Part 58

705 114 23
                                    

" ඒ ලමයෝ මොකද මේ ...

ජන්ග්කුක් ඇයි ඔයාගෙන් සමාව ගන්නෙ...මෙ දරුවා.. ආ

දෙයියනේ හුස්ම ගනින් ජන්ග්කුක්!

පුතෙ...

අනෙ ටේහියුන් වතුර එකක් ගනෙන්කො... "

ක්ලාරා සමාව ඉල්ලමින් අඩන්නෙ ඇයි ... ජන්ග්කුක් කලබල වෙලා ඉන්නෙ ඇයි .... සරෝජාඅම්මා ට මුකුත් තෙරුම් ගන්න බැරි උනා ඒක පාරටම මෙහෙම ක්ලාරා අඩන්න ගත්ත නිසා....

ක්ලාරා ඇවිත් ජන්ග්කුක්ගෙ කකුල් දෙක අල්ලමින් අඩද්දී....ජන්ග්කුක් ට හුස්ම ගන්න අමාරු උනා... ජන්ග්කුක් ට දැනුනා ටිකෙක් ටික හුස්ම ගිලිහෙනවා කියලා  .... පපුවෙන් දැනෙන වේදනාව එක්ක කෑම මේසයට වාරු වෙද්දී ... ජන්ග්කුක් පුටුවත් පෙරලන් වැටෙන්න යද්දී... සරෝජාඅම්මා කලබල උනා..වගෙම ඉක්මන් උන සරෝජාඅම්මා සහ ක්ලාරා ජන්ග්කුක් ව අල්ලගත්ත....
ජන්ග්කුක්ව වැටෙන්න නොදි අල්ලගෙන ටේහියුන් ට කැගැහුවා වතුර ටිකක් ගෙන්න කියලා ...

ටේහියුන් ගෙ ඇස් ඉස්සරහම ජන්ග්කුක්ට ආයෙම හුස්ම අමාරු වෙද්දී.... ටේහියුන් සැහෙන්න අසරණ උනා...මන් දැන් මොකද්ද කරන්න ඕන කියලා හිතමින් ටේහියුන් බය උනා....ටේහියුන්ගෙ ලොකුම දුර්වලකම ජන්ග්කුක්!!  සරෝජාඅම්මා වතුර ඉල්ලලද්දී...ටේහියුන් කලබලෙන් වතුර වීදුරුවත් අරගෙන ජන්ග්කුක් ලගට ලං උනා....ජන්ග්කුක්ට වතුර උගුරු කිහිපයක් පොවලා.... මුහුනෙ සහ බෙල්ලෙ වතුර ගාමින්  සරෝජාඅම්මා , ජන්ග්කුක් පපුව අතගෑවා....ජන්ග්කුක්ට මෙහෙම හුස්ම ගන්න අමාරු උන එක ක්ලාරා ට නම් පුදුමයක් නොවුනා නමුත් ක්ලාරා දුකින් කදුලු පිරුණු ඇස් වලින් ජන්ග්කුක් දිහා බලන් හිටියා .

" ජන්ග්කුක් ... දරුවෝ...
නැගිටින්න... ජන්ග්කුක් පුතෙ "

සරෝජාඅම්මා ආදරෙන් කතා කරමින්  , ජන්ග්කුක් ගෙ  කම්මුලට නොරිදෙන ගානට තට්ටු කරා....සරෝජාඅම්මා ගෙන් කටහඩින් ජන්ග්කුක් හරි සිහියට ආවා වගෙම ජන්ග්කුක් ගෙ මුලු ඇගම තෙත් වෙන විදියට දාඩිය දාලා තිබ්බා.... ක්ලාරා හරිම දුකින් ,ජන්ග්කුක් ගෙ ඔලුව සහ පිට අතගෑවා... තමන් ගෙ ඇස් වලින් වැටෙන කදුලු පිහිද පිහිද ජන්ග්කුක් ගෙ ඔලුව අතගාලා.... ඒ නළලට හාදුවක් තිබ්බා....

𝐓𝐇𝐄 𝐃𝐀𝐑𝐊 𝐁𝐑𝐈𝐃𝐆𝐄 | 𝚃𝙺 ☑️Where stories live. Discover now