...අඩුම අතරමේ එකම එකම වැලදගැනිමක්... සමහර වෙලාවට ඕන වෙන්නෙ උපදෙස්වත් ආදරණිය වදන් නෙවෙ.... ඒකම වැලදගැනිමක් ලැබුනොත් හිත නිවෙනවා...තනිවෙලා නැ කියලා හිතට  දැනෙනවා!! ඉතින් ඒකම මදීදි වැටිලා ඉන්න තැනින් ගොඩ එන්න හිත ශක්තිමත් කරගන්න....

𝐓𝐇𝐄 𝐃𝐀𝐑𝐊 𝐁𝐑𝐈𝐃𝐆𝐄 | 𝚃𝙺 ☑️Where stories live. Discover now