Part 39

721 113 17
                                    

ටේහියුන් හිටියේ ජන්ග්කුක්ගෙ කාමරෙ...යාලුවෝ ටික හිටිය නිසා කිසිම බයක් ප්‍රශ්නයක් නැතිව ටේහියුන් සහ ජන්ග්කුක් ට පාටියෙ වෙලාවේදි තනිවෙන්න පුලුවන් උනා...

" අනෙ...සුදු මහාත්තයා මේක හරි ලස්සනයි... ඇත්තටම ලස්සනයි "

ටේහියුන් දුන්න තෑග්ග ගැන වර්ණනා කරමින් ජන්ග්කුක් ඒ දිහා සතුටින් බලන් හිටියා .  ජන්ග්කුක් දන්න තරමින් ටේහියුන් ට චිත්‍ර අදින්න බැහැ....එත් ජන්ග්කුක්ට චිත්‍රයක්  ටේහියුන් තෑගි කරලා තිබුනා.... ටේහියුන් හිටියේ ගොඩක් සතුටින් ජන්ග්කුක්  තමන්ව වර්ණනා කරන නිසා .

" ඒක නෙවෙ...ඔයාට චිත්‍ර අදින්න පුලුවන් කියලා මම දන්නෙ නැනෙ....මෙ චිත්‍රය හරි ලස්සනයි ටේහියුන් ඔයා ගොඩක් මහාන්සි වෙන්න ඇති නෙද....අනික එක්සෑම් අස්සෙ. "

ජන්ග්කුක් ආයෙම ටේහියුන් වර්ණනා කලේ ඇත්තටම නෙවෙ...ජන්ග්කුක්ට දැනගන්න ඕන උනෙ ටේහියුන් ම ද මේ චිත්‍රය ඇන්දේ කියලා මොකද එක්සෑම් අස්සෙ මේ වගෙ දෙයකට අවදානය දෙන්න බැරි නිසා .

" ආඅ ඔයා ඒකට කැමැති ද
ජන්ග්කුක්  "

ටේහියුන් ,ජන්ග්කුක් ගෙ එක් කම්මුලක් අතගාමින් අහද්දී....ජන්ග්කුක් ඔලුව ඉහල පහල කලේ ටේහියුන් ඇහුව ප්‍රශ්නෙ ට
" ඔව් " කියන්න වගෙ.

ටේහියුන් ආදරේ පිරුණු ඇස් වලින් ජන්ග්කුක් දිහා බලාගෙන හිටියේ ජන්ග්කුක් ගෙ කම්මුල අතගාන ගමනුයි... ටේහියුන් කම්මුල අල්ල කොට ජන්ග්කුක් සනීපයක්  දැනුනෙ නෑ....ටේහියුන් ඒ රෝස කම්මුල් ඇල්ලුවෙ ගොඩක් හිමිට හරියට ජන්ග්කුක් ට රිදෙවීදෝ කියලා බයෙන්...එත් ජන්ග්කුක් ට රිදුනා කම්මුල නෙවෙ...හිත

ජන්ග්කුක් තමන්ගෙ කම්මුලෙන් ටේහියුන් ගෙ අත අයින් කරලා....ජන්ග්කුක් තම අත් දෙකෙන්ම ටේහියුන් ගෙ අතෙ අල්ල බැලුවා....

" අනෙ....ටේහියුන් "

ජන්ග්කුක් ට එහෙම කියවුනෙ ඉබේමයි...ටේහියුන් ගෙ අත් දෙකෙම  කරගැට තියෙනවා වගෙම සමහර කරගැට පිපිරිලා තුවාලේ වේලිලා තිබුනා....

" අනෙ රිදෙනවා ද මහාත්තයො "

වයස විසිපහක් උන ජන්ග්කුක් ගෙ අතේවත් කරගැට නැ....එත් ටේහියුන් ගෙ අත් දැක්කට පස්සෙ ජන්ග්කුක් ට තමන්ගෙ කුඩා කාලයේ වේදනාබර මතකයන් සිහිවෙන්නට පටන් ගත්තා.

𝐓𝐇𝐄 𝐃𝐀𝐑𝐊 𝐁𝐑𝐈𝐃𝐆𝐄 | 𝚃𝙺 ☑️Where stories live. Discover now