Part 10

1.1K 155 16
                                    

" එදා ඔයාව බය කරපු එකට...මං සමාව ඉල්ලුවාත් මම කොයි මොහොතකදීවත් ඒ දේට පසුතැවෙන්නැ.... ඒ සිද්දිය නිසා මගෙ ජිවිතේ වෙනස් උනා කිව්වොත් විශ්වාස කරනවාද...ඒකත් මෙච්චර ඉක්මනට මටවත් හිතාගන්න බැරි විදිහට !! "

ටේහියුන්ට එහෙම කියද්දී ජන්ග්කුක් ගෙ දිලිසෙන  ඇස් ගැස්සෙනවා  ටේහියුන් දැක්කා...ජන්ග්කුක් එතැනින් ටේහියුන්ට සමුදීලා ගියෙ පාලම ලග තවත් අමතක නොවන මතකයක් දීලා.....

Taehyung 's POV

ජන්ග්කුක් එතැනින් ගියාට පස්සෙ මං පාලමෙ ගැට්ට උඩ ඉදගෙන අහස දිහා බැලුවේ මටම මෙ මොකද්ද වෙන්නෙ කියලා හිතාගන්න බැරුව....

ආදරේ කියන දේට මං වෛර කරන්න පටන් ගත්තෙ තාත්තා කියන තිරිසනා නිසා උනත් මං හිතුවෙ මට අම්මා වගෙම අහිංසක ගෑනු ලමයෙක්  හම්බෙන්න කියලා . අම්මා තමා මගෙ ජිවිතේ ම . මම කොල්ලෙක් උනත් මට කෙල්ලෙක්ට වඩා ජිවිතේ ගැන හීන තිබ්බා... ඒ සේරම මගෙ තාත්තා නිසා ඇස් ඉස්සරහා ම  අලුවෙලා යද්දී ආයෙම ඒ හීන ගැන හිතන්න ඕන උනෙ නැ....මන් හීන දකින්න බය හිතුනා....හිතෙ තිව්ව බලාපොරොත්තු , හීන නැතිවෙලා යද්දී දැනෙන දුක!! ඇත්තටම ඒ වේදනාව මම ආයෙ විදින්න කැමති නැ....

" බොන්න එපා පුතෙ!! නවත්තපන්කො මගෙ දරුවෝ " කියලා අම්මා බැන්නත් කිව්වත්.....
""' මං බොන්නෙ හිතෙ වේදනාව ට අම්මෙ ""' කියන්න හිතුනා...එත් මට බැ මං දුර්වලයෙක් කියලා පෙන්නන්න.... මං කොච්චර තාත්තා ට වෛර කලා උනත්..මං තාත්තා ගෙ ආදරේට ලොබයි. අම්මායි තාත්තා යි හුරතල් වෙන්න ආසයි..එත් ඒකත් හීනයක් විතර උනාම මගෙ අනිත් හීන ගැන කවර කතාද..

පොඩි කාලේ ඉස්කොලේ යනකොට අනිත් කොල්ලො කෙල්ලො උන්ගෙ අම්මා තාත්තා එක්ක අත්වල එල්ලීගෙන යනවා දකිද්දී පොඩි කාලේ ඇහැට කදුලූ ඉනුවත්.... කාලයක් යද්දී ඒ පොඩි එවුන්ම තැන් තැන් වල ඉදගෙන බිඩීය උරද්දී කෙල්ලො කොල්ලො එක්ක ආදරේ කියලා හිතාගෙන රාගයෙන් වෙලෙද්දී මගෙ මුහුනෙ නන් ඇදුනෙ නොකාඩ්ඩු හිනාවක්!!....මූන්ගෙ දෙමාපියන් පව්....

ජන්ග්කුක් දැක්ක මුල් දවසෙම මං එයාට ආකර්ශනය වෙද්දී...හිත ඒ තත්ත්පරයෙන් රිදුනෙ ජන්ග්කුක් බැදපු මනුස්සයෙක් කියලා දැනගද්දී....අම්මා වගෙ ගැනු ලමයෙක් හෙම්බෙන්න කියලා ප්‍රාර්ථනා කරපු මම ජන්ග්කුක් ගෙ පිරිමි රූවට වහ වැටිලා .

𝐓𝐇𝐄 𝐃𝐀𝐑𝐊 𝐁𝐑𝐈𝐃𝐆𝐄 | 𝚃𝙺 ☑️Where stories live. Discover now