Part 34

815 122 78
                                    


යුන්ගී , ජන්ග්කුක් ව අරන් ගිහින් තිබුණෙ සූසී වැඩ කරන private  හොස්පිටල් එකට. සූසීට වෙනත් කෙනෙකු සමග අනියම් සම්බන්ධයක් තිබ්බත් ඒ ගැන හොස්පිටල් එකෙ කවුරුත්ම දැන හිටියේ නැහැ....සුසී කැමති උනෙ නෑ වැඩ කරන තැන නරක නාමයක් ඇති කරගන්න...ඒකයි පුලුවන් තරම් ජන්ග්කුක් ගෙ පැත්තට ම වැරදි දැම්මෙ....

ජන්ග්කුක් හොස්පිටල් එකට අරන් එනවාත් එක්කම සූසීට ඒක දැන ගන්න ලැබුනා ජන්ග්කුක් ට අමාරු වෙලා හොස්පිටල් අරගෙන අවා කියලා .. නීතියෙන් වෙන් නොවුනත් තවම ඔවුන් අඹුසැමියන්....

ටේහියුන් බයික්  එක පැද්දෙ  පුදුම වේගයකින්....අදුරු වැටුනු පාලමෙන් යද්දී දෙපාරක් ම ටේහියුන් ගෙ අතින් බයික් එක බැලන්ස් නැතිව වැටෙන්න ගියේ....ඇස්වලන් වැටෙන  කදුලු නිසා හැමදේම පෙනුනෙ බොදවෙලා ...

" අයියේ..... "

" අඩේ...අර කොල්ලා වැටුනා...වැටුනා බන්!! "

" ,හයි....යෝ..."

තනි අතින් බයික් එක පදවන ගමන් ටේහියුන් අනෙක් අතින් කදුලු පිහිදැම්මා.... ටේහියුන් ට මැවුනෙම ජන්ග්කුක් අමාරුවෙන් හුස්ම ගත්ත හැටි....තමන්ගෙ ඇදුමෙන් ඇද ඇද ටේහියුන් මට හුස්ම ගන්න අමාරුයි කියලා කිව්ව හැටි....

ටේහියුන් ආදරේ කරන්න ජිවිතේ විදින්න පටන් ගත්තා විතරයි ඒත් මේ ගෙවුන ටික දවසට උනේ පුදුම දේවල්...

තුන්වෙනි පාරටත් ටේහියුන් ට බයික් එක පාලනය නොවි ටේහියුන් වේගයෙන් ගිය බයික් එකෙන් වැටුනා....ටේහියුන් බයික් එක පාලනය නොවුනා නෙවෙ.... ජන්ග්කුක් විදින වේදනාව දැක දැක ටේහියුන් බයික් එක පදින්න අමාරු උනා....ජන්ග්කුක් ට අමාරු ඇතිද...දැන් සිහිය ඇවිත් ඇතිද...දැන් හුස්ම ගන්න පුලුවන් ඇති නෙද....ටේහියුන් බයික් එකෙ පැද්දෙම එවා ගැන හිතමින්....

වාසනාවට ටේහියුන් ට බාහිරෙන් කිසිම තුවාලයක් නොවුනත්...ටේහියුන් දකුණ කකුලේ න් හොල්ලන්නවත් බැරි තරම් වේදනාවක් දැනුනා....ටේහියුන් වැටුන පාරට බයික් එක තව පැත්තකට...ටේහියුන් තවත් පැත්තකට විසික් වෙද්දී...පාලම ලග හිටිය කොල්ලො දෙතුන් දෙනා ටේහියුන් ලගට දුවගෙන අවා...

𝐓𝐇𝐄 𝐃𝐀𝐑𝐊 𝐁𝐑𝐈𝐃𝐆𝐄 | 𝚃𝙺 ☑️Where stories live. Discover now