Part 66

806 113 210
                                    

****

හරියටම සතියක් ගෙවුනා!! මේ සතිය ඇතුලත ජන්ග්කුක් කතා කරේ උපරිම වචන දෙකක් තුනක් වගෙ....ජන්ග්කුක් ට ඕන උනෙ මේ හැමදේකින්ම පැනලා යන්න.... ටේහියුන් හැමතිස්සෙම වගෙ ජන්ග්කුක් එක්ක කතා කරන්න ආවත්....ජන්ග්කුක් අකැමැති උනා.....ජන්ග්කුක් පුදුම විදියට ටේහියුන් ව මගහැරියා.....

ගිම්නාත් ට පවා දැන් සුව වෙලා තියෙද්දී....ආයෙම හැමදේම හොදින් සිදුවෙමින් තිබුනා.....බිස්නස් වැඩ ටිකත් හිමින් හිමින් කරගෙන ගියා වගෙම කේක් කඩේ ඕපන් එකත් තවත් කල් ගියා.

ජන්ග්කුක් තනි කරන්න බැරි නිසාම සරෝජාඅම්මා ගිහින් ජන්ග්කුක් ගෙදර දවස් කිහිපයකට නතර වුනා.....

ජන්ග්කුක් පොඩ්ඩක් හරි හිත හදාගෙන කලින් වගෙ ඉන්න උත්සාහ කරේ සරෝජාඅම්මා නිසායි.....

ජන්ග්කුක් overthinking කියලා ටේහියුන් දන්න නිසාම ටේහියුන් කලේම ජන්ග්කුක් සනසවන්න හදපු එක උනත්....ඒ හැම උත්සාහයක්ම අසාර්ථක උනා වගෙම ජන්ග්කුක් ,ටේහියුන් ව දකින්නත් අකැමැති උනා හේතුවක් නැතිවම.....

සරෝජාඅම්මා පුලුවන් තරම් ජන්ග්කුක්ට ලං උනත් මේ දවස් ටිකට... ජන්ග්කුක් ගෙ සනසන ඒ හිත එක  තත්පරයෙන් ජන්ග්කුක් ගෙ අම්මා කඩලා දැම්මා. කෝල් කර කර ඒ ප්‍රශ්නෙ නිසා ඇති උන ලැජ්ජාවට ජන්ග්කුක් ට සැරෙන් සැරෙ බැන්නා....

මේ උන හැම දෙයක්ම හිනයක් වගෙ ජන්ග්කුක්ට දැනුනා...කොච්චර හිත හදාගන්න උත්සාහ කරත්...තමන්ම තමන්ගෙ තුවාල උන හිත සනස ගන්න හැදුවත්....ජන්ග්කුක් තනිවෙන හැමවෙලාවේම ඒ සිද්දිය ජන්ග්කුක් ගෙ මනසට වද දුන්නා.....

එදා ජන්ග්කුක් විතරක් නෙවෙ ටේහියුන් මොනතරම් අසරණ උනාද කියලා මතක් වෙද්දී  ජන්ග්කුක් ට තමන් එක්කම ලොකු තරහාවක් ඇති උනා.....  ටේහියුන් ව එහෙම තැනකට ඇදලා දැම්මෙ තමන් කියලා හිතුව ජන්ග්කුක් තමන්ටම වෛර බදින්න පටන් ගත්තා.....

එත් සරෝජාඅම්මා කියන්නෙම ලස්සන හදවත් තියෙන ගැහැනියක්! කාටවත් තේරුම් ගන්න බැරුව ගිය ජන්ග්කුක් ගෙ හිත හරි ඉක්මනට සරෝජාඅම්මා තේරුම් ගත්තා....

𝐓𝐇𝐄 𝐃𝐀𝐑𝐊 𝐁𝐑𝐈𝐃𝐆𝐄 | 𝚃𝙺 ☑️Where stories live. Discover now